(ටෝකියෝ නගරයේ සිට ලැබෙන රොයිටර් වාර්තාවකි.)
මේ පිරිමි දරුවාගේ බර ග්‍රෑම් 268 කි. අවුන්සවලින් නම් 9.45 කි. මේ දරුවාගේ උපත සිදු වූයේ සිසේරියන් සැත්කමක් මඟිනි. ඒ 2018 අගෝස්තු මාසයේදීය.
තමන්ගේ උපතේදී තිබිය යුතු නිරෝගී බව දක්වන සිරුරේ බර සිය මවුකුස තුළදී අත්පත් කර ගන්නට මේ දරුවා අසමත්ව සිටියේය. ඒ නිසා උපත සිදු වූවත් දරුවාගේ ජීවිතය රඳා පවත්වා ගන්නට හැකිවේද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සිටියේ අවිනිශ්චිතවය.
ළදරුවා දැඩි සත්කාර ඒකකයට යොමු කොට ඇත්තේ ඒ ළදරු ජීවිතය දැඩි අනතුරුදායක තත්ත්වයක ඇති බව වෛද්‍යවරුන් වටහා ගත් බැවිනි. ළදරු සිරුරේ බර කිලෝ ග්‍රෑම් 3.2ක් තරම් වැඩි වන තෙක් ඔහු රැඳුණේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.
ඒ තත්ත්වයට පැමිණි පසු ළදරුවා රෝහලෙන් මුදා හැරි බව වෛද්‍ය ටකේෂි අරිමිට්සු කියයි. එසේ දරුවා රෝහලෙන් මුදා හැර ඇත්තේ 2019 පෙබරවාරි 20 වැනිදාය.
ඒ, දරු උපතින් ආසන්න වශයෙන් මාස හයක පමණ කාලයකට පසුය.
“මට සතුටුයි මගේ දරුවාගේ බර මේ තරමින් හරි වැඩි වීම ගැන. මට විශ්වාසයක් තිබුනේත් නැහැ ඔහු ජීවත්වේවිද කියා.” ළදරුවාගේ මව රොයිටර් පුවත් සේවාවට කියා තිබිණි.
මේ දරුවා ජීවත් වන, ලෝකයේ සිටින කුඩාම පිරිමි ළදරුවා බව ජපානයේ කෙයියෝ විශ්ව විද්‍යාලයීයය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අපි ඔහුට නිරෝගී සුවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමු.
No comments:
Post a Comment