Saturday, August 29, 2020

 “වීදියේ පත්තරේ” - “බොකා”

වීදිවල නිසි හව්හරණක් නැති ආකාරයෙන් ජීවත්වන ජනතාව බොහෝ රටවල සිටින බව දුර්ලභ දසුනක් මෙන්ම දුර්ලභ තොරතුරක් ද නොවන්නේය. 

එහෙත් එවැනි, සමාජයේ එතරම් අවධානයට යොමු නොවන ජන කොටසක් විසින් පුවත්පතක් සකසා මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීම නම් බොහෝ විට අසාමාන්‍ය හිස් තොරතුරක් ලෙස කෙනෙකු සලකන්නට පුළුවන.

දකුණු බ්‍රසීලයේ, පොටෝ ඇලගෙරෙහි වසර දහනවයක කාලයක් තිස්සේ එවැන්නක් අඛණ්ඩව සිදු වන බව වාර්තා වේ. 

මේ පුවත්පතේ දීර්ඝ නම වන්නේ “බොකා ඩි රුආ” ය. ප්‍රචලිත නම වන්නේ ” බොකා” ය. එහි අරුත වන්නේ “වීදියේ මුව” යන්නයි.

වීදිවල වෙසෙන අසරණ ජනතාවගේ හඬ, සමාජයේ අනෙක් විවිධ තලවල සිටින කාහටත් අසන්නට සලස්වන මාධ්‍යයක් ලෙසින් මෙම පුවත්පත හඳුන්වාදීමේ මූලික අදහස සපයාදී ඇත්තේ එරට ජනමාධ්‍යවේදීන් පිරිසක් විසිනි.

මේ පුවත්පත ආරම්භවී ඇත්තේ වසර 2000දීය අද වන විට මෙම පුවත්පත “ජාත්‍යන්තර වීදි පුවත්පත් ජාලයේ” (INSP) එකම සාමාජික පුවත්පත බවට පත්වී ඇත. 

සෑම සිව් මසකටම වරක් පළ වන “බොකා”හී අඩංගු වන්නේ වීදි ජනතාවගේ සිතුම් පැතුම්, ප්‍රශ්න හා සම්මුඛ සාකච්ඡා ආදියයි.

මෙම පුවත්පතට මුල සිටම අනුගතව කටයුතු කරන මාධ්‍යවේදීන් දෙදෙනාට සහාය දැක්වීමට වෙනම පිරිසක් සිටී. පුවත්පතේ අලෙවිය ද සිදු වන්නේ වීදිවලමය.

“අපේ මූලිකම අරමුණ වන්නේ හඬක් නැති ජනතාවට හඬක් ලබා දීමයි.” පුවත්පතේ එක් මාධ්‍යවේදියකුගේ අදහසයි. 

  


Wednesday, August 19, 2020

    

A Negro Woman

Carrying a bunch of marigolds

wrapped

in an old newspaper.

She carries them upright ,

bareheaded the bulk

of her thighs 

causing her to waddle

as she walks

looking into 

the store window which she passes

on her way.

What is she

but an ambassador

from another world

a world of pretty marigolds

of two shades 

which she announces 

not knowing that she does

other than walk the streets

holding the flowers upright

as a torch

so early in the morning.

-       -   William Carlos Williams ( 17th September-1883 - 4th March -1963)




.


අංගවිකල රජු සහ චිත්‍ර ශිල්පියා

 

අංගවිකල රජු සහ චිත්‍ර ශිල්පියා

 

        එක්තරා කාලයක එක්තරා රාජධානියක රජෙක් විසුවා. ඔහු බොහෝ බුද්ධිමත්. ඒ වගේම නිර්භිතයි. ඔහු බොහෝ යුද්ධවලට සහභාගීවූ කෙනෙක්. ඒ හැම අවස්ථාවකදීම ඒ යුද්ධවලින් ජයගත් ඔහු සතුරන්ගෙන් තමන්ගේ රාජධානිය බේරා ගත්තා.

 

       වතාවක් මේ රජතුමා දරුණු යුද්ධයකට සම්බන්ධ වුණා. යුද ජයග්‍රහණය ලැබීමට ආසන්නව සිටියත් රජතුමාගේ පිටුපස සිට පහර එල්ල කරන්නට වූ නිසා රජතුමා මඳක් අසීරු තත්ත්වයට පත් වුණා. එහෙත් අවසානයේ සතුරු රජ මරා දැමූ රජතුමා යුදයේ ජය ලබා ගත්තා. ඒ වුණත් රජතුමාට තමන්ගේ එක ඇසක් සහ එක පාදයක් අහිමි වුණා.

 

        කාලය ගතවී ගියා. රජතුමාට අවශ්‍ය වුණා තමන්ගේ චිත්‍රයක් ලස්සනට අන්දවා ගන්නට. රජු තම රාජධානියේ සියලුම චිත්‍ර ශිල්පීන් මැදුරට කැඳවා තමන්ගේ අවශ්‍යතාව ඔවුන්ට දැනුම් දුන්නා.

