Wednesday, June 10, 2020

පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව - පිළිතුරු පාඩම

පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව - පිළිතුරු පාඩම




වැදගත් - ප්‍රශ්න පත්‍රය සැකසීමේදී “ධාරාණිපාත” යන වචනය තුන්වැනි ප්‍රශ්නයට අදැාළව භාවිත කොට ඇත.
එම වචනය “ධාරානිපාත” ලෙස නිවැරැදි විය යුතු බව කාරුණිකව සැලකිල්ලට ගත යුතුය.
ඒ ගැන අපගේ කනගාටුව.


පහත දී ඇති කොටස ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.


“‘කපනවා’ යන ක්‍රියා පදය විවිධ පද, විවිධ අර්ථ දනවමින් බස් වහර සරසයි. ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නා කපන වැස්ස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථ නිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය’ යන්නට පටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති. තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කප නහන’ යන පද දෙකේ පෙරළියෙන් බවයි. ‘කප’ හෙවත් කල්පය අවසානයෙහි මහා වර්ෂාවක් එතියි බෞද්ධයෝ අදහති. මේ වැස්ස කප නහන්ට සමත් වන නිසා ඊට ‘නහ කපන්ට’ පුළුවන් බව කියැවේ. ‘නහ කපන්නට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.” 

1) ’කඳු නාය යෑම‘ යනු කුමක්දැයි ඔබේ වචනයෙන්  ලියන්න.

අධික වර්ෂාව ලැබීම නිසා පසින් සැදි කඳුවල තෙතමනය ඉහළ යයි. ඒ නිසා පස් අතර බැඳීම ලිහිල්වන අතර පස් සේදීමේ ස්වභාවය වැඩි වෙයි. මේ නිසා පස් කොටස් වැසි ජලයෙන් සේදෙමින් පහළට කඩා වැටෙන්නට පටන් ගනියි. ‘කඳු නාය යෑම‘ යනු එයයි.  


(ඔබේ පිළිතුරට අදාළ අදහස ඇතුළත් වීම සෑහේ. අදහස නිවැරැදිව පළ වේ නම් පිළිතුර සඳහා ලකුණු ලැබේ.)  

2) ‘බස් වහර’ යන යෙදුම පහදන්න.
‘බස් වහර’ යනු ‘භාෂා ව්‍යවහාරය’ යන යෙදුම වෙනුවට යොදා ගෙන ඇති සරල සිංහල වචනයි. මෙයින් අදහස් වන්නේ බස හෙවත් භාෂාව සාමාන්‍ය භාවිතය එහෙමත් නැති නම් එදිනෙදා කතාබහ සඳහා යොදා ගැනීම ගැනයි.

   (ඔබේ පිළිතුරට අදාළ අදහස ඇතුළත් වීම සෑහේ. අදහස නිවැරැදිව පළ වේ නම් පිළිතුර සඳහා ලකුණු ලැබේ.)  

3) ‘මහා වර්ෂාව’ යන යෙදුම වෙනුවට ‘ධාරානිපාත වර්ෂාව’ යන යෙදුම භාවිත කළ හැකි ද? නොහැකි ද? 
භාවිත කළ හැකියි.

4) මේ පද පෙරළි පහදන්න.
   අ) මන්න පිල - පින්න මල
   ආ) වත්තල පිංගෙඩිය   - පිත්තල වංගෙඩිය

5) “වැස්ස වහිනවා - අකුණු හඬනවා” - ‘අකුණු හඬනවා’ යන ඔබේ වචනයෙන් පහදන්න.

අපේ සාමාන්‍ය භාවිතයේ ඇත්තේ ‘අකුණු ගහනවා’ යන්නයි. අකුණක් යනු විදුලිය කෙටීමක් වුවත් අකුණ යනු ඊටත් එහා ගිය තරමක් දැඩි ඒ වගේම දරුණු ස්වභාවයක් ගත් විදුලිය කෙටීමක් ලෙස ගත හැකියි.
‘අකුණු හඬනවා’ යනුවෙන් අදහස් කර ඇත්තේ විදුලිය කෙටීමට පසුව ඒ හා සමගම නැගෙන ගෙරවුම් හඬයි. ඒ හඬ කවියා අකුණෙන් නැගෙන හැඬුම් නාදයක් ලෙසින් හඳුන්වා ඇතැයි කිව හැකියි.   

