අංගවිකල රජු සහ චිත්‍ර ශිල්පියා
එක්තරා කාලයක එක්තරා රාජධානියක රජෙක් විසුවා. ඔහු බොහෝ බුද්ධිමත්. ඒ වගේම නිර්භිතයි. ඔහු බොහෝ යුද්ධවලට සහභාගීවූ කෙනෙක්. ඒ හැම අවස්ථාවකදීම ඒ යුද්ධවලින් ජයගත් ඔහු සතුරන්ගෙන් තමන්ගේ රාජධානිය බේරා ගත්තා.
වතාවක් මේ රජතුමා දරුණු යුද්ධයකට සම්බන්ධ වුණා. යුද ජයග්‍රහණය ලැබීමට ආසන්නව සිටියත් රජතුමාගේ පිටුපස සිට පහර එල්ල කරන්නට වූ නිසා රජතුමා මඳක් අසීරු තත්ත්වයට පත් වුණා. එහෙත් අවසානයේ සතුරු රජ මරා දැමූ රජතුමා යුදයේ ජය ලබා ගත්තා. ඒ වුණත් රජතුමාට තමන්ගේ එක ඇසක් සහ එක පාදයක් අහිමි වුණා.
කාලය ගතවී ගියා. රජතුමාට අවශ්‍ය වුණා තමන්ගේ චිත්‍රයක් ලස්සනට අන්දවා ගන්නට. රජු තම රාජධානියේ සියලුම චිත්‍ර ශිල්පීන් මැදුරට කැඳවා තමන්ගේ අවශ්‍යතාව ඔවුන්ට දැනුම් දුන්නා.
චිත්‍ර ශිල්පීන් ඒ සඳහා උත්සාහ ගත්තත් ඒ කිසිවකුට ඒ කටයුත්ත නිසි ලෙසින් එය කළ හැකි වූයේ නැහැ. කෙසේ කරන්නද? රජතුමාගේ එක ඇසක් අන්ධවීමත්, එක පයක් නොමැති වීමත් ඊට මූලික වශයෙන්ම හේතු වුණා.
එහෙත් පැමිණි එක චිත්‍ර ශිල්පියෙක් මේ තත්ත්වය ජය ගන්නට සමත් වුණා.
ඔහු සිය චිත්‍රය නිර්මාණය කළේ රජතුමාගේ දඩයම් ඉරියව්වක් දක්වමින්. ඔහු සිය සිතුවමෙන් ඉදිරිපත් කළේ රජතුමා සිය එක ඇසක් පියා ගෙන දුනුදිය අදිමින් සතෙකුට ඉලක්කයක් ලබා ගන්නා ආකාරයයි. එසේම රජුගේ එක පයක් ඔහු නැග සිටි අශ්වයා මත නවා ගෙන සිටින ඉරියව්වයි. ඔහු සිය සිතුවම නිර්මාණය කළ ආකාරය නිසා රජතුමාගේ ශාරීරික දුර්වලතා කිසිවක්ම පිටතට නොපෙණෙන ලෙසින් යටපත්වී ගොස් තිබුණා.
මේ සිතුවම දුටු හැම දෙනාම ඉතාම සතුටට මෙන්ම පුදුමයටත් පත් වුණා.
කිසිවකුගේ දුර්වලතාවක් ගැන සිතමින් ඒ ගැන හුවා දක්වමින් කතා නොකරන්නට පුරුදු වීම ඉතාම වැදගත්. ඒ වෙනුවට කළ යුත්තේ ඒ පුද්ගලයා සතු දක්ෂකමක් ඉස්මතු කර ඒ ගැන කතා කරන්නට, ඒ ගැන අගය කරන්නට හුරු වීමයි.
(මූලාශ්‍ර ඇසුරෙනි.)
No comments:
Post a Comment