 

       චිත්‍ර ශිල්පීන් ඒ සඳහා උත්සාහ ගත්තත් ඒ කිසිවකුට ඒ කටයුත්ත නිසි ලෙසින් එය කළ හැකි වූයේ නැහැ. කෙසේ කරන්නද? රජතුමාගේ එක ඇසක් අන්ධවීමත්, එක පයක් නොමැති වීමත් ඊට මූලික වශයෙන්ම හේතු වුණා.

 

      එහෙත් පැමිණි එක චිත්‍ර ශිල්පියෙක් මේ තත්ත්වය ජය ගන්නට සමත් වුණා.

 

       ඔහු සිය චිත්‍රය නිර්මාණය කළේ රජතුමාගේ දඩයම් ඉරියව්වක් දක්වමින්. ඔහු සිය සිතුවමෙන් ඉදිරිපත් කළේ රජතුමා සිය එක ඇසක් පියා ගෙන දුනුදිය අදිමින් සතෙකුට ඉලක්කයක් ලබා ගන්නා ආකාරයයි. එසේම රජුගේ එක පයක් ඔහු නැග සිටි අශ්වයා මත නවා ගෙන සිටින ඉරියව්වයි. ඔහු සිය සිතුවම නිර්මාණය කළ ආකාරය නිසා රජතුමාගේ ශාරීරික දුර්වලතා කිසිවක්ම පිටතට නොපෙණෙන ලෙසින් යටපත්වී ගොස් තිබුණා.

 

        මේ සිතුවම දුටු හැම දෙනාම ඉතාම සතුටට මෙන්ම පුදුමයටත් පත් වුණා.

 

කිසිවකුගේ දුර්වලතාවක් ගැන සිතමින් ඒ ගැන හුවා දක්වමින් කතා නොකරන්නට පුරුදු වීම ඉතාම වැදගත්. ඒ වෙනුවට කළ යුත්තේ ඒ පුද්ගලයා සතු දක්ෂකමක් ඉස්මතු කර ඒ ගැන කතා කරන්නට, ඒ ගැන අගය කරන්නට හුරු වීමයි.

 

(මූලාශ්‍ර ඇසුරෙනි.) 

 

Monday, August 17, 2020

ඇස්. මහින්ද හිමි

 



                                                   ඇස්. මහින්ද හිමි


අප සාමාන්‍යයෙන් ජාතික වීරයන් සේ හඳුන්වන්නේ අපේ රටේ ඉපිද, අපේ රට

වෙනුවෙන් කැපවී රට සහ මිනිසුන් වෙනුවෙන් මහත් සේවාවක් කළ පුද්ගලයන්ය.

 එහෙත් ඇස්. මහින්ද චරිතය ඒ හැඳින්වීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් ඇති බෞද්ධ හිමි නමකි. එතුමන් උපතින් ශ්‍රී ලාංකිකයකු නොවීම මෙහි ඇති විශේෂත්වයයි.


පෙම්පා තෙන්ඩුපි සර්කයි චෙරින් උපන්නේ වර්ෂ 1901 දීය. ඒ ටිබෙට් දේශයේ

ගන්ග්ටොක්හි සික්කිම් ප්‍රදේශයේය. එහි ඔහුගේ වාසය වසර දහහතරකට

 පමණක් සීමා විය. යෞවනයට නෑකම් කියන වයසේ පසුවන සර්කයිට

ශ්‍රී ලංකාවට එන්නට අවස්ථාවක් ලැබෙන්නේ බුදු දහම ඉගෙනීම සඳහා

ශිෂ්‍යත්වයක් ලැබීම නිසාය. සර්කයි ලංකාවට එන්නේ ඒ වන විටත් බෞද්ධ

භික්ෂුවක බවට පත්වී සිටි තමන්ගේ වැඩිමහල් සහෝදරයකු සමගය.


උපන් දේශයෙන් බැහැරවී වෙනත් දේශයකට පැමිණි සර්කයි තමන් පිළිබඳ

 පැහැදිලි තීරණයකට එළඹෙමින් පැවිදි දිවියට ඇතුළු  වන්නේ වර්ෂ 1914 දීය.

 මේ පැවිදි උතුමන් එයින් මතු හඳුන්වන්නේ මහින්ද නමිනි. ඒ නමට ඉදිරියෙන්

ඇති ‘ඇස්‘ යන්නෙන් හැඳින්වෙන්නේ ‘සර්කයි‘ ද නැති නම් ‘සිකිම්’ ද යන්න ගැන නිශ්චිත නැත. කෙසේ වෙතත් ට්බෙට් දේශයේ සිට මෙහි පැමිණි සර්කයි’ ඉන්පසු ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනා දැන කියා ගන්නේ ඇස්. මහින්ද නමිනි.