(ඔබේ පිළිතුරට අදාළ අදහස ඇතුළත් වීම සෑහේ. අදහස නිවැරැදිව පළ වේ නම් පිළිතුර සඳහා ලකුණු ලැබේ.)  

6) ඉහත කොටසේ ඇති පහත දක්වන වචන  සඳහා සමාන පද ලියන්න.
  
  අ) වැස්ස - වර්ෂාව  
  ආ) බස්  - භාෂාව




Saturday, June 6, 2020

පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව - අභ්‍යාසය

පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව
පහත දී ඇති කොටස ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

“‘කපනවා’ යන ක්‍රියා පදය විවිධ පද, විවිධ අර්ථ දනවමින් බස් වහර සරසයි. ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නා කපන වැස්ස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථ නිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය’ යන්නට පටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති. තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කප නහන’ යන පද දෙකේ පෙරළියෙන් බවයි. ‘කප’ හෙවත් කල්පය අවසානයෙහි මහා වර්ෂාවක් එතියි බෞද්ධයෝ අදහති. මේ වැස්ස කප නහන්ට සමත් වන නිසා ඊට ‘නහ කපන්ට’ පුළුවන් බව කියැවේ. ‘නහ කපන්නට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.” 

1) ’කඳු නාය යෑම‘ යනු කුමක්දැයි ඔබේ වචනයෙන්  ලියන්න.
2) ‘බස් වහර’ යන යෙදුම පහදන්න.
3) ‘මහා වර්ෂාව’ යන යෙදුම වෙනුවට ‘ධාරාණිපාත වර්ෂාව’ යන යෙදුම භාවිත කළ හැකි ද? නොහැකි ද? 
4) මේ පද පෙරළි පහදන්න.
   අ) මන්න පිල -
   ආ) වත්තල පිංගෙඩිය   - 
5) “වැස්ස වහිනවා - අකුණු හඬනවා” - ‘අකුණු හඬනවා’ යන යෙදුම ඔබේ වචනයෙන් පහදන්න.
6) ඉහත කොටසේ ඇති පහත දක්වන වචන  
   සඳහා සමාන පද ලියන්න.
  අ) වැස්ස  
  ආ) බස් 


Monday, June 1, 2020

Rearrange the words to make complete meaningful sentences. - Answers


I hope that you have done the exercise. - Answers

Rearrange the words to make complete meaningful sentences.
දී ඇති වාක්‍යවල ඇති වචන පිළිවෙළින් නැවත සකස් කොට සම්පූර්ණ සහ අර්ථවත් වාක්‍ය සාදන්න.
 When rewriting please be careful to use capital letters and other punctuation symbols in the correct places. 
වාක්‍ය නැවත ලිවීමේදී  සුදුසු ස්ථානවල කැපිටල් අකුරු යොදා ගැනීමටත් අවශ්‍ය අනෙක් විරාම ලකුණු භාවිත කිරීමටත් කරුණාකර සැලකිලිමත් වන්න.

1) plays / the / day / John / in / every / park 
    John plays in the park every day.

2) United Kingdom / plans / have / I / to / next /  
     to  / year / go / the
     I have plans to go to the United Kingdom next  
     year.

3) to / today / I / to / want / the / library / go 
    I want to go to the library today.

4) football / play / Surendra / a / player / is / in /          but / not / is / position / he / to / the / team / for      / school / good / a
    Surendra is a good football palyer, but he is not      in a position  to play for the school team.   

5) book / this / it / new/ is / my / is / very / and /          costly 
    This is my new book and it is very costly.

6) father / on /office / his / my / his / to / way
     My father on his way to his office.

7) the / Australia / great / is / popular / barrier / a /      reef / tourist / in / attraction
    The Great Barrier Reef is a popular tourist              attraction in Australia.   

8) books / we / table / to / getting / this / for /              these / on / others / keep / attention / want
    We want to keep these books on this table for        getting others attraction.

9) every / is / our / attendance / marking / the /            class / day / in / taecher / the / tregister /                  morning 
    Our class teacher is marking the attendance            register every day in the morning.

