Wednesday, October 23, 2019

"පැරණි ගී රසික කැල" - ඉදිරිපත් කරයි. - OLD IS GOLD

පැරණි ගී මිහිර

Old Is Gold   

අතීතයට අයත් බොහෝ දේ අප උත්සාහ කර දමන්නේ අමතක කර දමන්නටය. අප සිතන්නට පුරුදු වී සිටින්නේ ඒවා මේ වර්තමානයට නොගැළැපෙන දේ ලෙසය.
සාමාජයේ කලාතුරකින් අසන්නට ලැබෙන සේ ඇතැම් දරුවන් තම මව්පියන් පවා අමතක කර දමන්නේ ඔවුන් ද අතීතයට ගැළැපෙන අය සේ සිතා විය හැකිය. එහෙත් තමන් ද කවදා හෝ අතීතයට නතු වන බව ඔවුන්ට අමතකය.


            අපේ මතකයෙන් බැහැර කළ නොහැකි එසේම එසේ නොකරන්නයි අපේ යටි හිත විසින් අපට බල කරන බොහෝ දේ අපේ ජීවිත තුළ සැඟ වී පවතී.
අතීතයෙන් ඇසුනු මිහිරි පැරණි ගීත එසේ යටපත් වී ඇති එහෙත් කිසි දා අමතක නොවන මතක සටහන් තබා ඇති බව අප පිළිගත යුතුය.
දැන් පැරණි ගීත අසන උදවිය නැතිය. නැති නම් බෙහෙවින් අඩුය.
පැරණි ගීත ගයන්නට  ඉදිරිපත් වන අවස්ථා නම් අපට වරින්වර දකින්නට අසන්නට ලැබේ.  එවැනි අවස්ථා උදා වෙන්නේ 'තරු' තෝරන තරගවලදීය. 
          අනෙක් හැමදාම එපායැයි කියන, අසන්නට අප්‍රිය කරන පැරණි ගීත; තරගවලදී නම් 'අනේ හොඳයි, අගෙයි' කියා පිළිගන්නා බව දැක තිබේ. එවැනි අවස්ථාවලදී නම් ඒවායේ ගුණ ගයන්නට බොහෝ අය ඉදිරිපත් වනු දැක ගත හැකිය.
වළපල්ලට යමින් ඇති පැරණි ගීත ඒ තත්ත්වයෙන් මුදා ගන්නට ඉදිරිපත් වී සිටින අතළොස්සක් දෙනා අප රට තුළ ඇති බව අවිවාදිතය. ඒ අතළොස්ස අතරින් කිසියම් සක්‍රීය ස්වභාවයකින් කටයුතු කරන පානදුර, කෙසෙල්වත්තේ 'පැරණි ගී රසික කැල'  ප්‍රමුඛ ස්ථානයක ඇති බව කීම සාධාරණය.   
          පානදුර, කෙසෙල්වත්ත 'පැරණි ගී රසික කැල' සංවිධානයට දහතුන් වසරක අඛණ්ඩ මෑත ඉතිහාසයක් ඇත්තේය. එහි නිර්මාතෘවරිය වන්නේ කෙසෙල්වත්තේ, සී. හෙට්ටිආරච්චි මහත්මියයි. සාමවිනිසුරු පදවියක් ද දරන ඇය දැඩි කැපවීමක් හා පරිශ්‍රමයක් දරමින් 'පැරණි ගී රැක ගැනීමේ' සිය සම්මා ව්‍යායාමය දරමින් සිටින්නීය. 
               
සී. හෙට්ටිආරච්චි මහත්මිය - ගරු සභාපතිතුමිය- 'පැරණි ගී රසික කැල', කෙසෙල්වත්ත, පානදුර.
Mrs. C. Hettiarachchi - Hon. President of 'Perani Gee Rasika Kela', Keselawaththa, Panadura.

