Sunday, May 31, 2020

නේපාලයේ මිනීමරු කුලවාදය



               නේපාලයේ මිනීමරු කුලවාදය



      කුල බේදය යනු ඈත අතීතයේ සිටම මිනිසුන් අතර පවතින තවමත් නොනිමි සංකල්පයකි. දඹදිව පහළ වූ බුදු පියාණන් වහන්සේ මේ කුල බේදය නම්වූ කාල්පනික මිනිස් බෙදීම බැහැර කළ යුතු බව සිය දහම ඇසුරෙන් කදිමට පැහැදිලි කොට ඇති සේක. බුදුන් වහන්සේ සජීවීව වැඩ සිට දැන් අවුරුදු දහස් ගණනක් ගෙවී ගොස් ඇතත් අදටත් දියුණුයැයි සම්මත ලෝක මිනිස් සමාජයේ බොහෝ තැන්වල කුල බේදයේ අමිහිරි ප්‍රතිඵල අසන්නට දකින්ට ලැබීම කනගාටුවට කරුණකි. 

     නේපාල දේශයේ දකුණු දෙසින්  වාර්තා වන්නේ කුල බේදය නිසා අසන්නට ලැබෙන දුක්මුසු පුවතකි. ඒ අද (මැයි 31 වැනිදා)ට දින හතකට පෙර (මැයි මස 24දා) වාර්තා වූ මරණ සම්බන්ධයෙනි.

        'ඩලිට්'  නමින් හැඳින්වෙන කුලයට අයත් නවරාජ් සහ ටිකා රාම්  යන දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන ඇත්තේ බ්හෙරි නදී ඉවුරේදීය. ගනේෂ්, සන්දීප් සහ ලෝකෙන්ද්‍ර  යන තිදෙනාගේ මළ සිරුරු සොයා ගන්නට ලැබී ඇත්තේ පසුවය. ගෝවින්ද සෂී නමැති තරුණයා ගැන තවමත් තොරතුරක්වත් සොයා ගෙන නැත. 

     මේ යෞවනයන්ගේ මරණ සහ අතුරුදහන් වීමේ පිටුපස ඇති සැබෑ හේතුව කුමක් ද? ඇතැම් විට ඔබ එකවර විශ්වාසයට ගන්නට මැලි වේවි .එහෙත් ඇත්ත එයයි.
මේ විනාශයට මුල්වී ඇත්තේ නොගැළපේයැයි සම්මත කුල දෙකක තරුණයකු සහ තරුණියක අතර ඇති වූ පෙම් සබඳතාවයි. 

     නවරාජ් විසිඑක් වියැතිය. ඔහු දකුණු දිග නේපාලයේ ජජර්කොට් ප්‍රදේශයේය. ඔහු ඩලිට් කුලයේ පවුලකට අයත්ය. ඔහුගේ ආදරය හිමි කරගත් යෞවනිය දහහත්වැනි වියේය. ඇය සුෂ්මාය ඇය අයත් වන්නේ  සමාජයේ උසස්යැයි සම්මත කුලයකටය.  

       කුල දෙක අතර පවතින සමාජ සම්මත නොගැළපීම නිසා සුෂ්මාගේ පාර්ශවයෙන් නවරාජ් ඇතුළු මුළු පවුලටම අවවාද කැරුනේ මේ සම්බන්ධය නතර කර දමන ලෙසයි. 
සුෂ්මාගේ වැඩිහිටියන්ට අවශ්‍ය වූයේ සුෂ්මා තම කුලයේම තරුණයකු හා විවාහවනු දැකීමටයි. එහෙත් සුෂ්මා ඊට අකමැතිවූ නිසා ඇය නවරාජ්ට අවධාරණයෙන් දන්වා සිටියේ එවැනි විවාහයක් සිදු වීමට ඉඩ නොතබා තමාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නා ලෙසයි.

     සිය පෙම්වතියගේ ඉල්ලා සිටීම පිළිගත් නවරාජ් ඒ සඳහා පියවර ගත්තේ මැයි මස විසිතුන්වැනිදා රාත්‍රියේය. ඔහු සිය 'මෙහෙයුම' සඳහා පැමිණියේ සිය මිතුරන් දහඅට දෙනෙකු සමගය. ඔහුගේ වෑයම වූයේ සුෂ්මා හා සමග රහසින් ‘පැන යන්නටය'. 

       පැන යම සිදු වූවත් එය එසේ නොවූයේ රහසින් නොවීය. සුෂ්මාගේ ගම් ප්‍රදේශය වූ සෝටි වෙත පැමිණි තරුණ පිරිස මුහුණ දුන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයකටය. ඔවුන්ට සුෂ්මාගේ පාර්ශවයෙන් එල්ල වූයේ බලවත් තර්ජනයකි. ඔවුන් පලවා හරිනු ලැබීය. පලවා හරිමින් පහර දෙනු ලැබීය.

      නවරාජ්ගේ සහායට පැමිණි මිතුරු පිරිසෙන් බොහෝ දෙනෙකු ඒ තාඩන පීඩනවලින් ගැලවුණේ  අසලවූ නදියට පැන පීනා යාමෙනි. එහෙත් නවරාජ් ඇතුළු කිහිප දෙනෙකුටම බේරී යාමට ඉඩක් ලැබුණේ නැත. ඔවුන්ට හිමි වූයේ බලාපොරොත්තු රහිත වෙලාවක ආ මරණය පිළිගැනීමටය. එක මිතුරකු තවමත් අතුරුදන්ය. බේරීගත් පිරිස පොලිස් ස්ථානයට වාර්තා කිරීමෙන් පසු  මුදා හරිනු ලැබ ඇත.
මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ඩලිටි වංශිකයන් නේපාල රජයට බල කර සිටින්නේ මිනීමරු කල්ලිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

      නේපාලය යනු බුදුන් උපන් දේශයයි. තිලෝගුරු බුදු පියාණන් යනු කුල වාදයට එරෙහිව දේශනා කළ එසේම කුල හීනයැයි සම්මත පිරිස් තම ශාසනයට සම්බන්ධ කර ගනිමින් කුල වාදය යන අදහස තුරන් කරන්නට ප්‍රායෝගිකව ක්‍රිියා කළ ශාස්තෘන් වහන්සේය.

