Friday, November 25, 2022

මිනිස් සිරුර ගැන කරුණු පහලවක් - 15 Points about the Human Body

                                         


  1. ඔබේ මුඛය දිනකට ඛේටය (කෙළ) ලීටරයක පමණ ප්‍රමාණයක් 

    නිපදවයි.

                      

Your mouth produces about one litre of saliva per day.

2. ඇතැම් අවස්ථාවල දී ඔබේ මොළය ඔබ අවදියෙන් සිටිනවාට වඩා ඔබේ නින්දේ දී වැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්වයි.

                        


Sometimes your brain shows more activity in your sleep than when you are awake.

3. මිනිස් සිරුර තුළ ඇති රුධිර නාළ දිග හැර අන්ත දෙක එක මත එක තැබූ විට ඒ සම්පූර්ණ දිග පෘථිවි නිරක්ෂය මෙන් සිව් ගුණයක් වේ. 

                                

When the blood vessels in the human body are stretched out and the two ends are placed on top of each other, the total length is four times the diameter of the earth.

4. පේශීන් හඳුන්වන “මස්ල්” (muscle) යන යෙදුම ලැබී ඇත්තේ ලතින් භාෂාවෙනි. එහි අරුත වන්නේ “කුඩා මීයා” යන්නයි. 

                         

The term muscle is derived from Latin. It means 'little mouse'.

5. සාමාන්‍ය මිනිස් සිරුරෙන් සියුම් ආලෝකයක් විහිදෙයි. එය පියවි ඇසින් දැකිය නොහැකියි.

                    

A subtle light radiates from the normal human body. It cannot be seen by the naked eye.

6. මිනිස් උදර කුහරය ආශ්‍රිතව විවිධ ආකාර බැක්ටීරියා විශේෂ 67ක් පමණ ජීවත් වේ.

                          

About 67 different species of bacteria live in the human abdominal cavity.

7. සෑම වසරක් පාසා ම මිනිස් හමේ (චර්මයේ) සෛල කිලෝ ග්රෑම් 4ක් සිරුරෙන් ඉවත් වෙයි.

                       


 
Four kilograms of human skin cells are shed from the body every year.

8. ළදරුවකු බිහි වී මාසයක කාලයක් යන තුරු ඔවුන්ගේ දෙනෙත්වලින් කඳුළු රූරා වැටෙන්නේ නැත.

                        

Tears do not fall from their eyes for a month after the birth of a baby.

9. සිරුරේ ස්නායු හරහා පණිවිඩ සන්නිවේදනය වන වේගය සාමාන්‍යයෙන් පැයකට කිලෝ මීටර් 400,000 ක් වේ.

                            

The speed at which messages are communicated through the body's nerves is on average four hundred thousand kilometres per hour.

10. සාමාන්‍ය ආයු කාලයක් තුළ දී මිනිස් හදවත තුන් බිලියන වාරයකට වඩා ස්ඵන්දනය වේ.

                       


 In an average lifetime, the human heart beats more than three billion times.

11. මිනිස් සිරුරේ උර කුහරයේ ඇති වම් පෙනහල්ල දකුණු පස පෙනහල්ලට වඩා සියයට දහයක ප්‍රමාණයකින් කූඩා ය.

                         


 
The left lung in the upper cavity of the human body is ten per cent smaller than the right lung.

12. මිනිස් දත් මෝරකුගේ දත් මෙන් සමාන ශක්තිමත් බවින් යුතු ය.

                      

Human teeth should be as strong as shark teeth.



13. මිනිස් නහයකට විවිධ ගඳ සුවඳ වර්ග ට්රිලියනයක් හඳුනාගත හැකි බව විද්‍යාඥ මතයයි.

                                  

According to scientists, the human nose can detect a trillion types of different smells.

14. ලජ්ජාශීලී බව පළ කළ හැකි එක ම සත්ත්වයා වන්නේ මිනිසායි.

