දළදා මැදුර |
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා |
අනෙක් අතට වසර දෙදහස්තුන්සියයකට පසු ශ්‍රී ලාංකීය රාජ වංශ කතාව අවසන් කරමින් විදේශීය ජාතියකට රට පවරන්නට මුල්වූ රජතුමා ලෙසයි.
අපේ මේ කතාවේ අරමුණ වන්නේ එතුමාගේ විදේශීය බිරිඳගේ වාසස්ථානය ගැන කතා කිරීමයි.
“ලෝක උරුම ස්මාරකයක් වන මහනුවර දළදා මාළිගාවට යාබදව පිහිටා ඇති මේ ගොඩනැගිල්ල ‘මැදවාසල’ ලෙස හඳුන්වනු ලබයි.”
“දළදා මාළිගා සංකීර්ණයට උතුරින් පිහිටි ඉපැරණි 'උඩවාසල' (ජාත්‍යන්තර බෞද්ධ කෞතුගාගාරය) හා 'පල්ලේ වාසල' (ජාතික කෞතුගාගාරය) අතර පිහිටි “මැදවාසල” ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයන්ගෙන් යුතු සුවිශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණයකි.”
" ‘මැදවාසල’ මහනුවර රාජධානියේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (ක්‍රි ව 1798 -1815) අග බිසව වෙන්කතරංග ජම්මාල් (රෙංගම්මාල්) බිසවගේ වාසස්ථානය බව ව්‍යවහාරයේ පවතී."
.
වෙන්කත රෙංගම්මාල් බිසව |
'ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නීත්‍යානුකූල බිසව මලබාර් දේශයෙන් මෙරටට ගෙන්වා ගත් කාන්තාවකි. මා දැන සිටි විසි අවුරුද්දක කාලය තුළ ඇය රජු සමග නොවසන බව මම දැන සිටියෙමි. මහ රජු තම ඇසුරින් ඇය ඈත් කොට ඇත්තේය. ඇගේ වාසස්ථානය වූයේ මහනුවර නගරයේ මාළිගාවකි. ඇය කිසි දිනෙක ඇය වසන මාළිගයෙන් පිටතට නොයන්නීය. වංශවත් පවුල් කිහිපයක දූවරු මේ බිසවගේ සේවාව සඳහා කැපවී සිටිති.'
මැදවාසල වාස්තු විද්‍යාත්මක අංග
මැදවාසල ඇතුළත දැව කුළුණු |
මහනුවර යුගයේ වාස්තු විද්‍යා නිර්මාණයන් අතර සුවිශේෂී අංගයන් වන දැව කුළුණු සතරක් මෙහි දක්නට ලැබේ. කැටයම් රහිත විශාල සිව්රැස් කුළුණු ද්විත්වය මධ්‍යයේ දර්ශනීය කැටයම් හා මල් ලියවැල් මොස්තරවලින් අලංකෘත කුඩා ප්‍රමාණයේ දැව කුළුණු දෙකක් වේ. සිව්රැස්ව සහ අටැස්ව විහිදී ගිය මේවා එකිනෙකට සමානසේ දිස් වුවද වෙනස්වූ කැටයම්වලින් යුක්තය."
දොර සහ උළුවස්ස
"චන්ද්‍රවංක උළුවස්ස සහිත ප්‍රධාන ද්වාරයට අමතරව අභ්‍යන්තර කුටියේද චන්ද්‍ර වංකය සහිත් ද්වාර දෙකකි. අභ්‍යන්තර කුටියට පිවිසීම සඳහා වන ප්‍රධාන ද්වාරය ඇතුළට විවර වන තනි පියනකින් යුක්ත වේ.
අභ්‍යන්තර කුටියේ අනු ද්වාරයේ ඇති දැවමය සරනේරු මහනුවර රාජධානි සමයේ වාස්තු විද්‍යාවේ විශි්ෂට අංග ලක්‍ෂණ කියාපාන කදිම නිදසුනක්ය."
සතියේ සෑම දිනකම පෙ.ව. 7.00 සිට පස්වරු 5. 00 දක්වා “මැදවාසල” මහජන දැක්ම සඳහා විවෘතය.
මැදවාසල ඉදිරිපස පෙනුම |
(මෙම සටහනේ එන ද්විත්ව කොමා ඇතුළත ඇති කොටස් උපුටා ගෙන ඇත්තේ ‘මැදවාසල‘ විස්තර පත්‍රිකාවෙන් බව කාරුණිකව සැලකිය යුතුයි.)
No comments:
Post a Comment