Enjoy your life at every moment
Once a fisherman was sitting near a seashore, under the shadow of a tree smoking his low price cigar. Suddenly a rich businessman passing by approached him and inquired as to why he was sitting under a tree smoking and not working. To this, the poor fisherman replied that he had caught enough fish for the day.
Hearing this the wealthy man got angry and said; "Why do you catch more fish instead of sitting in shadow wasting your time?
Fishermen asked, "What would I do by catching more fish?"
Businessman: "You could go fishing in deep waters and catch even more fish and earn even more money."
Fisherman: "What would I do then?"
Businessman: "You could buy many boats and employ many people to work for you and earn even more money."
Fisherman: "What would I do then?"
Businessman: "You could become a wealthy businessman like me."
Fisherman: "So,then? What would I do?"
Businessman: "You could then enjoy your life peacefully."
Fisherman: "Isn't that what I am doing now?"
Moral of the story: You don't have to wait till tomorrow to be happy and enjoy life. To enjoy life, you don't even need to be wealthy or powerful. Life is right now, so take advantage of it.
(Author unknown.)
ධීවරයාගේ විවේකය
දිනක් ධීවරයෙක් මුහුදු වෙරළ ආසන්නයේ ගසක් යට වාඩි වී සිටියේ ය. දුම් පානය කරමින් සිටි ඔහුගේ අතේ වූයේ මිලෙන් අඩු දුම් වැටියකි. අවට පිළිබඳ කිසි තැකීමක් ධීවරයා තුළ වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.
හදිසියේ මෙන් ධීවරයා සිටි තැනින් යන්නට ආ ධනවත් ව්‍යාපාරිකයෙක් ධීවරයා පසුවන ඉරියව්ව ගැන විමසිලිමත් වූයේ ය.
"මේ වෙලාවේ තමුන් ඔය විදිහට දුම් බිබී ඉන්නේ ඇයි, කිසි ම වැඩක් නොකර? "
ව්‍යාපාරිකයා ප්‍රශ්න කළේ ධීවරයා සිටි ඉරියව්ව ගැන පැහැදීමක් ඔහුගේ සිතේ ඇති නොවූ නිසා ය.
"අද දවස ගෙවා දාන්න සෑහෙන තරම් මාළු මම අල්ලලා ඉවරයි. ඒ ටික විකුණ ගත්තහම මට අද දවසට ඇති."
"තමුන් මහා අපූරු කතාවක් නේ කියන්නේ. ඔහොම හෙවණට වෙලා දුම් බිබී කාලේ නාස්ති නොකර මහන්සි වෙලා වැඩිපුර මාළු අල්ලා ගත්තා නම් නේද හොඳ." ධනවතා කීවේ කෝපයෙනි. ධිවරයාගේ කරුණු දැක්වීම ඔහු අනුමත කළේ නැත.
"හොඳයි, වැඩිපුර මාළු ඇල්ලුවයි කියමු. ඊට පස්සේ මොකද්ද වෙන්නේ?" ධීවරයා ප්‍රශ්න කළේ ය.
"වැඩිපුර මාළු අල්ලනවා කියන්නේ, වැඩිපුර සල්ලි හොයනවා කියන එකයි. ඒ සල්ලිවලින් තමන්ට පුළුවන් ගැඹුරු මුහුදේ මාළු අල්ලන්න යන්න පහසුකම් හදා ගන්න. ඒ විදිහට ගියා ම තමුන්ට තවත් මුදල් හොයා ගන්න පුළුවන්."
"ඊට පස්සේ මොකද වෙන්නේ? නැවතත් ධීවරයාගේ ප්රශ්නය.
"මුදල් ලැබුණහම තමුන්ට තවත් බෝට්ටු ගන්න පුළුවන්. සේවකයන් වැඩියෙන් වැඩට දාන්න පුළුවන්. ඒ විදිහට තමුන්ට විසාල මුදලක් උපයා ගන්න පුළුවන්." ධනවතා තමන්ගේ අදහස පැහැදිලි කළේ ය.
"හොඳයි, ඊට පස්සේ?"
"ඊට පස්සේ තමුන්ටත් පුළුවනි මං වගේ ම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන්න."
"ඊට පස්සෙ ද? ඊට පස්සේ තමුන්ට පුළුවන් තමන්ගේ ජීවිතය හොඳින් විවේකීව ගත කරන්න." ධනවතා තව දුරටත් තම අදහස සනාථ කරමින් කීවේ ය.
"ඉතින් මම මේ දැනුත් කරන්නේ ඒකම නේ. එහෙම නෙවෙයි ද?" ධිවරයා කීවේ ය.
ඔබට ඔබේ ජීවිතය සතුටින් යුතුව විඳ ගැනීමට හෙට වනතුරු ඉවසා සිටීමට, බලා සිටීමට ඇවැසි නොවන්නේ ය.
ජීවිතය යනු මේ මොහොතයි. මේ මොහොතේ ජීවිතයේ සතුට මේ මොහොතේ ම විඳ ගන්න.
සෑම මොහොතක ම ඔබ ඔබේ ජීවිතය සතුට විඳින්න.
(මෙහි මුල් කර්තෘ අඥාත ය.)
No comments:
Post a Comment