            සංවිධානයේ ආරම්භයේ සිටම ඇය එහි ප්‍රධාන සංවිධයකත්වයත්, ගරු සභාපති ධූරයත් දරන්නීය. සංගමයට අයත් සාමාජික සාමාජිකාවන් බුරුතු පිටින් නැතත් එහි රැඳී සිටින සහ තම අරමුණට ගෞරවයෙන් යුතුව සලකන පිරිසක් සභාපතිතුමියගේ සහායට නිරන්තරයෙන් ඇය හා රැඳී සිටිති.  
              ඒ නිසා ඇයත්, පැරණි ගී රැක ගැනීමට ඇය ගන්නා උත්සාහයත් හුදෙකලා නොවන තත්ත්වයක පවතී.                     
          සෑම වසරකම වෙසක් බැති ගී සරණියක් මෙන්ම පැරණි ගීත ප්‍රසංගයක් ද මෙම සංවිධානය මඟින් පවත්වනු ලැබේ. 
2019 ඔක්තෝබර් දහතුන්වැනි දා මාතර, කෝට්ටේගොඩ, බෙලිවත්ත ග්‍රාමයේදී පවත්වනු ලැබුවේ මෙම වසර සඳහා වූ පැරණි ගීත ප්‍රසංගයයි.
           පැරණි ගීත ප්‍රසංගය බෙලිවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට බෙහෙවින් මූලික වූ කරුණක් විය. එය, තවත් සංවිධාන කටයුත්තක ප්‍රගතිය උදෙසා වූ දිරි දීමක් සේ හැඳින්වීම නිවැරැදිය. 
          
මාතර, කෝට්ටේගොඩ, බෙලිවත්තේ 'පාරමිතා මිත්‍රත්ව සංසදය' ආරම්භ කොට ඇත්තේ බෙහෙවින් යහපත් අරමුණු කිහිපයක්ම මුල් කර ගෙනය. ඒ අරමුණු හැම එකකින්ම ගම්‍ය වන්නේ කුඩා දරුවාගේ සිට වැඩිමහල් උදවිය දක්වා අරුත්බර පසුබිමක් යටතේ නගා සිටු වීමය. ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා වඩාත් රමණීය වටපිටාවක් සකස් කොට ගැනීමේ අපේක්‍ෂවෙන් යුතුව පැරණි ගීත ප්‍රසංගය බෙලිවත්තේ පැවැත්වීම සඳහා සම්බන්ධීකරණ කටයුතු ඉටු කළේ  සුජාතා උයන්ගොඩයි.
                            
සුජාතා පද්මචාපා උයන්ගෙඩ මහත්මිය
Mrs. Sujatha Padmachapa Uyangoda


         ඇය සිය ගම් පළාතේ පිහිටුවා ඇති පාරමිතා මිත්‍රත්ව සංවිධානයට දිරි දීමක් මෙන්ම පැරණි ගීත ප්‍රසංගය සඳහා වඩාත් හොඳ වටපිටාවක් සකස් කොට ගැනීමේ අරමුණින් යුතුව අනෙක් සියලු දෙනා සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ඉහළ ප්‍රතිඵල දැක ගත හැකි විය.  

     බෙලිවත්ත ප්‍රදේශයේ පිහිටුවා ගෙන ඇති පාරමිතා මිත්‍රත්ව සංවිධානයේ අරමුණු සියල්ල දිශානත කොට ඇත්තේ පුද්ගල යහපත වෙනුවෙනි. කුඩා දරුවාගේ සිට වැඩිමහලු අය දක්වාම එහි සාක්ෂාත් කිරීම් කදිමට ගළපා ඇත්තේය. ඔවුන්ගේ මේ යහපත් අපේක්‍ෂාවන් ප්‍රදේශයේ විහාරස්ථානයේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේගේ ද ඇගැයීමට ලක් වූහ.
          මේ උත්සාව සභාවට ගම්වාසීන් මෙන්ම ගම් ප්‍රදේශයේ ප්‍රභූන් කිහිප පොළක්ම සහභාගී වූවා පමණක් නොව උත්සව කටයුතු අවසානය දක්වාම ඒ බොහෝ දෙනෙකු රැඳී සිටීමත් විශේෂත්වයක් විය.
                                              

