පහත දී ඇති කොටස ඇසුරෙන් අසා ඇති ප්රශ්නවලට පිළිතුරු සපයන්න.
“‘කපනවා’ යන ක්රියා පදය විවිධ පද, විවිධ අර්ථ දනවමින් බස් වහර සරසයි. ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නා කපන වැස්ස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථ නිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය’ යන්නට පටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති. තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කප නහන’ යන පද දෙකේ පෙරළියෙන් බවයි. ‘කප’ හෙවත් කල්පය අවසානයෙහි මහා වර්ෂාවක් එතියි බෞද්ධයෝ අදහති. මේ වැස්ස කප නහන්ට සමත් වන නිසා ඊට ‘නහ කපන්ට’ පුළුවන් බව කියැවේ. ‘නහ කපන්නට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.”
1) ’කඳු නාය යෑම‘ යනු කුමක්දැයි ඔබේ වචනයෙන් ලියන්න.
2) ‘බස් වහර’ යන යෙදුම පහදන්න.
3) ‘මහා වර්ෂාව’ යන යෙදුම වෙනුවට ‘ධාරාණිපාත වර්ෂාව’ යන යෙදුම භාවිත කළ හැකි ද? නොහැකි ද?
4) මේ පද පෙරළි පහදන්න.
අ) මන්න පිල -
ආ) වත්තල පිංගෙඩිය -
5) “වැස්ස වහිනවා - අකුණු හඬනවා” - ‘අකුණු හඬනවා’ යන යෙදුම ඔබේ වචනයෙන් පහදන්න.
6) ඉහත කොටසේ ඇති පහත දක්වන වචන
සඳහා සමාන පද ලියන්න.
අ) වැස්ස
ආ) බස්
No comments:
Post a Comment