  එවැනි උතුම් දහමක් ඇති රටක තවමත් මෙවැනි ම්ලේච්ඡ වාතාවරණයක් පැවතීම ඇත්තටම කනගාටුවට කරුණක් නොවන්නේ ද?
(විදෙස් පුවත් ඇසුරිනි.)

English Language - An exercise -. Rearrange the words......


Rearrange the words to make complete meaningful sentences.
දී ඇති වාක්‍යවල ඇති වචන පිළිවෙළින් නැවත සකස් කොට සම්පූර්ණ සහ අර්ථවත් වාක්‍ය සාදන්න.
 When rewriting please be careful to use capital letters and other punctuation symbols in the correct places. 
වාක්‍ය නැවත ලිවීමේදී  සුදුසු ස්ථානවල කැපිටල් අකුරු යොදා ගැනීමටත් අවශ්‍ය අනෙක් විරාම ලකුණු භාවිත කිරීමටත් කරුණාකර සැලකිලිමත් වන්න

1) plays / the / day / John / in / every / park 
2) United Kingdom / plans / have / I / to / next /  
     to  / year / go 
3) to / today / I / to / want / the / library / go 
4) football / play / Surendra / a / player / is / in /        but / not / is / position / he / to / the / team / for     / school / good / a
5) book / this / it / new/ is / my / is / very / and /          costly 
6) father / on /office / his / my / his / to / way
7) the / Australia / great / is / popular / barrier / a /      reef / tourist / in / attraction
8) books / we / table / to / getting / this / for /              these / on / others / keep / attention / want
9) every / is / our / attendance / marking / the /            class / day / in / taecher / the / tregister /                  morning 
10) world-renowned / the / musicle / is / guitar /           but / a / instrument / simple 

Friday, May 29, 2020

නොදන්වා යාවිද ?


Answers - A short exercise in English Language



Answers

Complete the given sentences using an appropriate word or the phrase.

1. We stopped at the restaurant ............. our lunch. 
          to have / for having]
         We stopped at the restaurant .for having..... our  
     lunch. 
       

2. We stopped near the huge tree .......... a break.
    for/for having   
    We stopped near the huge tree ...for....a break.
      
3.  I went to Japan .............. my uncle.

     to see / for seeing
     I went to Japan ....to see.... my uncle.

     
4. What do I need to get ............. my lunch?
     to / for
    What do I need to get ...to...my lunch?
    
5.  Collect all your rubbish ............ recycling.
     to / for / so
     Collect all your rubbish ....for.... recycling.
    
6.  I took the phone back to the shop  ............... a  

     replacement.
     to get / for getting
     I took the phone back to the shop  ....to get... a  

     replacement.
     
7. We started early today ............  
    we wouldn't be late.
    so / so that
    We started early today ...so...  
    we wouldn't be late.
    
8. You need to be over 18 years .............. that film.
     for watching / to watch
         You need to be over 18 years ...to watch.. that  
     film.


9. I am leaving early in the morning .............  
    the rush hour traffic.
    for avoiding / to avoid

    I am leaving early in the morning...for  
    avoiding......the rush hour traffic.
    
10. I am angry with you ........... me up very early.
      to wake / for waking      
     I am angry with you ..for waking......me up       
     very early.
      
   

Thursday, May 28, 2020

නිවසේ තනි වූ භූතාත්මය - A Ghost in the House


නිවසේ තනි වූ භූතාත්මය  -  A Ghost in the House





ඡායාරූපයේ ඔබ දකින නිවස ශ්‍රී ලංකාවේ කිසියම් පෙදෙසක පිහිටියකි දැන් නම් ගරා වැටෙන තත්ත්වයක ඇති මෙම නිවස යම් රහසක් සඟවා ගෙන සිටියි.
ඒ රහස මරණයක් හා නැවත පැමිණීමක් පිළිබඳවය.
මේ නිවසේ හිමිකරුට හිමි වූයේ සාමාන්‍ය මරණයක්යැයි කීම අසීරුය. ඔහු මිය ගොස් ඇත්තේ තමන්ම උවමනාවෙන්ම වස පානය කිරීමෙනි. මේ නිසා ඒ තත්ත්වය වඩාත් හොඳින් හැඳින්විය  හැක්කේ  සිය දිවි නසා ගැනීමක් ලෙසය.

The house you see in the photo is located in a part of Sri Lanka. This house has hidden a secret of death and return of the same. It is impossible to say that the owner of this house had a normal death. He had died by deliberately poisoning himself.


සිය ජීවිතය තමන් අතින්ම නසා ගත් නිවසේ හිමිකරු තමන්ගේ මරණයෙන් පසු මෙම නිවස අතහැර ගියේ නැත. 
ඔහු එම නිවස ආශ්‍රිතව තවමත් සැරිසරමින් සිටින බව ස්ථිර කොට ඇති පුවතකි.
ඔහු ඒ නිවසේ කිසිවකුට රැයක් ගෙවන්නට දෙන්නේ නැත. කිසිවකු එසේ කළහොත් යම් හිරිහැර පමුණුවයි.

The owner of the house who took his own life did not leave the house even after his death. It is confirmed that he is still moving around the house. He will not let anyone stay overnight in the house. If done somebody he will bother him.