                              

Man is the only animal that can express shyness.

15. ඔබේ සිරුරු බරෙන් සියයට අටක් වන්නේ රුධිරයයි.

                          

Eight per cent of your body weight is blood.

සීනුව බඳින්නේ කවුද?

 



  සීනුව බඳින්නේ කවුද?

එක්තරා සිල්ලර වෙළඳ සැලක මීයන් රැසක් ජීවත් වුණා. මේ මීයන් වෙළඳ සැලේ ඇති හැම ආහාර ද්‍රව්‍යයක් ම තමන්ගේ ආහාරය සඳහා යොදා ගන්නට පුරුදු වී සිටියා.


එනිසා ම ඔවුන් දවසින් දවස ශරීර ප්‍රමාණයෙන් මහත් වී වැඩුණා

මීයන්ගේ මේ දැඩි බලපෑම නිසා වෙළඳ සැල හිමිකරු විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියා. මීයන් නිසා ඔහුට විශාල වශයෙන් පාඩු ලබන්නට සිදු වුණා

මේ නිසා ම ඔහු සිටියේ මීයන් කෙරෙහි ඇති කරගත් වෛරයෙන්. ඒ උවදුරෙන් ගැලවෙන්නට උපායක් කල්පනා කළ වෙළඳ සැල හිමිකරු ශරීර ප්‍රමාණයෙන් වැඩි බළලකු වෙළඳ සැලට රැගෙන ආවා.

මේ බළලා තමන්ට සහජයෙන් ම හුරු මී දඩයම පටන් ගත්තා.


මහත මීයන් එකිනෙකා අල්ලා මරා දමා තම ආහාරයට ගත්තා.

තම වර්ගයා ක්‍රමයෙන් අඩුවී යන තර්ජනය නිසා මීයන් පසුවුණේ කනස්සල්ලෙන්.


මේ අලුතින් පැමිණි බළල් තර්ජනය ගැන සාකච්ඡා කරන්නට ඔවුන් හදිසි රැස්වීමක් කැඳවනු ලැබුවා.


"අපි මේ නපුරු බළලා ගෙන් ඉක්මනට ගැලවෙන්නට ඕනේ." මී නායකයා කීවා.

"ඒත් ඒක කොහොම ද කරන්නෙ?" මීයෙක් ප්‍රශ්න කළා.

 හැම මියාට ම ඇති වූ ප්‍රශ්නයක් එය ම තමා. හැම දෙනාම ඒ ගැන සිතන්නට වුණා.


 නපුරු බළලා ගෙන් ගැලවෙන ක්‍රමයක්?


 එක මීයෙක් විසඳුමක් ඉදිරිපත් කරමින් කතා කළා

 "අපි මේ මහත බළලාගේ බෙල්ලෙ සීනුවක් එල්ලමු. බළලා අපව හොයාගෙන එන විට සීනුව සෙලවෙන නාදය අපට ඇහෙනවා නේ. අන්න ඒ් වෙලාවට අපට අපේ ගුල් තුළට රිංගලා අපේ පණ බේරා ගන්නට පුළුවන් වේවි." ඒ තමා මියා ඉදිරිපත් කළ විසඳුම.




මීයා ඉදිරිපත් කළ විසඳුම නිසා පිරිසේ සිටි අනෙක් හැම මියකු තුළ ම ඇති වුනේ දරාගන්නට බැරි තරම් සතුටක්. ඔවුන් ප්‍රීතියෙන් නටන්නට වුණා. ඒත් ඒ ප්‍රීතියත්, නැටුමත් පැවතුණේ බොහොම ටික වෙලාවයි.


අත්දැකීම් ඇති වියපත් මීයකු තම පිරිසේ මේ සතුට විඳ ගැනීමට බාධා කළා.

ඔහු කතා කළේ හඬනගායි.

 

"නවත්තපල්ලා ඔය විකාර. ඊට පස්සේ මං මේ අහන ප්‍රශ්නෙට උත්තර දීපල්ලා.

