Khoya Khoya Chand....
ගීතය: කොයා කොයා චාන්ද්
උපුටා ගත් චිත්‍රපටිය: කලා බසාර් (1960)
රංගනය : දේව් ආනන්ද් / වහීදා රෙහෙමාන්
ගායනය : මොහොමඞ් රාෆි ගීත රචනය: ෂයිලේන්ද්‍ර සංගීතය: ඇස් ඩී බර්මන්
|
Dev Anand
|
|
Waheeda Reheman |
|
Mohomad Rafi |
|
Shailendra |
|
S.D. Burman
|
හිස් ගුවනේ නැතිවූ සඳ
මුළු රාත්‍රියම පියඹා යන්නේ ඔබේ දෑස ඉදිරියෙනි කෙසේද ඔබ එවිට සුවසේ නිදන්නේ? අහෝ අහිමිවූ සඳ
සුළඟ හමා යන්නේ මත්වූ ලෙසිනි මගේ හදවත් පුෂ්පය දැන් විකසිතය මගේ ආත්මය පුරාම දිව යන්නේ කැළඹීමකි ඒ නිසාම මා ඇයට කතා කළ යුතුය අහෝ අහිමිවූ සඳ
තාරකා ගමන් කරයි, දෑස දකින දසුන්ද ගමන් කරයි ඒ හැමෙකක්ම මා හා ගමන් කරයි එහෙත් හැම දිසාවකින්ම පෙනෙන සලකුණුවලින් මට හැඟෙන්නේ මා වෙනත් කිසිවකුට හිමි බවයි අහෝ අහිමිවූ සඳ
මෙවැනි වැසි ඇති රාත්‍රීන්හී ඇය මා පසෙකින් සිටියා නම් අතින් අත ගෙන මම මගේ මුළු හදවතින්ම ඇයට මෙසේ කියන්නෙමි දැන් ඔබ මට වද නොදිය යුතු බව තවත් අහෝ අහිමිවූ සඳ
මට ඇයට නොපෙනී සැඟවී යා හැකියි එකද වදනක්වත් නොකියා ඇයට ඇය නිසලව හිඳ සිටීවි ඒ අතරේදී කවුරු හෝ ඇයට කියාවි මාව මෙසේ පරීක්‍ෂා නොකළ යුතු බව
හිස් ගුවනේ නැතිවූ සඳ