  

 මහින්ද හිමියන් සහ එතුමාගේ සොහොයුරා යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විහාරස්ථානයක ඥානාලෝක නම් භික්ෂූන් වහන්සේ නමක් යටතේ බුදු දහම ඉගෙන ගන්නට පටන් ගත්හ. මහින්ද හිමියන් කොළඹ ප්‍රදේශයට වඩින්නේ තවත් පසු කාලයකදීය. ඒ,  කොළඹ මරදානේ පිරිවෙන් අධ්‍යාපනය ලබන්නටය. මහින්ද හිමියන් ඉංග්‍රීසි බස උගන්නේ එසේ කොළඹ ගත කළ අවදියේය.  පසුව නැවතත්

දකුණේ විහාරස්ථානයට පැමිණෙන මහින්ද හිමියෝ සිංහල සහ පාලි භාෂාවන් ඉගෙනීමෙහි යෙදුනාහ.   

                          

එක්දහස් නවසියතිස් ගණන්වලදී උපසම්පදා ලද භික්ෂුන් වහන්සේ නමක්වූ

මහින්ද තෙරුන් කලක් කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කටයුතු කොට ඇත්තාහ සිංහල බස ගැන මනා දැනුමැත්තකුවූ ඇස් මහින්ද හිමි සිංහලෙන් ලියන්නට කියන්නට හොඳ පුහුණුවක් ලබා ගත්හ ඒ කාලයේ පැවැති විදේශීය පාලනයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සටන් වෙනුවෙන් මහින්ද හිමි සිය රචනා උපයෝගී කොට ගත්තේ ස්වදේශිකයන් වඩාත් උද්යෝගීමත්  කරන්නටය


සිංහල භාෂාව මනා ලෙස හසුරුවමින් ලියූ පොත් හතළිහකට වැඩි ප්‍රමාණයක් මහින්ද හිමියන් විසින් ජාතියට දායාද කොට ඇත්තාහ. ඒ අතර කවි පොත් මෙන්ම ළමුන් සඳහා ලියූ පොත් ද ඇත. ඒ බොහෝ රචනාවලින්  උන්වහන්සේ උත්සාහ දරා ඇත්තේ ස්වදේශිකයන්ගේ ජාතික අනුරාගය වර්ධනය කිරීමයඊට පසුබිමවී ඇත්තේ එකල අප රට තුළ පැවැති විදේශීය පාලනයයි.

 

 අඩ සියවසකට වැඩි කාලයක් ආයු වළඳා ඇස් මහින්ද හිමියන් අපවත් වුණේ

1951 වඊෂයේදී ය.

තමා උපන් දේශයෙන් පිට දේශයකට පැමිණ බුදු දහම හදාරා

පසුව සිය ජීවිතය බුදු සසුන කෙරෙහි කැප කරමින් තමන්ට නුහුරු භාෂා ප්‍රගුණ  කරමින් ඒ උගත් භාෂාවලින් පොත් ලියමින් දේශීය ජනතාවගේ දේශානුරාගය වඩවන්නට උත්සුක වූ ඇස් මහින්ද හිමියන් ජාතික වීරයකු ලෙසින් සැලැකීම පුදුමයක් නොවන්නේය.

                                          

  






(සියලුම ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

 

Sunday, August 9, 2020

ඇත්තටම අප එදාට වඩා දියුණු ද?

 ඇත්තටම අප එදාට වඩා දියුණු ද? 


හැට හැත්තෑ දශක වල යම් කෙනෙකු රන් භාණ්ඩයක් උකස් කරන්නට අරන් ගියේ හැකි තරම් අප්‍රසිද්ධියේයි. ඒ කාලවකවානුවල රන් භාණ්ඩ උකස් ගන්නා මධ්‍යස්ථාන නගරාශ්‍රිතව පිහිටා තිබුණේත් අතළොස්සයි. ඒ කාලයේ රන් භාණ්ඩයක් උකස් කිරීම යනු අත්‍යවශ්‍ය වුවත් හැකි තරම් පරිස්සමින් කළ   දෙයක්.

ඒත් අද තත්ත්වය පැහැදිලිවම වෙනස්. රට පුරා ඇති විවිධාකාර ආයතන රන් භාණ්ඩ තමන්ගේ ආයතනයේ උකස් තබ්බවා ගන්නට ලක්ෂ ගණන් විය පැහැදම් කරති. රූපවාහිනී නාළිකා ඔස්සේ වෙළඳ දැන්වීම් පළ කරති. එවැනි ඇතැම් දැන්වීම්වල රඟ පාන්නේ රටේ සුප්‍රසිද්ධ උදවියය. වත්මනෙහි නොයෙක් හේතූන් නිසා ආර්ථිකය සමතුලිත කර ගැනීම නොකළ හැකි වූ නොයෙක් තලවල ජනතාව රන් භාණ්ඩ උකස් කිරීම එදිනෙදා  ජීවිතයට ඉතාම සමීප, නොකර සිටින්නට නොහැකි දෙයක් ලෙස සිතන තත්ත්වයට පත්වී සිටිතැයි සිතේ.

එදා සිදුවූ දේම අද එදාටත් වඩා සාරෙට සිද්ධ වේ.

හැබැයි අප දියුණුයැයි කියන්නේ අදය. ඇත්තටම අප එදාට වඩා දියුණු ද?