බළලාගේ බෙල්ලේ සීනුව බඳින්නේ කවුද?"


 පිරිසේ සිටි කිසි ම මීයෙකුට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට බැරි වුණා.


 ඇයි කියා දරුවන්ට වැටහෙනවා නේද?


Grade 5 - Sinhala language - Question Paper - 5 ශ්‍රේණිය සිංහල භාෂාව

Monday, November 7, 2022

බුද්ධ ධර්මය - කල්පයක් යනු කුමක් ද?

බුද්ධ ධර්මය - කල්පයක් යනු කුමක් ද?

 ගෞතම බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් බුද්ධත්වය ලබා ගැනීමට පෙරුම් පිරූ බව අප දන්නවා.

වචනයෙන් එසේ හැඳින්වුවාට සංඛ්‍යාවෙන් මේ කාලය කොපමණ ප්‍රමාණයක්ද කියා විස්තර කරන්නට බැහැ. අතිදීර්ඝ කාලයක් හැටියට තමා අප සැලකිය යුත්තේ.

 දිනක් එක බමුණෙක් බුදුපියාණන් වහන්සේගෙන් කල්පය කියන්නේ කුමක්ද කියා විමසා සිටියා. 

එහිදීත් අප තේරුම් ගත යුත්තේ කල්පය කියන වචනයට අයත් කාලසීමාව පිළිබඳ ගැටලුව කොයි කාලයේ තිබූ බවයි

 

 "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයට අවුරුදු කීයක් තියෙනව ද?" මේ තමා ඒ බ්‍රාහ්මණයා බුදුරදුන් වෙත ඉදිරිපත් කළ  ප්‍රශ්නය.

බුදුපියාණන් වහන්සේ ඊට පිළිතුරක් දුන්නා.

"බමුණ, කල්පයට අයත් අවුරුදු ගණන අසුවල් ප්‍රමාණය යැයි කියා සීමාවක් නියම කරන්නට බැහැ. මා ඔබට උදාහරණයක් මඟින් පැහැදිලි කරන්නම්." කියා බුදුපියාණන් වහන්සේ වදාළා.


 බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ උදාහරණය මෙයයි.


  "යොදුන් හතක් දිග, යොදුන් හතක් පළල සහ උස යොදුන් හතක් ඇති ගල් පර්වතයක් ගැන සිතා ගන්න. මේ ගල් පර්වතය අවුරුදු සියයකට වතාවක් සිනිඳු සළුවකින් පිස දමනු ලබනවා. බමුණ, ඔය ආකාරයට අවුරුදු සියයකට වතාවක් බැගින් ගල් පර්වතය පිස දමන බව කල්පනාවට ගත හොත් ඔය ගල් පර්වතය ඒ පිස දැමීම හේතුවෙන් ගෙවී ගිහින් බිමට සමතලා වන්නට කොතරම් කාලයක් ගත වේ දැයි කිව හැකිද?"


බ්‍රාහ්මණයා කීවේ, "අනේ භාග්‍යවතුන් වහන්ස, එවැනි කාලයක් ගැන නම් හිතා ගන්නටවත් බැහැ" කියලයි. බුදු පියාණන් වදාළේ, "අන්න ඒ කාලයටත් වඩා කල්පය කියන කාලය දිග බවයි". කල්පය කියන වචනයට අයත් කාලය අප වැනි අයට ලෙහෙසියෙන් විස්තර කරන්නට නොහැකි බව වැටහෙනවා නේද?


මේ සටහනට ඇතුළත් කළ යුතු තවත් කරුණක් සිහිපත් කළ යුතුයි.

එවැනි කල්ප 60ක්ම බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ නොවීම ගෙවිලා ගිය බවයි.

ඒ කල්ප 60 ක කාලය ගෙවී ගිය පසු තමා සිඛී නමින් හඳුන්වනු ලබන බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ වී ඇත්තේ.