එසේම එම නිවසේ අලුත්වැඩියාවක්වත් කරන්නට ඒ සැරිසරන ආත්මය ඉඩක් දෙන්නේ නැත. කවර හෝ බාධාවක් පමුණුවයි.
මෙයින් හැඟෙන්නේ කුමක්ද? තම මරණය කුමක් හෝ හේතුවක් නිසා තමාම ළඟා කර ගත්තත් තම නිවස පිළිබඳ ආශාව නම් ඔහු තවමත් අත හැර නැති බවයි.
තමන්ගේ මරණය නිසාවත් තම නිවසට බැඳි ආශාව ඔහුට නැති කර ගන්නට බැරි වූ හැටි....

Also, the wandering spirit does not allow the house to be repaired any obstacles. What does this mean? Though his own death may have reached him for some reason, the desire for his home is that he has not yet given up. How he could not lose his passion for his home, even. in his death.

කරුණාකර, “වලව්වේ ආත්මය” යූ ටියුබ් විඩියෝව නරඹන්න.
Please, watch the video on YouTube.
http:// youtu.be/d6iFADYFDfo










Wednesday, May 27, 2020

English Language - A short Exercise



Complete the given sentences using an appropriate word or the phrase.

1. We stopped at the restaurant ............. our lunch. 
          to have / for having]

2. We stopped near the huge tree .......... a break.
    for/for having   

3.  I went to Japan .............. my uncle.
     to see / for seeing

4. What do I need to get ............. my lunch?
     to / for

5.  Collect all your rubbish ............ recycling.
     to / for / so

6.  I took the phone back to the shop  ............... a  
     replacement.
     to get / for getting

7. We started early today ............  
    we wouldn't be late.
    so / so that

8. You need to be over 18 years .............. that film.
     for watching / to watch

9. I am leaving early in the morning .............  
    the rush hour traffic.
    for avoiding / to avoid

10. I am angry with you ........... me up very early.
      to wake / for waking      

Tuesday, May 26, 2020

Answers for the Exercises dated 24/05/2020


Answers

These are some exercises suitable for students and others who wish to improve their day to day English.

A] Underline the suitable word.

Maria is sitting on a sofa. She feels a bit (bored/boring) today. She is reading a novel. It is also not really (interested/interesting). One of her friends has recommended reading that novel.

Even though Maria has found the novel quite (disappointed/ disappointing). Maria told her friend she was not enjoying the book and she was (shocked/shocking).

Two days before Maria was very (exited/exiting) because of an incident she has faced for. 

She was offered a promotion in her job. Maria felt (surprised/surprising) about it since she has not expected at this time.


B] Choose the 'letter' of the correct answer and write it on the 
     given space.
 1) I liked the stories in this book because they are ....a....
     a) funniest    b) funnier  

2) I am the...c... student in my French class.
     a) weaker      b) weakiest   c) weakest

3) Ron is the ...b.... runner in our football team.
      a) faster        b) fastest       c) fasterest 

4) My sitting cushion is ...a.... than my sister's cushion.
      a)  softer       b) soffiest      c) softest 

5) Who has the ...b... marks for the English Language?
      a) higher       b) highest      c) higheist  

6) This is the ...a.... story I ever read.
      a) saddest      b) sadder       c) sadest 

7) Sandar's essay was ...b.... than Brian's essay.
      a) longiest     b) longer      c) longest

8) Is your room ...a.... than brother's room?
      a) colder        b) coldest     c) coldier

9) Brown is the ....c... person I know.
      a) luckyest     b) luckier      c) luckiest 

10) Is Roland the ....b..... person in this sports club?
       a) strongiest  b) strongest   c) strongiest  

Monday, May 25, 2020

සැමටම බුදුදහම Buddhism For Everybody







     නාචින්තයන්තෝ පුරිසෝ - විසේස මධිගච්ඡති” 
        "Na chinthayantho puriso - visesa madhigachchathi"


කිසිවක් අමුතුවෙන් සිතන්නට අකමැති අලුත් දෙයක් ගැන සිත යොමු කරන්නට අලස බවක් දක්වන සිතක් ඇති තැනැත්තාට කිසිදු විශේෂ තත්ත්වයකට පැමිණිය නොහැකිය.
 A person who is too lazy to think about something new or that he does not want to think about new, cannot come to any particular situation in his life.

මිනිසකුට උපතින්ම සිතක් අයිතිය. එහෙත් මේ සිත නිසි අයුරින් පාලනය කර ගැනීම හෝ මේ සිත සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වීමට බොහෝ අය කැමති වන්නේ නැත. එසේ සිදුවනු ඇත්තේ තමන්ට ඇති සිත සම්බන්ධයෙන් තමන් තුළම දැඩි විශ්වාසයක් නැති නිසා විය හැකිය.
Every human being is borning with a mind. It is a common factor. But most people do not like to have this mind under control or to take a special interest in it. It may be because they do not have confidence in themselves.

 තමන්ට සිතක් ඇති බවත් ඒ සිත මේ ලෝකයේ ඇති හැම වස්තුවකටම වඩා, ධන සම්පතකටම වඩා උතුම් බව උසස් බව මිනිසා තේරුම් ගැනීම සුදුසුය.
 It is proper for a man to realize that he has a mind and that his mind is superior to all the riches and wealth of this world.

කෙනෙකුට සිතක් ඇති බව පැහැදිලිව තේරුම් ගියත් ඒ සිත නිවැරැදි      සිතිවිලි සඳහා මෙහෙයවීම මිනිසා විසින් බොහෝ විට අමතක කර දමනු ලබයි.
Even if one has a clear understanding of the mind, it is often forgotten by man to guide his mind towards good thoughts.

