Friday, October 15, 2021

සිත මූලයයි . "ධම්ම පදයෙන් " - යමක වග්ගය - ගාථා

 

මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා

මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා

තතෝ නං දුක්ඛමන්වේති චක්කංච වහතෝ පදං


සිතිවිලි ඇති වන්නේ සිත මුල් කොට ගෙනයි. සිත ප්‍රධාන යි. එසේ ම සිත මූලයයි.

සිතිවිලි සිත ශ්‍රේෂ්ඨ කොට පවතී. සිතින් ම උපදී. 

එනිසා අයහපත් සිතිවිලිවලින් යුතුව කිසිවක් කියයි නම් හෝ කරයි නම් හෝ ගැල අදින ගොනකුගේ පාදය අනුව ඉදිරියට ඇදෙන රෝදය සේ දුක ඔහු පසුපස ලුහුබඳී.

බුදුදහමේ විස්තර කෙරෙන ආකාරයට සිත  ඉතාම ප්‍රධාන ඒ වගේම ඉතාම වැදගත්ම අංගයක් හැටියටයි සැලකෙන්නේ.

සිත ඇතුළත උපදින සිතිවිලි අනුව් පුද්ගල චරිතය මෙන්ම පුද්ගල හැසිරීම පවා තීරණය වෙනවා. සිතිවිල්ලකින් තොරව කිසිවකුට කිසිවක් කළ නොහැකියි. ඒ ඇතිවන සිතිවිල්ලේ ස්වභාවය අනුව අදාළ අවස්ථාවේ පුද්ගල හැසිරීම තීරණය  වන බව පැහැදිලි කරගත  යුතුයි. 

සිතිවිලි ඇතිවීම සිතෙන් සිදු වන්නාක්  මෙන් ම ඒ සිතිවිලිවල ස්වභාවය තීරණය වන්නේ ද සිත ඒ අවස්ථාවේ ඇති තත්ත්වය අනුවයි . ඒ තත්ත්වයේ වගකීම බාරගත යුතු වන්නේ සිත හිමි අයමයි. 

සිත, විවිධ තීරණවලට එළැඹෙන්නේ සිත හිමි පුද්ගලයාගේ ම  සියුම් අණ දීම් හේතු කොට ගෙන බවද පැහැදිලි කර ගත යුතුයි. ඒ අණ  දීම් නිකුත් වන්නේ  සිත තුළම ඇති වන විවිධාකාර අනුකූලව බවද තේරුම් ගත යුතුයි.

මිනිස් සිත විසින් මිනිසකුගේ මුළු මහත් ජීවිතයම පාලනය කරන බව අප විසින්ම පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත්.

මිනිසා විසින්ම බල කොට තමන්ගේම සිත තුළින්  බිහි කර ගන්නේ අයහපත් සිතිවිලි සමුදායන් නම් ඊට අනුගතව ඇති වන්නේ අයහපත් ක්‍රියාකාරී බවක්. ඒ අනුව ඇති වන ප්‍රතිඵලයත් අයහපත් වීම වැළැක්වීම කළ නොහැකි දෙයක්.  

සාමාන්‍යයෙන් අප 'පවක්' ලෙස හඳුන්වනු ලබන්නේ එවැනි අවස්ථාවක්. ඒ අනුව අප තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ 'පවක්' කිරීම යනු ඉබේම සිදු වන්නක් නොව අප දැනුවත්ව අප විසින්ම සියුම් ආකාරයෙන් සැලසුම් සහගතව සිදු කරන්නක් බවයි.

අප නිතර උත්සාහ කළ යුත්තේ 'පවක්' සිදු වීමට ඇති ඉඩකඩ අහුරාලීමටයි.

      

 

   

Tuesday, October 12, 2021

Enjoy your life at every moment / ධීවරයාගේ විවේකය

Enjoy your life at every moment

Once a fisherman was sitting near a seashore, under the shadow of a tree smoking his low price cigar. Suddenly a rich businessman passing by approached him and inquired as to why he was sitting under a tree smoking and not working. To this, the poor fisherman replied that he had caught enough fish for the day.

Hearing this the wealthy man got angry and said; "Why do you catch more fish instead of sitting in shadow wasting your time?

Fishermen asked, "What would I do by catching more fish?"

Businessman: "You could go fishing in deep waters and catch even more fish and earn even more money."

Fisherman: "What would I do then?"

Businessman: "You could buy many boats and employ many people to work for you and earn even more money."

Fisherman:  "What would I do then?"

Businessman: "You could become a wealthy businessman like me."

Fisherman: "So,then? What would I do?"