10) world-renowned / the / musicle / is / guitar /           but / a / instrument / simple 
      The Guitar is a simple but world-renowned musical instrument. 

Sunday, May 31, 2020

නේපාලයේ මිනීමරු කුලවාදය



               නේපාලයේ මිනීමරු කුලවාදය



      කුල බේදය යනු ඈත අතීතයේ සිටම මිනිසුන් අතර පවතින තවමත් නොනිමි සංකල්පයකි. දඹදිව පහළ වූ බුදු පියාණන් වහන්සේ මේ කුල බේදය නම්වූ කාල්පනික මිනිස් බෙදීම බැහැර කළ යුතු බව සිය දහම ඇසුරෙන් කදිමට පැහැදිලි කොට ඇති සේක. බුදුන් වහන්සේ සජීවීව වැඩ සිට දැන් අවුරුදු දහස් ගණනක් ගෙවී ගොස් ඇතත් අදටත් දියුණුයැයි සම්මත ලෝක මිනිස් සමාජයේ බොහෝ තැන්වල කුල බේදයේ අමිහිරි ප්‍රතිඵල අසන්නට දකින්ට ලැබීම කනගාටුවට කරුණකි. 

     නේපාල දේශයේ දකුණු දෙසින්  වාර්තා වන්නේ කුල බේදය නිසා අසන්නට ලැබෙන දුක්මුසු පුවතකි. ඒ අද (මැයි 31 වැනිදා)ට දින හතකට පෙර (මැයි මස 24දා) වාර්තා වූ මරණ සම්බන්ධයෙනි.

        'ඩලිට්'  නමින් හැඳින්වෙන කුලයට අයත් නවරාජ් සහ ටිකා රාම්  යන දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන ඇත්තේ බ්හෙරි නදී ඉවුරේදීය. ගනේෂ්, සන්දීප් සහ ලෝකෙන්ද්‍ර  යන තිදෙනාගේ මළ සිරුරු සොයා ගන්නට ලැබී ඇත්තේ පසුවය. ගෝවින්ද සෂී නමැති තරුණයා ගැන තවමත් තොරතුරක්වත් සොයා ගෙන නැත. 

     මේ යෞවනයන්ගේ මරණ සහ අතුරුදහන් වීමේ පිටුපස ඇති සැබෑ හේතුව කුමක් ද? ඇතැම් විට ඔබ එකවර විශ්වාසයට ගන්නට මැලි වේවි .එහෙත් ඇත්ත එයයි.
මේ විනාශයට මුල්වී ඇත්තේ නොගැළපේයැයි සම්මත කුල දෙකක තරුණයකු සහ තරුණියක අතර ඇති වූ පෙම් සබඳතාවයි. 

     නවරාජ් විසිඑක් වියැතිය. ඔහු දකුණු දිග නේපාලයේ ජජර්කොට් ප්‍රදේශයේය. ඔහු ඩලිට් කුලයේ පවුලකට අයත්ය. ඔහුගේ ආදරය හිමි කරගත් යෞවනිය දහහත්වැනි වියේය. ඇය සුෂ්මාය ඇය අයත් වන්නේ  සමාජයේ උසස්යැයි සම්මත කුලයකටය.  

       කුල දෙක අතර පවතින සමාජ සම්මත නොගැළපීම නිසා සුෂ්මාගේ පාර්ශවයෙන් නවරාජ් ඇතුළු මුළු පවුලටම අවවාද කැරුනේ මේ සම්බන්ධය නතර කර දමන ලෙසයි. 
සුෂ්මාගේ වැඩිහිටියන්ට අවශ්‍ය වූයේ සුෂ්මා තම කුලයේම තරුණයකු හා විවාහවනු දැකීමටයි. එහෙත් සුෂ්මා ඊට අකමැතිවූ නිසා ඇය නවරාජ්ට අවධාරණයෙන් දන්වා සිටියේ එවැනි විවාහයක් සිදු වීමට ඉඩ නොතබා තමාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නා ලෙසයි.