එය මුළු ලෝකයම සඳහා  පැහැදිලි කරුණක් වන්නේ චින්තකයන් හෙවත් අලුතින් සිතන්නන් මුළු  ලෝකයෙන් ම සොයාගත හැක්කේ  අතළොස්සක් නිසයි.
It is obvious to the whole world that there are only a handful of thinkers or innovators in the world.

සිතීම ඕනෑම කෙනෙකුට කළ හැකිය කුඩා දරුවෝ ද සිතති.  සොරුන් මිනීමරුවන් ද සිතා කටයුතු කරන බව පෙනේ එහෙත් පැහැදිලි දැකීමක් ඇතිව ක්‍රමානුකූලව  විශේෂ පිළිවෙළක්  ඇතිව සිටීම හැම කෙනෙකුටම කිරීම අපහසු බව පෙනේ. ඒ සඳහා සිත විශේෂ පුහුණුවක් සහිත තත්වයකට පත්කර ගත යුතුය. මේ තත්ත්වය ඇති කර ගැනීම අප සිතන තරම් පහසු වන්නේ නැත.
Thinking can be done by anyone. Even small children thinking before doing something at some age. 
Thieves and murderers seem to be thinking before doing whatever they want to do. 
But it is difficult for everyone to have a systematic special order with a clear vision. For that, the mind needs to be put into a specially trained position. It is not as easy as we think.

පැහැදිලි සිතකින්  යුතුව පැහැදිලිව කල්පනා කරන අය විශේෂ තත්ත්වයකට පැමිණෙන්නේ ඒ නිසාය. ඔවුන් සිය සිත තමන්ට අවශ්‍ය ලෙස පිළිවෙළක් ඇතිව සිතිවිලි ඇති කර ගැනීමට පුරුදු කරගෙන ඇත.
 That is why those who think clearly and with clear thinking come to a special status. They have their minds set on orderly thinking.

නිසි සේ සිතා කරුණු නොවිමසා ක්‍රියාකිරීම නිසා ලැබිය හැකි ප්‍රතිඵලය අයහපත් හෝ අල්ප හෝ විය හැකිය. ඇතැම්විට ඒ තත්ත්වය කිසියම් දරුණු ස්වභාවයක් ගත හැකිය.
Acting improperly and deliberately can result in bad or insignificant results. Sometimes the condition can be severe.

සිත යම් කිසි උසස් තත්වයකට පමුණුවා ගැනීමට උසස් සිතිවිලි  සිත තුළ වර්ධනය කර ගැනීම අවශ්‍ය ය. එය අප මේ කතා කරන තරම් පහසු නොවිය හැකිය. ඉතා ඉවසීමෙන් කළ යුතුය. ඒ එසේ වුවත් එම තත්ත්වයට පත්කර ගනු ලබන සිතින් ලැබෙන ප්‍රතිඵල ඉතාම යහපත් විය හැකිය.
 It is necessary to cultivate higher thoughts in the mind in order to improve the mind. It may not be as easy as we discuss this. Must be very patient. Nevertheless, the results of the mind that are being put into that situation can be very good.

ඒ නිසා තමන්ගේ සිත තමන්ට හැකි තරමින් හෝ යහපත් අදහස් සහිත උසස් සිතිවිලි සහිත ඉන්ද්‍රියයක් බවට පත්කරගැනීමේ  සමත්කම ඇතිවන්නේද තම සිතේම බවද වටහා ගැනීම සුදුසුය.

Therefore, it is best to understand that it is possible to make one's mind as good as possible or with good intentions.

Sunday, May 24, 2020

Exercises in English Language


These are some exercises suitable for students and others who wish to improve their day to day English.


A] Underline the suitable word.

Maria is sitting on a sofa. She feels a bit (bored/boring) today. She is reading a novel. It is also not really (interested/interesting). One of her friends has recommended reading that novel.

Even though Maria has found the novel quite (disappointed/ disappointing). Maria told her friend she was not enjoying the book and she was (shocked/shocking).

Two days before Maria was very (exited/exiting) because of an incident she has faced for. 

She was offered a promotion in her job. Maria felt (surprised/surprising) about it since she has not expected at this time.

B] Choose the 'letter' of the correct answer and write it on the 
     given space.
 1) I liked the stories in this book because they are ...............
     a) funniest    b) funnier  
2) I am the............ student in my French class.
     a) weaker      b) weakiest   c) weakest
3) Ron is the ............. runner in our football team.
      a) faster        b) fastest       c) fasterest 
4) My sitting cushion is ................. than my sister's cushion.
      a)  softer       b) soffiest      c) softest 
5) Who has the .............. marks for the English Language?
      a) higher       b) highest      c) higheist  
6) This is the ................ story I ever read.
      a) saddest      b) sadder       c) sadest 
7) Sandar's essay was .............. than Brian's essay.
      a) longiest     b) longer      c) longest
8) Is your room ............... than brother's room?
      a) colder        b) coldest     c) coldier
9) Brown is the ............... person I know.
      a) luckyest     b) luckier      c) luckiest 
10) Is Roland the .............. person in this sports club?
       a) strongiest  b) strongest   c) strongiest  

Saturday, May 23, 2020

මුදල් සහ මරණය



                                                         මුදල් සහ මරණය

       
                       (Photo from the Internet)
                     
      මෑතක දිනකදී කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකින් අපට අසන්නට ලැබුණේ අප කිසිසේත්ම ඇසිය යුතු ආකාරයක පුවතක් නොවේ. මුදල් ආධාර බෙදද්දී තිදෙනෙකු සිය ජීවිත ව්‍යසනයට මුහුණ පෑ ආකාරයකි ඒ පුවතෙන් කියැවුනේ.