                                                             උත්සව සභාවට සහභෘගී වූ පිරිසෙන් කොටසක්.
ඉදිරි පෙළ වාඩි වී සිටින්නේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තන්ය.
              බුද්ධාභිවන්දන ගීතයෙන් උත්සව සභාවේ ගීතමය වැඩ සටහන ආරම්භ විය. ඉන්පසුව අසන්නට ලැබුණේ සරස්වතී දේවිය සිහිපත් කරමින් ගායනා කළ ගීතයකි. 


               මින්මතු ඔබට දකින්නට ලැබෙන්නේ කෙසෙල්වත්ත, 'පැරණි ගී රසික කැල' සංවිධානයේ සාමාජික සාමාජිකාවන් සිය ගායනා ඉදිරිපත් කළ අයුරුයි. ඔබට අසන්නට ලැබෙන්නේ ඔවුන් ගායනා කළ ගීතවල මුල් ගායනා ඉදිරිපත් කළ ශිල්පීන්, ශිල්පිනියන්ගේ එම ගැයුම්වල කොටස් ඔවුන්ගේ හඬින්මය. ඒ ඔවුන්ට ගෞරව පිණිසය.
   Sanjaya
                                    
 Shanthi
                                       
 Ranjani
                                       
Sunil
                                         

 Rani

 Damayanthi


 Anura

 Indrani

 Anjalika

 Fauzia
 Lalani

Chintha

                      

Gunasena















 Athula




Tuesday, October 1, 2019

ධම්මපදයට පිටුපාලා ද?



නහී වේරෙන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්තී
ඒස ධම්මෝ සනන්තනෝ

මේ ලෝකයේ කිසිවිටෙකත් වෛර කිරීමෙන් වෛරය සංසිඳෙන්නේ නැත. වෛර කරන පුද්ගලයා කෙරෙහි වෛර නොකිරීමෙන් - නොකර සිටීමෙන් වෛරය සංසිඳේ. මේ සත්‍ය ධර්මය කිසිදු කලෙක වෙනස් නොවන්නේය.

මේ ගාථාව සඳහන් වන්නේ ධම්ම පදයේ’,  යමක වග්ගයේ. එසේම මේ ගාථාව මෑත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ කිසියම් ආකාරයක අනන්‍යතාවක් දක්වන ගාථවක් ලෙස හැඳින්වීමේ ද දොසක් තිබිය නොහැකිය. ජාත්‍යන්තර සමුළුවකදී ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා මේ ගාථාව  ප්‍රකාශ කොට එහි අරුත ද විස්තර කොට දී ඇත්තේය. අපේ අසල්වැසි රටක් වන ජපානයට නිදහස ලැබීමට බල පෑ අතිශය වැදගත් කරුණක් වී ඇත්තේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශයයි.

ශ්‍රී ජයවර්ධන පුර රෝහල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන මෙන්ම ගොඩනැගිලි හා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ද ජපානය විසින් මෙරටට පරිත්‍යාග කොට ඇත්තේ එදා ඒ ජනපතිතුමා බුදු දහමට අනුව කතා කොට වෛරය නුසුදුසු දෙයක් බව ජාත්‍යන්තරයටම පෙන්වා දුන් නිසාය.