     සිය පෙම්වතියගේ ඉල්ලා සිටීම පිළිගත් නවරාජ් ඒ සඳහා පියවර ගත්තේ මැයි මස විසිතුන්වැනිදා රාත්‍රියේය. ඔහු සිය 'මෙහෙයුම' සඳහා පැමිණියේ සිය මිතුරන් දහඅට දෙනෙකු සමගය. ඔහුගේ වෑයම වූයේ සුෂ්මා හා සමග රහසින් ‘පැන යන්නටය'. 

       පැන යම සිදු වූවත් එය එසේ නොවූයේ රහසින් නොවීය. සුෂ්මාගේ ගම් ප්‍රදේශය වූ සෝටි වෙත පැමිණි තරුණ පිරිස මුහුණ දුන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයකටය. ඔවුන්ට සුෂ්මාගේ පාර්ශවයෙන් එල්ල වූයේ බලවත් තර්ජනයකි. ඔවුන් පලවා හරිනු ලැබීය. පලවා හරිමින් පහර දෙනු ලැබීය.

      නවරාජ්ගේ සහායට පැමිණි මිතුරු පිරිසෙන් බොහෝ දෙනෙකු ඒ තාඩන පීඩනවලින් ගැලවුණේ  අසලවූ නදියට පැන පීනා යාමෙනි. එහෙත් නවරාජ් ඇතුළු කිහිප දෙනෙකුටම බේරී යාමට ඉඩක් ලැබුණේ නැත. ඔවුන්ට හිමි වූයේ බලාපොරොත්තු රහිත වෙලාවක ආ මරණය පිළිගැනීමටය. එක මිතුරකු තවමත් අතුරුදන්ය. බේරීගත් පිරිස පොලිස් ස්ථානයට වාර්තා කිරීමෙන් පසු  මුදා හරිනු ලැබ ඇත.
මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ඩලිටි වංශිකයන් නේපාල රජයට බල කර සිටින්නේ මිනීමරු කල්ලිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

      නේපාලය යනු බුදුන් උපන් දේශයයි. තිලෝගුරු බුදු පියාණන් යනු කුල වාදයට එරෙහිව දේශනා කළ එසේම කුල හීනයැයි සම්මත පිරිස් තම ශාසනයට සම්බන්ධ කර ගනිමින් කුල වාදය යන අදහස තුරන් කරන්නට ප්‍රායෝගිකව ක්‍රිියා කළ ශාස්තෘන් වහන්සේය.

  එවැනි උතුම් දහමක් ඇති රටක තවමත් මෙවැනි ම්ලේච්ඡ වාතාවරණයක් පැවතීම ඇත්තටම කනගාටුවට කරුණක් නොවන්නේ ද?
(විදෙස් පුවත් ඇසුරිනි.)

English Language - An exercise -. Rearrange the words......


Rearrange the words to make complete meaningful sentences.
දී ඇති වාක්‍යවල ඇති වචන පිළිවෙළින් නැවත සකස් කොට සම්පූර්ණ සහ අර්ථවත් වාක්‍ය සාදන්න.
 When rewriting please be careful to use capital letters and other punctuation symbols in the correct places. 
වාක්‍ය නැවත ලිවීමේදී  සුදුසු ස්ථානවල කැපිටල් අකුරු යොදා ගැනීමටත් අවශ්‍ය අනෙක් විරාම ලකුණු භාවිත කිරීමටත් කරුණාකර සැලකිලිමත් වන්න

1) plays / the / day / John / in / every / park 
2) United Kingdom / plans / have / I / to / next /  
     to  / year / go 
3) to / today / I / to / want / the / library / go 
4) football / play / Surendra / a / player / is / in /        but / not / is / position / he / to / the / team / for     / school / good / a
5) book / this / it / new/ is / my / is / very / and /          costly 
6) father / on /office / his / my / his / to / way
7) the / Australia / great / is / popular / barrier / a /      reef / tourist / in / attraction
8) books / we / table / to / getting / this / for /              these / on / others / keep / attention / want
9) every / is / our / attendance / marking / the /            class / day / in / taecher / the / tregister /                  morning 
10) world-renowned / the / musicle / is / guitar /           but / a / instrument / simple 

Friday, May 29, 2020

නොදන්වා යාවිද ?


Answers - A short exercise in English Language



Answers

Complete the given sentences using an appropriate word or the phrase.