       ශ්‍රී ලංකාව ඇතුළුව මුළු ලෝකයම මේ දිනවල මුහුණදී සිටින්නේ කිසිවකුත් කිසි කලෙක අපේක්ෂා නොකළ අන්දමේ වසංගත උවදුරු තත්ත්වයකටය. ලොව පුරා විවිධ රටවල ජනතාව මුහුණදී සිටින මේ රුදුරු වසංගත රෝගී තත්ත්වය නිසා ලෝකයේ කොයි රටේත් ඒ රටට අනුකුළව මිනිසුන් නෙක ආකාරයේ දුෂ්කරතාවලට මුහුණදී සිටී.

        මෙම වසංගත රෝගී තත්ත්වය නිසා කොයි රටේත් ජනතාවගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය ලෙසින් ගත කිරීමේ අවස්ථාව ඒ සැමටම අහිමිවී ගොසිනි. ඒ නිසා තමන්ගේ එදිනෙදා ජීවිතය අවම මට්ටමකින් හෝ පවත්වා ගෙන යෑමට ජනතාවට තවත් කාගේ හෝ ආධාර උපකාර අවශ්‍ය වීම මෙවැනි ආපදා තත්ත්වයක් යටතේ ස්වාභාවිකය. 

     එවැනි හදිසි ආධාර ලබා දීම මෙවැනි හදිසි අවස්ථාවන්හිදීි පවරා ගන්නේ රටේ පවතින රජයය. නැති නම් එවැනි කටයුතු කිරීමෙහි සමත්කම් සහ පළපුරුද්ද ඇති සංවිධානය. පෞද්ගලිකව ද එවැනි කටයුත්තක් ඉටු කළ හැකිය. එහෙත් එවැන්නක් කළ යුත්තේ හොඳින් සංවිධානය වීමෙන් පසුවය.
         
      මෑතකදී වාර්තා වූ අවාසනාවන්ත සිදු වීමට මුල්වී ඇත්තේ පෞද්ගලිකව ඉටු කරන්නට ගිය මුදල් ආධාර බෙදා දීමකි. එසේ බෙදනු ලැබූ මුදල් ආධාරයේ වටිනාකම රුපියල් දෙදහස්පන්සියයක් බව කියනු ලැබේ. ප්‍රශ්නය ඇත්තේ මුදලේ වටිනාකමේ නොවේ. එය බෙදීමේදී භාවිත කොට ඇති බවට අනුමාන කළ හැකි බෙදීමේ ක්‍රමවේදයේයි.

         වාර්තා වන පරිදි ඒ මුදල් බෙදූ තැනැත්තා හැම වසරකම තම ආගමික උත්සවයක් අරමුණු කොට එසේ බෙදනු ලබන බව ද වාර්තා වෙයි. එහෙත් අනෙක්  වසරවල මෙන් නොව මේ වසරේ සමාන්‍ය ජන ජීවිතය බොහෝ දුරට අඩාලවී ඇතැයි යන්න නිසි සැලකිල්ලට නොගැනීම මෙහි ඇතිවී ඇතැයි සිතෙන බරපතළ තත්ත්වයයි.

             ආධාර බෙදූ පුද්ගලයාට තම ප්‍රදේශයේ සිට එන්නට බලපත්‍රයක් තිබුණු බව සඳහන් කරන අදාළ අනතුර සිදුවූ ප්‍රදේශයේ පොලීසිය ඊළඟට කියා සිටින්නේ මෙවැනි ආධාර බෙදීමක් සම්බන්ධයෙන් තමන්ව කලින් දැනුවත් කොට නැති බවයි. කෙසේ වෙතත් අනතුරෙන් පසු ආධාර බෙදූ පුද්ගලයා ඇතුළු තවත් කිහිප දෙනෙකු මේ වන විට ඇත්තේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේය.

          මේ ඉතාම අවසානාවන්ත සිදුවීම පිටුපස සැඟවුණු දේ බොහෝ ඇති බව පෙනේ. එයින් මුල්ම කරුණ වන්නේ ජනතාව රැස්වීම තහනම් කොට ඇති මෙවැනි කාලයක තෙරපී මැරෙන්නට තරම් ජනතාවක් එකම තැනකට එක් රැස්වීමයි. එවැනි වාතාවරණයක් පාලනය කරන්නට කිසිවකුම ඉදිරිපත් නොවීම මෙහි ඇති බරපතළම තත්ත්වයයි.

          ජනතා රැස්වීම් තහනම් කොට ඇති විටෙක සෞඛ්‍ය බලධාරීන්ගේ කොන්දේසි පිළිබඳව නිසි සැලකිල්ලකින් තොරව ජනතාව රැස් කිරීමට කෙනෙකු කටයුතු කළා නම් එවැනි තත්ත්වයක් ගැන ද සොයා බැලීම කළ යුතුය.

           මේ සියලුම කරුණු අභිබවමින් ඉහළට මතු වෙන කරුණ වන්නේ මුදල් සඳහාවූ මිනිස් අවශ්‍යතාවයි. රුපියල් දෙදහස්පන්සියයක මුදලින් මහා ලොකු දේ කළ නොහැකි වුවත් ඒ මුදලවත් මේ වසංගත රෝගී තත්ත්වය යටතේ නොලබන කොටස්වලට ඒ මුදල කිව නොහැකි තරමේ වටිනාකමකින් සමන්විත විය යුතුය.

      මිනිසුන් එන්නට ඇත්තේ එසේ තමන්ට ලැබෙන මුදල අතමිට මොළවා ගෙන එයින් කළ හැකි උපරිමය කරන්නට සිත තබා ගෙනය. එහෙත් ආධර මුදල දෙන්නට පැමිණි අයටත්, ආධාරය ලබන්න පැමිණි අයටත් කොතැනක හෝ විශාල වැරැද්දක් වන්නට ඇත.

