Saturday, February 19, 2022

5 ශ්‍රේණිය - සිංහල - ප්‍රශ්න පත්‍රය


 

5 ශ්‍රේණිය - සිංහල - ප්‍රශ්න පත්‍රය
ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයන්න.

(1) පහත සඳහන් ජේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. 

මහානාම සිය රැකියාව සඳහා තෝරා ගත්තේ දුම්රිය පොළ අසල පදික වේදිකාවයි. තමා සන්තකයේ ඉතිරිවී ඇති සුළු මුදලෙන් යම් කොටසක් වැය කොට පොත් මිලදී ගත් ඔහු ඒවා විකිණීම ආරම්භ කළේ පදික වේදිකාවේ තබා ගත් පරණ ලෑලි කිහිපයක් මත තබා ගෙන ය. මහානාමගේ ‘පදික පොත් හල’ ජනතාව ප්‍රිය කරන තැනක් බවට පත් වන්නට එතරම් කාලයක් ගියේ නැත.

1) මේ ජේදයේ කියැවෙන්නේ කවුරු ගැන ද?  .....................................
2) මේ ජේදයේ කියැවෙන වෙළඳාම කුමක් ද?   ..................................  
3) මහානාම තමා අත ඉතිරීවී තිබූ මුදලින් කොටසක් වැය කළේ කුමක් සඳහා ද? .................................
4) පදික වේදිකාවේ පරණ ලෑලි මත මහානාම තැබුවේ මොනවා ද?     ..........................    
5) මහානාම තමාගේ වෙළඳාම් කටයුතු සඳහා දුම්රිය පොළ අසල තැනක් තෝරා ගැනීමට හේතුව කුමක් විය හැකි ද? 
.............................................................................................................................................................................................................................
6) පහත සඳහන් පිල්ලම් යෙදුණු වචනය බැගින් ජේදයෙන්  සොයා ලියන්න.
අ) ඉස්පිල්ල - .............................
ආ) දීර්ඝ ඉස්පිල්ල - ...................................

(2) නිවැරැදි අක්ෂරය තෝරා ගෙන හිස්තැන පුරවන්න.

i) විහි ...... (ලු/ළු)                                                          
ii) විනා ...... ය (ශ/ස)
iii) වි ....... ගය (භා/බා)                                                     
iv) විරෝ ...... ය (ධ/ද)                                                         
v) ලස්ස ...... (න/ණ)                                                         
 vi) ලක්ෂ ....... (න/ණ)                                                          
 vii) නිර්මා ...... ය (න/ණ)                                                    
viii)  නි ....  පාදනය (ශ්/ෂ්)                                                                        ix)  පහ ....... (ණ/න)                                                                    
 x) දර්ශ ...... ය (ණ/න)

(3) සුදුසු පිල්ලම් යොදා වාක්‍ය නැවත ලියන්න

i) මරගය සකස කරම දන නවත අත.
ii) ගමරළ නයර දග ගමන කරය.
iii) අප යනන පසලටය.



5 ශ්‍රේණිය - සිංහල - ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු
ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයන්න. 

(1) පහත සඳහන් ජේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. 

මහානාම සිය රැකියාව සඳහා තෝරා ගත්තේ දුම්රිය පොළ අසල පදික වේදිකාවයි. තමා සන්තකයේ ඉතිරිවී ඇති සුළු මුදලෙන් යම් කොටසක් වැය කොට පොත් මිලදී ගත් ඔහු ඒවා විකිණීම ආරම්භ කළේ පදික වේදිකාවේ තබා ගත් පරණ ලෑලි කිහිපයක් මත තබා ගෙන ය. මහානාමගේ ‘පදික පොත් හල’ ජනතාව ප්‍රිය කරන තැනක් බවට පත් වන්නට එතරම් කාලයක් ගියේ නැත.

 ) මේ ජේදයේ කියැවෙන්නේ කවුරු ගැන ද?  මහානාම  ගැන
2) මේ ජේදයේ කියැවෙන වෙළඳාම කුමක් ද?   පොත්
3) මහානාම තමා අත ඉතිරීවී තිබූ මුදලින් කොටසක් වැය කළේ කුමක් සඳහා ද? පොත් මිල දී ගන්නට
4) පදික වේදිකාවේ පරණ ලෑලි මත මහානාම තැබුවේ     මොනවා ද?  පොත්
5) මහානාම තමාගේ වෙළඳාම් කටයුතු සඳහා දුම්රිය පොළ අසල තැනක් තෝරා ගැනීමට හේතුව කුමක් විය හැකි ද? 
මිනිසුන් (ජනතාව) වැඩිපුර ගැවසෙන තැනක් නිසා වෙන්නට හැකියි.

6) පහත සඳහන් පිල්ලම් යෙදුණු වචනය බැගින් ජේදයෙන්  සොයා ලියන්න.

අ) ඉස්පිල්ල - පදික
ආ) දීර්ඝ ඉස්පිල්ල - විකිණීම

(2) නිවැරැදි අක්ෂරය තෝරා ගෙන හිස්තැන පුරවන්න.

i) විහි ...... (ලු/ළු)                      විහිලුව                                                
ii) විනා ...... ය (ශ/ස)                විනාශය
iii) වි ....... ගය (භා/බා)             විභාගය                                        
iv) විරෝ ...... ය (ධ/ද)              විරෝධය                                            
v) ලස්ස ...... (න/ණ)                 ලස්සන                                        
 vi) ලක්ෂ ....... (න/ණ)             ලක්ෂණ                                              
 vii) නිර්මා ...... ය (න/ණ)        නිර්මාණය                                           
viii)  නි ....  පාදනය (ශ්/ෂ්)        නිෂ්පාදනය                                                ix)  පහ ....... (ණ/න)               පහන                                                     
 x) දර්ශ ...... ය (ණ/න)              දර්ශනය

(3) සුදුසු පිල්ලම් යොදා වාක්‍ය නැවත ලියන්න.


i) මරගය සකස කරම දන නවත අත.   
මාර්ගය සකස් කිරීම දැන් නවතා ඇත.
ii) ගමරළ නයර දග ගමන කරය.                                                    
ගමරාළ නියර දිගේ ගමන් කරයි.
iii) අප යනන පසලටය.                                            
අප යන්නේ පාසලටයි.