1. We stopped at the restaurant ............. our lunch. 
          to have / for having]
         We stopped at the restaurant .for having..... our  
     lunch. 
       

2. We stopped near the huge tree .......... a break.
    for/for having   
    We stopped near the huge tree ...for....a break.
      
3.  I went to Japan .............. my uncle.

     to see / for seeing
     I went to Japan ....to see.... my uncle.

     
4. What do I need to get ............. my lunch?
     to / for
    What do I need to get ...to...my lunch?
    
5.  Collect all your rubbish ............ recycling.
     to / for / so
     Collect all your rubbish ....for.... recycling.
    
6.  I took the phone back to the shop  ............... a  

     replacement.
     to get / for getting
     I took the phone back to the shop  ....to get... a  

     replacement.
     
7. We started early today ............  
    we wouldn't be late.
    so / so that
    We started early today ...so...  
    we wouldn't be late.
    
8. You need to be over 18 years .............. that film.
     for watching / to watch
         You need to be over 18 years ...to watch.. that  
     film.


9. I am leaving early in the morning .............  
    the rush hour traffic.
    for avoiding / to avoid

    I am leaving early in the morning...for  
    avoiding......the rush hour traffic.
    
10. I am angry with you ........... me up very early.
      to wake / for waking      
     I am angry with you ..for waking......me up       
     very early.
      
   

Thursday, May 28, 2020

නිවසේ තනි වූ භූතාත්මය - A Ghost in the House


නිවසේ තනි වූ භූතාත්මය  -  A Ghost in the House





ඡායාරූපයේ ඔබ දකින නිවස ශ්‍රී ලංකාවේ කිසියම් පෙදෙසක පිහිටියකි දැන් නම් ගරා වැටෙන තත්ත්වයක ඇති මෙම නිවස යම් රහසක් සඟවා ගෙන සිටියි.
ඒ රහස මරණයක් හා නැවත පැමිණීමක් පිළිබඳවය.
මේ නිවසේ හිමිකරුට හිමි වූයේ සාමාන්‍ය මරණයක්යැයි කීම අසීරුය. ඔහු මිය ගොස් ඇත්තේ තමන්ම උවමනාවෙන්ම වස පානය කිරීමෙනි. මේ නිසා ඒ තත්ත්වය වඩාත් හොඳින් හැඳින්විය  හැක්කේ  සිය දිවි නසා ගැනීමක් ලෙසය.

The house you see in the photo is located in a part of Sri Lanka. This house has hidden a secret of death and return of the same. It is impossible to say that the owner of this house had a normal death. He had died by deliberately poisoning himself.


සිය ජීවිතය තමන් අතින්ම නසා ගත් නිවසේ හිමිකරු තමන්ගේ මරණයෙන් පසු මෙම නිවස අතහැර ගියේ නැත. 
ඔහු එම නිවස ආශ්‍රිතව තවමත් සැරිසරමින් සිටින බව ස්ථිර කොට ඇති පුවතකි.
ඔහු ඒ නිවසේ කිසිවකුට රැයක් ගෙවන්නට දෙන්නේ නැත. කිසිවකු එසේ කළහොත් යම් හිරිහැර පමුණුවයි.

The owner of the house who took his own life did not leave the house even after his death. It is confirmed that he is still moving around the house. He will not let anyone stay overnight in the house. If done somebody he will bother him.

එසේම එම නිවසේ අලුත්වැඩියාවක්වත් කරන්නට ඒ සැරිසරන ආත්මය ඉඩක් දෙන්නේ නැත. කවර හෝ බාධාවක් පමුණුවයි.
මෙයින් හැඟෙන්නේ කුමක්ද? තම මරණය කුමක් හෝ හේතුවක් නිසා තමාම ළඟා කර ගත්තත් තම නිවස පිළිබඳ ආශාව නම් ඔහු තවමත් අත හැර නැති බවයි.
තමන්ගේ මරණය නිසාවත් තම නිවසට බැඳි ආශාව ඔහුට නැති කර ගන්නට බැරි වූ හැටි....

Also, the wandering spirit does not allow the house to be repaired any obstacles. What does this mean? Though his own death may have reached him for some reason, the desire for his home is that he has not yet given up. How he could not lose his passion for his home, even. in his death.