           ඒ වැරැද්ද දැන් නැවත නිවැරැදි කළ හැකි එකක් නොවේ. වැරැද්ද කොහේ තිබුණත් ඒ නිසා දැන් මිනිස් ජීවිත හානි තුනක් හානිවී අවසානය. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා හමාරය. 
       
         ජීවිත හානිය සංස්කෘතික, ආගමික හෝ භාෂාමය හෝ වශයෙන් හෝ තක්සේරු කළ නොහැක්කකි. කාගේ ජීවිතයත් සමාජයකට වටින නිසාය. 
      ඒ නිසා මින්මතුව හෝ ‘දීමේදී’ මෙන්ම ‘ගැනීමේදී’ ද පිළිගත් ක්‍රමවේදයකට අනුව කටයුතු කර ගන්නට සිතා ගැනීම පාඩමක් ඉගෙනීමට කැමති කොයි කවුරුත් කළ යුතු අගනා කටයුත්තකි.

Thursday, May 21, 2020

අපට සොබා දහම පැරද විය හැකි ද?


                      අපට සොබා දහම පැරද විය හැකි ද? 

          මිනිසුන් වන අප සිතා සිටින්නේ මේ ලෝකය නම්වූ සීමාකාරී වපසරිය ඇතුළත අපට කළ නොහැක්කක් නැති බවයි. යම්තාක් දුරකට එහි සත්‍යයක් ඇත. 
        
       හේතුව ලෝකයේ මිනිස් වාසය ඇතිවූ කාල වකවානුවට වඩා අද දියුණු ලෝකයේ මිනිසා බෙහෙවින් ඉදිරියෙන් සිටින බැවිනි. ඒ දියුණුව බොහෝ මාධ්‍යයන් හරහා පැතිරී තිබීම ද විශේෂත්වයකි. 

       සන්නිවේදනය, වෛද්‍ය , තාක්ෂණික ආදී වශයෙන් ගත්විට මේ දියුණුව පිළිබඳ සාක්ෂි ජන සමාජයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ඉතාම පැහැදිලිව දැකගත හැකිය.  

      මේ තත්ත්වය ඉතාම හොඳ ප්‍රවණතාවක් ලෙස මුළු ලෝකයම අනුමත කරන්නේ මිනිස් සමාජයේ ඉදිරි ගමනට ඒ සෑම දියුණු අංගයක්ම කුමන ආකාරයකින් හෝ ඉවහල් වන බැවිනි. මිනිසා ඒ කුමන ඉසව්ව ජය ගත්තත් තවමත් අභිභවනය කළ නොහැකිවූ ඉසව්වක් වන්නේ සොබා දහමයි.

     සොබා දහමේ නීති වෙනස්ය. ඒ නීති මෙන්ම සොබා දහමේ සාමාන්‍ය ඇවතුම් පැවතුම් ද වෙනස්ය.  ඒවා ඉටු කිරීමේ මෙන්ම ඉටු නොකිරීමේ ද වගකීම දරන්නේ සොබා දහමය. එසේම ඇවතුම් පැවතුම් පවත්වා ගැනීමේ හෝ පවත්වා නොගැනීමේ වගකීම දරන්නේ ද සොබා දහමයි.

    













සොබා දහමේ හැසිරීම් රටාව හරිම අපූරුය. සූර්යා ලෝකය නැති නම් හිරු රැස් නැතිව ගස් හෙවත් ශාක සිය ආහාර නිෂ්පාදනය කරන්නේ නැත. ගස්වැල් එසේ නොකරන්නේ නම් මූලික වශයෙන් මිනිසුන්ට තම ආහාර සපයා ගැනීමේ හැකියාවක් නැත.

    ශාකවල ඇති කොල පැහැති පත්‍ර ඇතුළත සිදු වන මේ අපූරු ආහාර නිපදවීමේ ක්‍රියාවලියට කාබන් ඩයොක්සයිඞ් (අංගාරිකම්ල) වායුව උපයොගී කොට ගෙන එහි අවසන් ප්‍රතිඵලයක් ලෙස මිනිසාට ශ්වසනය සඳහා වැදගත් වන ඔක්සිජන් (අම්ලකර) වායුව ගස්වැල් මඟින් වායු ගෝලයට මුදා හරිනු ලබයි. 

    



   කිසිම කෙනෙකුගේ අනුදැනුමක් මෙහෙයවීමක් හසුරුවාලීමක් නොමැතිව ස්වභාවධර්මය තමන් විසින්ම නිර්මාණය කරනු ලබන මෙවැනි අපූර්ව ක්‍රියාකාරීකම් මුළු ලෝකය පුරා තව කොතෙකුත් ඇත.මෙවැනි තත්ත්වයන් කිසිම අවස්ථාවක මිනිස් අතකින් පාලනය කිරීම කළ නොහැකිය. 

   
 

         එසේම ස්වභාවධර්මය විසින් කරනු ලබන ස්වකීය අපූර්ව නිර්මාණ සාමාන්‍යයෙන් ගත් කල ලෝකයේ දියුණු මිනිසුන් වන කිසිවකුට හෝ නැවත කළ නොහැකිය. මේ නිසා සාමාන්‍යයෙන් අප සලකනු ලබන්නේ ස්වභාවධර්මය විසින් පවත්වාගෙන යනු ලබන ඇවතුම් පැවතුම් වල වෙනස්කම් දියුණුයැයි සම්මත මිනිසුන් හට කළ නොහැකි බවයි.