Businessman: "You could then enjoy your life peacefully."

Fisherman: "Isn't that what I am doing now?"


 Moral of the story: You don't have to wait till tomorrow to be happy and enjoy life. To enjoy life, you don't even need to be wealthy or powerful. Life is right now, so take advantage of it.

(Author unknown.)

 ධීවරයාගේ විවේකය

දිනක් ධීවරයෙක් මුහුදු වෙරළ ආසන්නයේ ගසක් යට වාඩි වී  සිටියේ ය. දුම් පානය කරමින් සිටි ඔහුගේ අතේ වූයේ මිලෙන් අඩු දුම් වැටියකි. අවට පිළිබඳ කිසි තැකීමක් ධීවරයා තුළ වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

හදිසියේ මෙන් ධීවරයා සිටි තැනින් යන්නට ආ ධනවත් ව්‍යාපාරිකයෙක් ධීවරයා පසුවන ඉරියව්ව ගැන විමසිලිමත් වූයේ ය.

"මේ වෙලාවේ තමුන් ඔය විදිහට දුම් බිබී ඉන්නේ ඇයි, කිසි ම වැඩක් නොකර? " 

ව්‍යාපාරිකයා ප්‍රශ්න කළේ ධීවරයා සිටි ඉරියව්ව ගැන පැහැදීමක් ඔහුගේ සිතේ ඇති නොවූ නිසා ය.

"අද දවස ගෙවා දාන්න සෑහෙන තරම් මාළු මම අල්ලලා ඉවරයි. ඒ ටික විකුණ ගත්තහම මට අද දවසට ඇති."

"තමුන් මහා අපූරු කතාවක් නේ කියන්නේ. ඔහොම හෙවණට වෙලා දුම් බිබී කාලේ නාස්ති නොකර මහන්සි වෙලා වැඩිපුර මාළු අල්ලා ගත්තා නම් නේද  හොඳ."  ධනවතා කීවේ කෝපයෙනි. ධිවරයාගේ කරුණු දැක්වීම ඔහු අනුමත කළේ නැත.

"හොඳයි, වැඩිපුර මාළු ඇල්ලුවයි කියමු.  ඊට පස්සේ මොකද්ද වෙන්නේ?" ධීවරයා ප්‍රශ්න කළේ ය.

"වැඩිපුර මාළු අල්ලනවා කියන්නේ, වැඩිපුර සල්ලි හොයනවා කියන එකයි. ඒ සල්ලිවලින් තමන්ට පුළුවන් ගැඹුරු මුහුදේ මාළු අල්ලන්න යන්න පහසුකම් හදා ගන්න. ඒ විදිහට ගියා ම තමුන්ට තවත් මුදල් හොයා ගන්න පුළුවන්."

"ඊට පස්සේ මොකද වෙන්නේ? නැවතත් ධීවරයාගේ ප්‍රශ්නය.

"මුදල් ලැබුණහම  තමුන්ට තවත් බෝට්ටු ගන්න පුළුවන්. සේවකයන් වැඩියෙන් වැඩට දාන්න පුළුවන්. ඒ විදිහට තමුන්ට විසාල මුදලක් උපයා ගන්න පුළුවන්." ධනවතා තමන්ගේ අදහස පැහැදිලි කළේ ය. 

"හොඳයි, ඊට පස්සේ?" 

"ඊට පස්සේ තමුන්ටත් පුළුවනි මං වගේ ම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන්න."

"එහෙමත් වුණා කියමු. ඊට පස්සේ?" ධීවරයා සුපුරුදු ලෙසින් ප්‍රශ්න කළේ ය.

"ඊට පස්සෙ ද? ඊට පස්සේ තමුන්ට පුළුවන් තමන්ගේ ජීවිතය හොඳින් විවේකීව ගත  කරන්න." ධනවතා තව දුරටත් තම අදහස සනාථ කරමින් කීවේ ය.

"ඉතින් මම මේ දැනුත් කරන්නේ ඒකම නේ. එහෙම නෙවෙයි  ද?" ධිවරයා කීවේ ය.

ඔබට ඔබේ ජීවිතය සතුටින් යුතුව විඳ ගැනීමට හෙට වනතුරු ඉවසා සිටීමට, බලා සිටීමට ඇවැසි නොවන්නේ ය.

ජීවිතය යනු මේ මොහොතයි. මේ මොහොතේ ජීවිතයේ සතුට මේ මොහොතේ ම විඳ ගන්න.  

සෑම මොහොතක ම ඔබ ඔබේ ජීවිතය සතුට විඳින්න.

(මෙහි මුල් කර්තෘ අඥාත ය.)