Thursday, November 30, 2023


 

ඔබේ මතකය වැඩි දියුණු කර ගන්න


                                                                                                                                                    


  



1. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.


රාත්‍රියේදී ඔබට අවශ්‍ය  තරමේ නින්දක්  ලැබ ගැනීමට වග බලා ගන්න.
නිදි වරා සිටීමෙන් සිදුවන්නේ තත්වය තවත් නරක අතට හැරීම පමණයි. ඔබේ මනස නිසි ක්‍රියාකාරීත්වයෙන් යුතුව තබා ගැනීමට නම් ඔබ ඔබේ 

ශරීරය ගැන මුලින් ම සැලකිලිමත් විය යුතු ය.

ඔබේ සිරුර වෙහෙසට පත් වූ විට ඔබේ ඥානාත්මක ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු නොවන අතර අවධානය යොමු කිරීමට අපහසු වේ.
ඔබට කවදා හෝ විශාල ගැටලුවක් ඇති වී තිබේ ද? ඊට විසඳුමක් සඳහා ඔබට කවුරු හෝ හොඳ නින්දක් ලැබිය යුතු බවට උපදෙස් දුන්නා ද? 
මෙයට හේතුව නින්දට මතක ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකි අතර ඔබේ මොළයට සියලු තොරතුරු ලිහිල් කිරීමට සහ සැකසීමට අවස්ථාවක් ලබා දෙන බැවිනි.

අවශ්‍ය පමණ නින්ද ලැබීම, ව්‍යායාම කිරීම, වැඩිපුර ජලය පානය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ආදියෙන් ඔබේ ශරීරය නිරෝගීව තබා ගන්න. එසේ වීම ඔබේ මොළයට සහ මුළු ශරීරයට ම යහපත් වේ.

2. මිනිසුන් සමඟ මිශ්‍ර වන්න.


ජීවිතය හුදකලාව ගෙවීමෙන් මතකයේ ගැටළු ඇති කිරීමට තුඩු දෙන සාංකාව හෝ මානසික අවපීඩනය හෝ ඇති කළ හැකි බැවින් නිතර සමාජ ඇසුරකට සමීප වීමට උත්සාහ කරන්න. 
ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ කතාබහ / හමු වීම් ආදිය මේ සඳහා යොදා ගත හැකි ය.

3. ඔබේ මොළයට හොඳ ව්‍යායාමයක් ලබා දෙන්න.



ඔබේ දෛනික ක්‍රියාකාරකම් තුළින් පමණක් ඔබේ මොළය ව්‍යායාමයක් ලබා ගන්නා බව ඔබ සිතනවා විය හැකියි.

කෙසේ වෙතත් ඔබ ඇත්ත වශයෙන්ම එය බෙහෙවින් උත්තේජනය නොකරන්නේ නම් හෝ මොළය සඳහා පුහුණුවීම්වල නිරත නොවන්නේ නම් එය (මොළය) හොඳ ව්‍යායාමයක් නොලැබීමට ඉඩ ඇත.

මොළය යනු ප්‍රශස්ත ලෙස ක්‍රියා කිරීමට ව්‍යායාම කළ යුතු අවයවයකි. ක්‍රීඩකයෙකු ශක්තිමත් වීමට සහ ශාරීරිකව යෝග්‍ය වීමට ව්‍යායාම කරනවා සේම ඔබේ මතකය සහ තියුණු බව ශක්තිමත් වීමට අවශ්‍ය නම් ඔබ ඔබේ මොළයට ද ව්‍යායාම කළ යුතු ය.

මොළයට හොඳ ව්‍යායාමයක් ලබා දෙන්නේ කෙසේ ද?

මොළය හොඳින් උත්තේජනය කළ හැකි ක්‍රීඩා තෝරා ගෙන ඒවායේ නිරත වීමට උත්සාහ කරන්න. ‘හරස් පද ප්‍රහේළිකා’ පිරවීම එවැනි එක ක්‍රීඩාවකි.  නැති නම් සමාන ක්‍රීඩා අන්තර්ජාලයේ ආධරයෙන් සොයා ගැනීමට දිරි ගන්න.


4. පොත් කියවන්නට හෝ වැඩියෙන් පොත් කියවන්නට හෝ පටන් ගන්න.


කියවීම ඔබේ මොළය සහ පරිකල්පනය උත්තේජනය කරයි.
සෑම දිනක ම කියවීමට යම් කාලයක් ගත කර තොරතුරු සපයන පොත් මෙන්ම පුදුමාකාර දේ සිතීමට ඔබට ඉඩ සලසන පොත් තෝරා ගන්න. ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් දෙක ම මොළය පුහුණු කිරීම සඳහා විශිෂ්ට මාර්ග වේ.
ඔබ, කියවීමෙන් ඔබේ මොළය උත්තේජනය කරන විට ඔබේ මතකයට ද  හොඳ උත්තේජනයක් ලබා දීමට ඔබ වඩාත් සුදුසු වනු ඇත.

5. භාවනාවක යෙදෙන්නට හුරු වන්න.