   
 

      ගිනිකන්දක් යනු වසර දහස් ගණනක ස්වාභාවික හේතූන් නිසා ඇතිවන ප්‍රතිඵලයක් බව විද්‍යාඥයෝ පවසති. එහෙත් ඒ රසායනික විපර්යාස නිසා ඇතිවන අවසන් බිහිසුණු ප්‍රතිඵලය වන ගිනිකන්ද  කිසියම් දිනෙක පුපුරා යෑම වළක්වාලන්නට මෙතෙක් ක්‍රමයක් සොයා ගෙන නැත. දැනට දියුණු කොට ඇති ක්‍රම අනුව ගිනිකන්ද සක්‍රිය වන කාල සීමාව ගැන පූර්ව හඳුනා ගැනීමක් කළ හැකිය. ඒ අනුව කටයුතු කිරීමෙන් මිනිසුන්ට ඇති විය හැකි හානි වළක්වා ගන්නට හෝ හානි අවම කර ගැනීම හෝ කළ හැකිය. 

      

         මහ සයුරේ ඇති වන සුනාමි තත්ත්වයක් යනු සාගර පතුලේ ඇති වන දැඩි කම්පනයක් නිසා බිහි වන සයුරේ අස්වාභාවික රළ නැගීමකි. මෙවැනි අහිතකර පාරිසරික තත්ත්වයක් සම්පූර්ණයෙන්ම වළක්වාලිය නොහැකිය. හේතුව සාගර පතුලේ එවැනි තත්ත්වයක් ඇති වීමට පෙර කලින් හඳුනා ගැනීම අසීරු නිසාය. එහෙත් සයුරු පතුලේ ඇති වන එවැනි චලන ඇති වන බව දැන ගැනීමට දැන් ක්‍රමවේද සකසා ඇති නිසා සුනාමි තත්ත්වයන් ඇති වීම ගැන පූර්ව දැනුම් දීමේ පහසුකම් ලොව පුරා පවතී.   
     
     පෘථිවිය මත ජීවය පවත්වා ගෙන යෑමට සූර්යාලෝකය අත්‍යවශ්‍යවේ.  එහෙත් චණ්ඩ හිරු රැස් පොලොව වසා ගෙන දිගු කාලයක් පවතින විට ජනතාව පීඩාවට පත් වීම නතර කළ නොහැකිය.

   ජීවිතය පවත්වා ගෙන යෑමට ජලය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් අනවරත මහ වැසි වසිද්දී ජලාශ උතුරා ජලය පිටාර ගලා යද්දී ජන ජීවිතය පීඩාවට පත් වීම නතර කළ නොහැකිය. මහ වැසි වැටී කඳු කඩා ගෙන නාය යද්දී ඇති වන ජීවිත විනාශ වීම් පවා ඇතැම් විට නතර කළ නොහැකිය.
     මේ අනුව පෙනී යන්නේ කුමක් ද? මිනිසා විසින් සොබා දහමට එරෙහිව විනාශ කිරීම් දියත් කර ඇතිසේම සොබා දහම ද ඇතැම් විට යම් ක්‍රමවේද යොදා ගනිමින් පෘථිවි ජීවිතවලට බලපෑම් ඇති කරන බවයි.  
    
       සාමාන්‍ය සුළි සුලං මෙන්ම ඊටත් වඩා දරුණුවූ මහා චණ්ඩ කුණාටු රටවල් හරහා හමා යද්දී ඒ සඳහා ඔරොත්තු දීමේ පිළිවෙත් අනුගමනය කරනු හැර මිනිසාට දැනට වෙන කරන්නට දෙයක් නැත. එවැනි දරුණු කාලගුණික විපර්යාස වැළැක්වීමේ ක්‍රමවේද සකස් කිරීම කළ නොහැකි දෙයක් බවට පත්වී තිබේ. 

      ඉතා දරුණු නියග හමුවේ යම් ප්‍රමාණයක වැසි උපදවා ගැනීමක් හැරුණු කොට සොබා දහම ඉක්මවා යන තරමේ පියවර ගැනීමට මිනිසා තවමත් අසමත්ය.

      මේ හැම කරුණකින්ම පෙනී යන්නේ වර්තාමානයේ නොයෙක් ආකාර දියුණුවේ හිනි පෙත්තටම නැග සිටින මිනිසා තවමත් සොබා දහම ඉදිරියේ අසරණ බවය. සොබා දහමේ විවිධ චර්යා රටා ඉක්මවා යෑමට මෙන්ම ඒවා තමන්ගේ හැටියට හසුරුවා ගන්නටත් තමන් අසමත් බවයි.
           
       මේ නිසා මිනිසා විසින් දියුණු කළ යුත්තේ සොබා දහමට හැකි තරම් අනුකූලව කටයුතු කිරීමය. එහෙත් ඒ වෙනුවට මිනිසා කරන්නේ සොබා දහම සම්පූර්ණයෙන්ම අමතක කොට තමන්ගේ අද දවසේ ජීවිතය සැපවත් කරගත හැකි මං සෙවීමය. ඒ සඳහා සොබා දහම අමතක කිරීමට පමණක් නොව පයින් පාගා දැමීමට වුවත් මිනිසා පැකිළෙන්නේ නැත.

     විද්‍යාඥයන් දැනටමත් අනතුරු අඟවා ඇති පරිදි  නුදුරේදී ඇති වන ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම ලෝකවාසීන්ට සුබදායී තත්ත්වයක් උදා කරන්නේ නැත. එවැන්නකට මුල පුරා ඇත්තේ ද ලෝකවාසීන්ම වීම එක අතකට සරදමකි.  

      මිනිසකු පෘථිවිවිය මත ජීවත්වී සිටින්නේ කෙටි කාලයකි. බොහෝ විට ඒ කාලය අවුරුදු සියයකටත් අඩුය. එසේ ජීවත්වී සිටින කාලයේදී තම ජීවිතය තමන්ට හැකි උපරිමයෙන් සැපවත්ව ගෙවීමට ඒ මිනිසාට අයිතියක් ඇත. ඒ ගැන තර්කයක් ද නැත.

