Friday, May 11, 2018

Tiger Son - ව්‍යාඝ්‍ර පුත්‍ර




                       



                                                                  


                                 ව්‍යාඝ්‍ර පුත්‍ර
 අතීතයේ එක්තරා යුගයක මැද වයසේ මාතාවක්- ඇගේ නම චෙන් මා තම එකම පුත්‍රයා සමග වාසය  කළාය.  ඔවුන් දිවි  ගෙවූයේ වනය ආශ්‍රිත ප්‍රදේශයකයි. මේ වනගත පෙදෙස පිහිටා තිබුණේ ෂාන්ක්සි ප්‍රදේශයේ පාලනයට යටත්වයි.

මහලු මාතාවගේ තරුණ පුත්‍රයා ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමට පළාත්බද අධිකරණයෙන් බලපත්‍රය ලැබූ අයෙක් විය. ඔහුගේ පියාත්, පියාගේ පියාත් මේ ව්‍යාඝ්‍ර දඩයමේ නිපුණයෝ වූහ.

මේ සතුන්ගේ සම් මස් ඇටකටු ආදිය විකිණීමෙන් ලබන ආදායම තරුණයාටත් මවටත් සාමාන්‍ය දිවි  පෙවෙතක් ගත කිරීමට තරම් සෑහුණේය.
මහලු මවගේත්, පුත්‍රයාගේත් මේ සාමාන්‍ය දිවි පැවැත්ම වෙනසක් නොවී  පැවැතුණේ ඊළඟ  කටුක ශීත ඍතුව දක්වා පමණි.    


 ශිත කාලයේ පැවැති තද හිම කුණාටු අවස්ථාවකදී චෙන් මාගේ පුත්‍රයා තම සහෝදර දඩයම්කරුවන්ගෙන් වෙන්වූවා පමණක් නොවේ.  කුසගින්නෙන් පෙළුණු ව්‍යාඝ්‍ර දෙනකගේ ගොදුරක් බවටද පත් වූයේය. 

මහලු  මාතාව -  චෙන් මා මේ සිද්ධිය නිසා බලවත් ලෙස කම්පාවට පත් වූවාය. තම සැමියාගේ වියෝවෙන් පසු තමාට තිබූ එකම ආරක්‍ෂාවත්, හව්හරණයත් නැති වීමෙන් ඇය දැඩිසේ සිත් තැවුලට පත් වූවාය. ජීවිතය ගෙන යන්නට තිබූ එකම මඟ ඇහිරීමෙන් ඇය බලවත් බලාපොරොත්තු කඩවීමකටද පත් වූවාය.

කවදා හෝ එළැඹෙන තම මරණය තෙක් තම ජීවිතයේ ඉතිරි කොටස ගෙවන්නේ කෙසේදැයි යනු දැන් ඇය ඉදිරියේ තිබූ බලවත්ම ප්‍රශ්නයයි.

මේ සම්බන්ධයෙන් විසඳුමක් පතා ඇය පළාතේ මහේස්ත්‍රාත්තැන හමු වන්නට ගියාය. තමාගේ එකම ආරක්‍ෂකයාවූ, තමන්ට  ජීවත් වීමට හව්හරණක් සැපැයූ තම එකම පුත්‍රයාගේ හදිසි වියෝව ගැන ඇය ඔහුට දන්වා සිටියාය.

තමා දැන් බෙහෙවින් අසරණ බවත් ජීවත්වීම සඳහා කිසිදු  නිශ්චිත පිළිවෙළක් තමාට දැනි නැති බවත් ඇය කියා සිටියාය.  

තම ජීවිතය ගෙන යාම සඳහා තමන්ට වන්දියක් ලබා දෙන මෙන් මහලු චෙන් මා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.

මේ මහලු මවගේ දුක් ගැනවිල්ල අසා සිතට ගත් මහේස්ත්‍රාත්තැන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දුන්නේය. එයින් කියැවුණේ මින්මතු ව්‍යාඝ්‍රයන් දඩයම් කොට විකුණා උපයන ආදායමෙන් සුළු කොටසක් දඩයම්කරුවන් විසින් චෙන් මා මාතාවට ලබා  දිය යුතු බවයි.

