ෆෝබ්ස් සඟරාවේ අලුත්ම කලාපයේ සඳහන් තොරතුරුයි මේ.
ෆෝබ්ස් සඟරාව ඇමෙරිකානු ධනවතුන්ගේ නවතම තොරතුරු සිය අලුත්ම කලාපයේ මෙසේ දක්වා ඇත.
![]() |
| බිල් ගේට්ස් |
ඒ තොරතුරුවලට අනුව ධනවතුන්ගේ ලැයිස්තුවේ මුල්ම ස්ථානය හිමි වන්නේ බිල් ගේට්ස්ටය. ‘මයික්‍රොසොෆ්ට්’ නිර්මාතෘ ඔහුය. ඔහුගේ ප්‍රකාශිත ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර බිලියන අසූ එකකි. ඔහු මේ තම මුල් ස්ථානය වාර්තා කරන්නේ විසිතුන්වැනි වතාවටය.
![]() |
| ජෙෆ් බොසෙස් |
ඇමසන්හී ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස් සිය වත්කම ඩොලර බිලියන 20සේ සිට ඩොලර බිලියන 67 දක්වා වැඩි කර ගනිමින් ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වී සිටියි.
![]() |
| වොරන් බෆට් |
වොරන් බෆට්ගේ ප්‍රකාශිත ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර බිලියන 65.5 කි. ඔහු මේ ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව ඇත්තේ වසර පහළොවකට පසුවය.
![]() |
| මාර්ක් සකර්බර්ග් |
ඔරැකල් කෝපරේෂන් නම් ආයතනයේ නිර්මාතෘ ලැරී එලිසන්ට ධනවතුන්ගේ ලැයිස්තුවේ හිමිවී ඇත්තේ පස්වැනි තැනයි. ඔහුගේ ප්‍රකාශිත ශුද්ධ වත්කම ඩොලර බිලියන 49.3 කි.
![]() |
| මිචෙල් බ්ලූම්බර්ග් |
ධනවතුන්ගේ ලැයිස්තුවේ හයවැනි තැනට පත්වී සිටින්නේ නිව් යෝර්ක් නතරයේ හිටපු නගරාධිපතිවරයකු වන මිචෙල් බ්ලුම්බර්ග්ය. ප්‍රකාශිත ශුද්ධ වත්කම ඩොලර බිලියන 45 කි.
(අන්තර්ජාලය ඇසුරිනි.)






No comments:
Post a Comment