      එහෙත් තම ජීවිතය සැපවත්ව ගෙවන්නට සිතා අනාගතයේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙන්නට සිතන්නේ නම් ඒ අදහසේ සාධාරණ බවක් නැත.
මිනිසුන් වැඩිපුරම සිතිය යුත්තේ ඒ ගැනය.
   
    

Monday, May 18, 2020

Articles from the World

Research shows even animals benefit from social distance to prevent disease            (This is a quoted article) - 12th May 2020


Microorganisms living inside and on our bodies play a crucial role in both the maintenance of our health and the development of the disease. Now researchers at UTSA have uncovered evidence about the importance of maintaining physical distance to minimize the spread of microbes among individuals.
"Social microbial transmission among monkeys can help inform us about how diseases spread. This has parallels to our current situation in which we are trying to understand how social distancing during the COVID 19 pandemic and future disease outbreaks may influence disease transmission," said Eva Wikberg, an assistant professor in UTSA's Department of Anthropology who studies the interaction between ecology, behavior, and genetics in primates.
The gut microbiome refers to all the microorganisms inhabiting the digestive tract, starting with the stomach and ending with the colon. Over the past decade, the microbiome has come under more scientific focus because it's believed that an unhealthy gut microbiome can lead to obesity, impaired immune function, weakened parasite resistance, and even behavioral changes.
However, researching microbiomes is difficult because of the variation in microbial composition between individuals. One long-standing question is whether this variation is driven by genetic makeup, diets or social environments.
This research inquiry has been especially hard in  because of the lack of detailed data necessary to tease apart the myriad factors that shape the .
To find an answer, Wikberg and fellow researchers studied the fecal matter of 45 female colobus monkeys that congregated in eight different  in a small forest by the villages of Boabeng and Fiema in Ghana. The scientists saw major differences among social groups' gut microbiomes.
However, individuals from different groups that were more closely connected in the population's social network had more similar gut microbiomes. This discovery indicates that microbes may be transmitted during occasional encounters with members of other social groups.
A similar setting maybe when people come into one-meter proximity of each other at a store. Being in close proximity or accidentally brushing up against someone else may be all it takes to transmit certain microbes.
This study suggests that  transmitted this way to help the colobus monkeys digest the leaves in their diet. However, further research is needed to investigate whether this type of transmission yields health benefits, which could explain why different social groups occasionally have friendly between-group encounters.
"Studies of wild animals can teach us a lot about the importance of using interventions, such as social distancing, to ensure a safer community during this pandemic," said Wikberg.
The study's findings are reported in the May issue of the journal Animal Behaviour.
(Article credit - Google)

After recovering from COVID-19, are you immune?    (This is a quoted article) 12 May 2020


As coronavirus spreads across the globe, a crucial question has emerged: After recovering from an infection, are people immune?
This question is important for understanding who can safely go back to work, as well as for understanding how long the worst impacts of the pandemic are likely to last. Because the virus is so new, the answer isn't fully understood. But so far, scientists say, it looks like SARS-CoV-2 probably induces immunity like other coronaviruses. That means that the human body will probably retain a memory of the virus for at least a few years and should be protected from reinfection, at least in the short-term.
"We do not have any reason to assume that the immune response would be significantly different" from what's seen with other coronaviruses, said Nicolas Vabret, an assistant professor of medicine at the Mount Sinai Icahn School of Medicine who specializes in virology and immunology.
Investigations of SARS-CoV-2 so far have suggested, however, that the immune response to the virus also contributes to the devastating effects of the disease in some people.

The immune response to coronavirus

When a virus attacks its first cell in the body, that cell has two jobs to do before it dies, said Benjamin tenOever, a professor of biology at the Mount Sinai Icahn School of Medicine. The infected cell needs to issue a call for reinforcements, sending out a cascade of chemical signals that will activate an army of immune cells to come to battle the invading virus. And it needs to issue a warning to other cells around it to fortify themselves, something it does by releasing proteins called interferons. When interferons land on neighboring cells, they trigger those cells to enter the defensive mode. The cells slow down their metabolism, stop the transport of proteins and other molecules around their interiors, and slow down transcription, the process by which genetic instructions become proteins and other molecules. (Transcription is the process that viruses hijack to make more of themselves.)
In a study accepted to the journal Cell, tenOever and his colleagues found that SARS-CoV-2 appears to block this interferon signal, meaning it messes with the cell's second job. So the first job — the call for immune system reinforcement — works just fine, but the cells in the lungs don't enter defensive mode and so remain vulnerable to viral infection.
"It just keeps replicating in your lungs, and replicating in your lungs and all the while you keep calling in for more reinforcements," tenOever told Live Science.
In many people, even this crippled immune response is enough to beat back the virus. But for reasons not yet fully understood, some people enter a vicious cycle. As the virus keeps replicating, the immune army that arrives in battle it starts doing its job: attacking infected cells, digesting debris and chemicals spewed out by dying cells, even killing nearby cells in an attempt to staunch the damage. Unfortunately, if the virus continues to penetrate lung cells, this army may do more damage than good. The lung tissue becomes hopelessly inflamed; the blood vessels begin to leak fluids into the lung, and the patient begins to drown on dry land. This seems to be the reason that some people become severely ill a couple of weeks after their initial infections, tenOever said.
"At that point, it's not about what the virus has done," he said. "At that point, it's about controlling the severe inflammation."
This cycle is very bad news. But there is a glimmer of hope in the findings. Because the system that calls in the army of immune cells works fine, it seems likely that survivors of COVID-19 will retain immunity to the virus. And indeed, studies have found high levels of antibodies to SARS-CoV-2 in recently recovered patients. Antibodies are proteins made by immune system cells called B cells. They stick around in the blood post-infection and can bind to the virus, either neutralizing it directly or marking it for destruction by other immune cells.
(Credit- Live Science)