නාචින්තයන්තෝ පුරිසෝ - විසේස මධිගච්ඡති”
"Na chinthayantho puriso - visesa “madhigachchathi"
කිසිවක් අමුතුවෙන් සිතන්නට අකමැති අලුත් දෙයක් ගැන සිත යොමු කරන්නට අලස බවක් දක්වන සිතක් ඇති තැනැත්තාට කිසිදු විශේෂ තත්ත්වයකට පැමිණිය නොහැකිය.
කිසිවක් අමුතුවෙන් සිතන්නට අකමැති අලුත් දෙයක් ගැන සිත යොමු කරන්නට අලස බවක් දක්වන සිතක් ඇති තැනැත්තාට කිසිදු විශේෂ තත්ත්වයකට පැමිණිය නොහැකිය.
A person who is too lazy to think about something new or that he does not want to think about new, cannot come to any particular situation in his life.
මිනිසකුට උපතින්ම සිතක් අයිතිය. එහෙත් මේ සිත නිසි අයුරින් පාලනය කර ගැනීම හෝ මේ සිත සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වීමට බොහෝ අය කැමති වන්නේ නැත. එසේ සිදුවනු ඇත්තේ තමන්ට ඇති සිත සම්බන්ධයෙන් තමන් තුළම දැඩි විශ්වාසයක් නැති නිසා විය හැකිය.

Every human being is borning with a mind. It is a common factor. But most people do not like to have this mind under control or to take a special interest in it. It may be because they do not have confidence in themselves.
තමන්ට සිතක් ඇති බවත් ඒ සිත මේ ලෝකයේ ඇති හැම වස්තුවකටම වඩා, ධන සම්පතකටම වඩා උතුම් බව උසස් බව මිනිසා තේරුම් ගැනීම සුදුසුය.
It is proper for a man to realize that he has a mind and that his mind is superior to all the riches and wealth of this world.
කෙනෙකුට සිතක් ඇති බව පැහැදිලිව තේරුම් ගියත් ඒ සිත නිවැරැදි සිතිවිලි සඳහා මෙහෙයවීම මිනිසා විසින් බොහෝ විට අමතක කර දමනු ලබයි.
Even if one has a clear understanding of the mind, it is often forgotten by man to guide his mind towards good thoughts.
එය මුළු ලෝකයම සඳහා පැහැදිලි කරුණක් වන්නේ චින්තකයන් හෙවත් අලුතින් සිතන්නන් මුළු ලෝකයෙන් ම සොයාගත හැක්කේ අතළොස්සක් නිසයි.
It is obvious to the whole world that there are only a handful of thinkers or innovators in the world.
සිතීම ඕනෑම කෙනෙකුට කළ හැකිය කුඩා දරුවෝ ද සිතති. සොරුන් මිනීමරුවන් ද සිතා කටයුතු කරන බව පෙනේ එහෙත් පැහැදිලි දැකීමක් ඇතිව ක්‍රමානුකූලව විශේෂ පිළිවෙළක් ඇතිව සිටීම හැම කෙනෙකුටම කිරීම අපහසු බව පෙනේ. ඒ සඳහා සිත විශේෂ පුහුණුවක් සහිත තත්වයකට පත්කර ගත යුතුය. මේ තත්ත්වය ඇති කර ගැනීම අප සිතන තරම් පහසු වන්නේ නැත.
Thinking can be done by anyone. Even small children thinking before doing something at some age.
Thieves and murderers seem to be thinking before doing whatever they want to do.
But it is difficult for everyone to have a systematic special order with a clear vision. For that, the mind needs to be put into a specially trained position. It is not as easy as we think.

පැහැදිලි සිතකින් යුතුව පැහැදිලිව කල්පනා කරන අය විශේෂ තත්ත්වයකට පැමිණෙන්නේ ඒ නිසාය. ඔවුන් සිය සිත තමන්ට අවශ්‍ය ලෙස පිළිවෙළක් ඇතිව සිතිවිලි ඇති කර ගැනීමට පුරුදු කරගෙන ඇත.
That is why those who think clearly and with clear thinking come to a special status. They have their minds set on orderly thinking.
නිසි සේ සිතා කරුණු නොවිමසා ක්‍රියාකිරීම නිසා ලැබිය හැකි ප්‍රතිඵලය අයහපත් හෝ අල්ප හෝ විය හැකිය. ඇතැම්විට ඒ තත්ත්වය කිසියම් දරුණු ස්වභාවයක් ගත හැකිය.
Acting improperly and deliberately can result in bad or insignificant results. Sometimes the condition can be severe.
සිත යම් කිසි උසස් තත්වයකට පමුණුවා ගැනීමට උසස් සිතිවිලි සිත තුළ වර්ධනය කර ගැනීම අවශ්‍ය ය. එය අප මේ කතා කරන තරම් පහසු නොවිය හැකිය. ඉතා ඉවසීමෙන් කළ යුතුය. ඒ එසේ වුවත් එම තත්ත්වයට පත්කර ගනු ලබන සිතින් ලැබෙන ප්‍රතිඵල ඉතාම යහපත් විය හැකිය.
It is necessary to cultivate higher thoughts in the mind in order to improve the mind. It may not be as easy as we discuss this. Must be very patient. Nevertheless, the results of the mind that are being put into that situation can be very good.
ඒ නිසා තමන්ගේ සිත තමන්ට හැකි තරමින් හෝ යහපත් අදහස් සහිත උසස් සිතිවිලි සහිත ඉන්ද්‍රියයක් බවට පත්කරගැනීමේ සමත්කම ඇතිවන්නේද තම සිතේම බවද වටහා ගැනීම සුදුසුය.
Therefore, it is best to understand that it is possible to make one's mind as good as possible or with good intentions.

No comments:
Post a Comment