එහෙත් අද බහුල වශයෙන් සිදු වන්නේ කුමක් ද? එකිනෙකා කෙරෙහි වෛරය පතුරුවමින් කෑකෝ ගැසීමයි. මේ තත්ත්වය තත්කාලීන ශ්‍රී ලාංකීය ජන සමාජයේ දකින්නට, අසන්නට ලැබෙන ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

අනුන්ගේ සොරකම් ගැන කතා කිරීම, අනුන් මිනීමැරූ හැටි කතා කිරීම තුළින් යම් ජන කොටසක් බලාපොරොත්තු වන්නේ තමන් එහෙම නොකළ බව හෝ නෙකාරන බව හෝ කියාපෑම ද? ඒ එසේ නම් ඒ කියාපෑම තුළ අන්තර්ගත වන්නේ තමන් එසේ නොවන නිසා තමන්ට ජනතාවගේ කැමැත්ත ලබා දෙන ලෙස ද?  මේ කතා කියා පාමින් ජන හදවත් තුළ තව කවුරු හෝ කෙරෙහි වෛරය ඇති කරන්නට අපේක්‍ෂා කරන්නේ සාමාන්‍ය  මහජනතාවම නොවේ. රටේ බලගතුම තැන්වල සිටින ඇතැම් උත්තමයන්ය.

සිංහල බෞද්ධ ලෙසින් අපම හඳුන්වා ගන්නා අපේ රටේ සාමාන්‍ය මහජනතාවට වඩා උසකින් වෙසෙන තවත් කොටසක් විසින් බෞද්ධකමටත් නිගා දෙමින් මේ එකිනෙකාට කියා ගන්නා හිස් නිෂ්ඵල කතා කවරක් ද? කුමක් සඳහා ද?

මේ සියල්ල දෙසමින් ඍජුව හෝ ව්‍යංගයෙන් හෝ මහජනතාවගෙන් අයැද සිටින්නේ  කුමක් ද?  බලයයි. මහජනතාව ස්ව කැමැත්තෙන් ලබා දෙන බලය ලබා ගැනීමට වෛරී බව සිත්සතන් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගන්නා අපේ රටේ අය; අපේම අය, අපටම උගස් තියති.

එහෙම උගස් කරමින් අපෙන්ම බලය ඉල්ලති

මහජනතාව සතු බලය තමන්ට ලබා දෙන මෙන් ඉල්ලන උදවිය කළ යුතුව ඇත්තේ එකිනෙකාට දොස් පවරමින් වෛරී බව සිත් තුළට ඇතුළු කිරීම නොව තමන්ගේ ඉදිරි දර්ශනය කාටත් තේරෙන භාෂාවෙන් විනයක් ඇතිව මහජනතාවට අවබෝධ කිරීමට උත්සාහ කිරීමයි. මහජනතාව ඉදිරිපිට අනාගතය ගැන කිසියම්ම ආකාරයක හෝ  චිත්‍රයක් මැවෙන්නේ එවිටය. 

කාට බලය දිය යුතුදැයි විමර්ශනාත්මකව සිතා කටයුතු කිරීමේ මානව නිදහස ඒ සැමටම ලැබෙන්නේ එවිටය. එසේ වන්නේ වෛරී බවකින් තොරව යමක් ගැන සිතන්නට තරම් සුදුසු වාතාවරණයක් තම සිත තුළ සකස් වන නිසාය.
මහජනතාවට තමන් සිතා ක්‍රියා කිරීමේ නිදහස ඔවුන්ට ලබා දීමට මං සැලැස්වීම කාගේත් යුතුකමකි.

කවුරු හෝ කිසියම් දේශ විරෝධී කටයුත්තක් කර ඇති නම් ඒ සඳහා අදාළ නීති අනුව යමින් වරදකරුවන් නීතිය ඉදිරිපිටට කැඳවා ගන්නට තරම් ශක්තිමත් බල මණ්ඩලයක් වැනි ආයතනයක් ක්‍රියාත්මක කිරීම වගකිව යුත්තන්ගේ අයිතියකි. ඒ ගැන නිතර නිතර සඳහන් කරන්නට පෙළඹුනත් ඒ ගැන නිසි සේ ක්‍රියාත්මක නොවීමක් වන්නේ නම් ඒ ගැන වගකීම ද අදාළ උදවිය බාර ගත යුතුය. ක්‍රියාවෙන් තොර නිරන්තර සඳහනකින් පමණක් කිසිවක්ම සිදු නොවන බව ද වටහා ගැනීම වැදගත්ය.