භාවනාව, මොළය සඳහා විශිෂ්ට පුහුණුවක් මෙන් ම මතකය වැඩි දියුණු කිරීමට උපකාර වන ක්‍රියාකාරීකමකි.
ඔබ දිගින් දිගටම සිතුවිලි අතරේ සිටීමෙන් ඒ සිතිවිලි නිසා ම ඔබ අවුල් තත්ත්වයකට පත් විය හැකි ය.  
භාවනාවක යෙදෙන්නට ඔබ පුරුදු පුහුණු වී සිටී නම් ඔබේ මොළය ඔබ වියවුලට පත් කරන සිතිවිලි නිහඬ කිරීමට ක්‍රියා කරනු ඇත. එවිට ඔබට හිමි වනු ඇත්තේ නිදහස් හා නිස්කලංක බවට පත් සිතකි.  
මානසික ආතතිය සහ සාංකාව අපේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙන අතර එයින් බොහෝමයකට ම හේතුව මොළයේ පැතිර යන නිමක් නැති කරදරකාරී සිතුවිලි ය. 
භාවනාවක යෙදෙන විට ඔබට මනස නිශ්ශබ්දව ම යම් යහපත් සිතිවිල්ලක් කෙරෙහි කේන්ද්‍ර ගත කර ගත හැකි ය. එයින් ම ඔබට යම් වෙනසක් අත් විඳිය හැකි අතර ඔබේ මතක ශක්තිය වඩාත් ඔපවත් වන බව ද තේරුම් යනු ඇත. 

6. ධනාත්මකව සිතන්න.

ධනාත්මක බව පුහුණු කිරීම ඔබට බොහෝ දේ මතක තබා ගැනීමට උපකාරී වේ.

ධනාත්මක චින්තකයින් ධනාත්මක සිතුවිලි නිපදවීමට තම මොළය පුහුණු කර ඇති නිසා ඔවුන්ගේ මොළය සහ චිත්තවේගයන් කෙරෙහි වැඩි පාලනයක් ඇත.

ඔබේ සිතුවිලි ජීවිතයේ දිනක් හෝ ඊට වැඩි කාලයක් හෝ නිරීක්ෂණය කර ඔබ සිතන්නේ කුමන ආකාරයේ සිතුවිලිදැයි මැන බලන්න.

ඒවා ප්‍රධාන වශයෙන් ධනාත්මක හෝ සෘණාත්මක ද? ඔබට නිෂේධාත්මක සිතිවිල්ලක් සිතෙන්නේ නම් වහා ම එය ධනාත්මක චින්තනයක් බවට පත් කරන්න.

මෙය දවස පුරා සෑම දිනක ම නැවත නැවත කරන්න. 

ඔබ කිසියම් ආතතියකට හා කනස්සල්ලට පත්වීමක් වන සිදුවීමක් ඇති වූ විට ස්වයංක්‍රීයව ධනාත්මකව සිතීමට ඔබේ මොළය පුහුණු කරනු ඇත. ඔබේ මතකය වැඩි දියුණු වීම ද ඔබට දැක ගත හැකි ය.

7. නව වචන ඉගෙන ගන්න.


සෑම දිනක ම හෝ සෑම දින දෙකකට වරක් එක් නව වචනයක් ඉගෙන ගෙන ඒවා ඔබේ වචන මාලාවට එකතු කර ගන්න.

මෙය මොළය සඳහා විශිෂ්ට පුහුණුවක් වන බව සැලකිය යුතු ය.

 8. නව භාෂාවක් ඉගෙන ගන්න.

නව භාෂාවක් ඉගෙන ගැනීමට යම් කාලයක් ගත කරන්න. මෙය මොළය හොඳින් උත්තේජනය කරන අතර මතකය වැඩි කර ගත හැකි මඟක් ද වේ. 

ඒ සඳහා අන්තර්ජාලයෙන් අවශ්‍ය උපකාර ලබා ගැනීම කළ හැකි ය. 


9. කරුණු සටහන් කරන්නට හුරු වන්න.

ඔබට ඔබේ මතකය සමඟ කිසියම් හෝ ආකාරයක ගැටුමක් ඇති නම් කුඩා සටහන් පොතක් තබාගෙන ඔබට අමතක කිරීමට අවශ්‍ය නැති දේවල් එහි සටහන් කිරීමට පටන් ගන්න.

හමුවීම්, රැස්වීම්, කටයුතු ඔබට මතක තබා ගැනීමට අවශ්‍ය වෙනත් දේවල් හෝ එහි ලියා තැබිය හැකි ය.

 කරුණු ලිවීමේ ක්‍රියාව ඔබට අමතක වීම ගැන අඩුවෙන් කරදර වීමට උපකාරී වේ. එය ඇත්ත වශයෙන්ම ඔබට අමතක නොකිරීමට උපකාරී වේ.


‘අමතක වීම’ විවිධ වයස් සීමාවලට අයත් අයට විවිධ ආකාරයෙන් බලපෑම් ඇති කරන එසේ ම කළ හැකි තත්ත්වයකි. එහෙත් ‘අමතක වීම’ ජීවිතයක යම් කාල සීමාවක ඉන්නා කිසිවකුහට තදින් ම බලපවත්වන්නේ නම් එවැනි අවස්ථාවක් ‘රෝගයක්’ ලෙසින් ද හැඳින්විය හැකි ය. එහෙත් අපේ උත්සාහය විය යුත්තේ එවැනි තත්ත්වයක් නොසලකා හැරීම නොව එවැනි තත්ත්වයකට තමන්ට හැකි ලෙසින් මුහුණ දීමට සකස් වීමයි.

එවිට යම් පමණකින් හෝ එවැනි තත්ත්වයන් මඟ හරවා ගෙන ජීවිතයට හොඳින් මුහුණ දිය හැකි වනු ඇත.

(මූලාශ්‍ර සටහන - ඩොමිනිකා)