කරුණාකර, “වලව්වේ ආත්මය” යූ ටියුබ් විඩියෝව නරඹන්න.
Please, watch the video on YouTube.
http:// youtu.be/d6iFADYFDfo










Wednesday, May 27, 2020

English Language - A short Exercise



Complete the given sentences using an appropriate word or the phrase.

1. We stopped at the restaurant ............. our lunch. 
          to have / for having]

2. We stopped near the huge tree .......... a break.
    for/for having   

3.  I went to Japan .............. my uncle.
     to see / for seeing

4. What do I need to get ............. my lunch?
     to / for

5.  Collect all your rubbish ............ recycling.
     to / for / so

6.  I took the phone back to the shop  ............... a  
     replacement.
     to get / for getting

7. We started early today ............  
    we wouldn't be late.
    so / so that

8. You need to be over 18 years .............. that film.
     for watching / to watch

9. I am leaving early in the morning .............  
    the rush hour traffic.
    for avoiding / to avoid

10. I am angry with you ........... me up very early.
      to wake / for waking      

Tuesday, May 26, 2020

Answers for the Exercises dated 24/05/2020


Answers

These are some exercises suitable for students and others who wish to improve their day to day English.

A] Underline the suitable word.

Maria is sitting on a sofa. She feels a bit (bored/boring) today. She is reading a novel. It is also not really (interested/interesting). One of her friends has recommended reading that novel.

Even though Maria has found the novel quite (disappointed/ disappointing). Maria told her friend she was not enjoying the book and she was (shocked/shocking).

Two days before Maria was very (exited/exiting) because of an incident she has faced for. 

She was offered a promotion in her job. Maria felt (surprised/surprising) about it since she has not expected at this time.


B] Choose the 'letter' of the correct answer and write it on the 
     given space.
 1) I liked the stories in this book because they are ....a....
     a) funniest    b) funnier  

2) I am the...c... student in my French class.
     a) weaker      b) weakiest   c) weakest

3) Ron is the ...b.... runner in our football team.
      a) faster        b) fastest       c) fasterest 

4) My sitting cushion is ...a.... than my sister's cushion.
      a)  softer       b) soffiest      c) softest 

5) Who has the ...b... marks for the English Language?
      a) higher       b) highest      c) higheist  

6) This is the ...a.... story I ever read.
      a) saddest      b) sadder       c) sadest 

7) Sandar's essay was ...b.... than Brian's essay.
      a) longiest     b) longer      c) longest

8) Is your room ...a.... than brother's room?
      a) colder        b) coldest     c) coldier

9) Brown is the ....c... person I know.
      a) luckyest     b) luckier      c) luckiest 

10) Is Roland the ....b..... person in this sports club?
       a) strongiest  b) strongest   c) strongiest  

Monday, May 25, 2020

සැමටම බුදුදහම Buddhism For Everybody







     නාචින්තයන්තෝ පුරිසෝ - විසේස මධිගච්ඡති” 
        "Na chinthayantho puriso - visesa madhigachchathi"


කිසිවක් අමුතුවෙන් සිතන්නට අකමැති අලුත් දෙයක් ගැන සිත යොමු කරන්නට අලස බවක් දක්වන සිතක් ඇති තැනැත්තාට කිසිදු විශේෂ තත්ත්වයකට පැමිණිය නොහැකිය.
 A person who is too lazy to think about something new or that he does not want to think about new, cannot come to any particular situation in his life.

මිනිසකුට උපතින්ම සිතක් අයිතිය. එහෙත් මේ සිත නිසි අයුරින් පාලනය කර ගැනීම හෝ මේ සිත සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වීමට බොහෝ අය කැමති වන්නේ නැත. එසේ සිදුවනු ඇත්තේ තමන්ට ඇති සිත සම්බන්ධයෙන් තමන් තුළම දැඩි විශ්වාසයක් නැති නිසා විය හැකිය.
Every human being is borning with a mind. It is a common factor. But most people do not like to have this mind under control or to take a special interest in it. It may be because they do not have confidence in themselves.

 තමන්ට සිතක් ඇති බවත් ඒ සිත මේ ලෝකයේ ඇති හැම වස්තුවකටම වඩා, ධන සම්පතකටම වඩා උතුම් බව උසස් බව මිනිසා තේරුම් ගැනීම සුදුසුය.
 It is proper for a man to realize that he has a mind and that his mind is superior to all the riches and wealth of this world.

කෙනෙකුට සිතක් ඇති බව පැහැදිලිව තේරුම් ගියත් ඒ සිත නිවැරැදි      සිතිවිලි සඳහා මෙහෙයවීම මිනිසා විසින් බොහෝ විට අමතක කර දමනු ලබයි.
Even if one has a clear understanding of the mind, it is often forgotten by man to guide his mind towards good thoughts.

එය මුළු ලෝකයම සඳහා  පැහැදිලි කරුණක් වන්නේ චින්තකයන් හෙවත් අලුතින් සිතන්නන් මුළු  ලෝකයෙන් ම සොයාගත හැක්කේ  අතළොස්සක් නිසයි.
It is obvious to the whole world that there are only a handful of thinkers or innovators in the world.

සිතීම ඕනෑම කෙනෙකුට කළ හැකිය කුඩා දරුවෝ ද සිතති.  සොරුන් මිනීමරුවන් ද සිතා කටයුතු කරන බව පෙනේ එහෙත් පැහැදිලි දැකීමක් ඇතිව ක්‍රමානුකූලව  විශේෂ පිළිවෙළක්  ඇතිව සිටීම හැම කෙනෙකුටම කිරීම අපහසු බව පෙනේ. ඒ සඳහා සිත විශේෂ පුහුණුවක් සහිත තත්වයකට පත්කර ගත යුතුය. මේ තත්ත්වය ඇති කර ගැනීම අප සිතන තරම් පහසු වන්නේ නැත.
Thinking can be done by anyone. Even small children thinking before doing something at some age. 
Thieves and murderers seem to be thinking before doing whatever they want to do. 
But it is difficult for everyone to have a systematic special order with a clear vision. For that, the mind needs to be put into a specially trained position. It is not as easy as we think.

පැහැදිලි සිතකින්  යුතුව පැහැදිලිව කල්පනා කරන අය විශේෂ තත්ත්වයකට පැමිණෙන්නේ ඒ නිසාය. ඔවුන් සිය සිත තමන්ට අවශ්‍ය ලෙස පිළිවෙළක් ඇතිව සිතිවිලි ඇති කර ගැනීමට පුරුදු කරගෙන ඇත.
 That is why those who think clearly and with clear thinking come to a special status. They have their minds set on orderly thinking.

නිසි සේ සිතා කරුණු නොවිමසා ක්‍රියාකිරීම නිසා ලැබිය හැකි ප්‍රතිඵලය අයහපත් හෝ අල්ප හෝ විය හැකිය. ඇතැම්විට ඒ තත්ත්වය කිසියම් දරුණු ස්වභාවයක් ගත හැකිය.
Acting improperly and deliberately can result in bad or insignificant results. Sometimes the condition can be severe.

සිත යම් කිසි උසස් තත්වයකට පමුණුවා ගැනීමට උසස් සිතිවිලි  සිත තුළ වර්ධනය කර ගැනීම අවශ්‍ය ය. එය අප මේ කතා කරන තරම් පහසු නොවිය හැකිය. ඉතා ඉවසීමෙන් කළ යුතුය. ඒ එසේ වුවත් එම තත්ත්වයට පත්කර ගනු ලබන සිතින් ලැබෙන ප්‍රතිඵල ඉතාම යහපත් විය හැකිය.
 It is necessary to cultivate higher thoughts in the mind in order to improve the mind. It may not be as easy as we discuss this. Must be very patient. Nevertheless, the results of the mind that are being put into that situation can be very good.

ඒ නිසා තමන්ගේ සිත තමන්ට හැකි තරමින් හෝ යහපත් අදහස් සහිත උසස් සිතිවිලි සහිත ඉන්ද්‍රියයක් බවට පත්කරගැනීමේ  සමත්කම ඇතිවන්නේද තම සිතේම බවද වටහා ගැනීම සුදුසුය.

Therefore, it is best to understand that it is possible to make one's mind as good as possible or with good intentions.