මහේස්ත්‍රාත් නියෝගය එසේ වුවත් දඩයම්කරුවන් එය එතරම්ම යහපත්   ලෙසින් පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.ඊට හේතුව වූයේ ඔවුනටත් රැක ගන්නට තම දරු පවුල් තිබූ නිසාය.





පසුව ආ දිනෙක චෙන් මාගේ පුත්‍රයා මරා දැමූ ව්‍යාඝ්‍ර දෙන මරා දමන්නට දඩයක්කරුවෝ සමත් වූහ. ඉන්පසු ඔවුන් තීරණය කළේ මහේස්ත්‍රාත් නියමය අනුව මින්මතු ඇයට ලාබයෙන් කොටසක් නොදිය යුතු බවයි. ඒ වෙනුවට ඔව්හු වෙනත් කටයුත්තක යෙදුණෝය.කුමක්ද ඒ? 

ඒ කටයුත්තේ නම් යම්කිසි වෙනසක් දකින්නට තිබිණි. තමන් විසින් මරා දැමුණු ව්‍යාඝ්‍ර දෙනට අයත්වූ ඇගේ අලුත උපන් පැටවා ගෙනැවිත් චෙන් මා මාතාවට බාර දීමයි.
මේ පැටවා සැලෙන සිරුරක් ඇති රන්වන් පාටින් පෙනෙන ලොම් සහිත කුඩා එකෙක් විය.

තම මව අහිමිවූ මේ පැටවාගේ කටේ  එක දතක්වත් තිබුණේ නැත. පැටවා කැටුව ඒමේදී උගේ ගෙල වටා තදින් ගැට ගසා තිබුණු රැහැන නිසා පැටවා වෙතින් දකින්නට ලැබුණේ දැඩි අපහසුතාවකි. ඌ පළ කළේ හුස්ම සිරවූ ස්වභාවයකි.  

පැටවා වෙතින් පළවන අපහසුතාව තේරුම් ගත් චෙන් මාගේ සිතට දැනුණේ හදිසි ශෝකයකි.  මව අහිමිව අසරණවූ මේ පැටවාගේ කොළ පැහැයෙන් පෙනෙන කුඩා දනෛතේ කඳුළු දිලිසෙනු චෙන් මා දුටුවාය.


චෙන් මාට පැටවා බාර දුන් දඩයක්කරුවෝ පිටවී ගියහ. පැටවා සැලෙන ගතින් යුතුව සෙමෙන් ගමන් කොට චෙන් මාගේ දෙපා අසල වැතිරුණේය.
මහලු මාතාව පහළට නැමී උගේ කන් අත ගෑවාය. එහි උණුසුමින් යම් පණක් ලැබූ පැටවා උගේ මෘදු දිවෙන් චෙන් මාගේ දෙපා වසා ගත්  පාවහන්  ලෙව කෑවේය. මේ  මහලු වැන්දඹු කාන්තාව ඉතා උවමනාවෙන් පැටවා දෙස බැලුවාය. ඇගෙන් නැගුණේ සුසුමක්.  පැටවා ගැන ඇය තුළ වූයේ ශෝකයකි.

"ඒ අය කිව්වේ උඹව මරා ගන්න කියලයි. ලුණු දාලා, දුම් ගහලා උඹේ  මස් මගේ කෑමට ගන්න. උඹේ  හමෙන් මගේ කකුල් දෙකට උණුහුම ගන්න සපත්තු දෙකක් හදා ගන්න. උඹේ  ඇටකටුවලින් හදා ගන්න වයින්වලින් පුළුවන් මේ නාකි මගේ ඇඟේ හන්දිපත් රුදාවට සහනයක් ගන්න. ඒත් පැටියෝ ඒ හැම එකකටම මම හිත හදා ගෙන උඹව මරා දාන්නේ කොහොමද? උඹ තාම පොඩියි. උඹට ජීවත් වෙන්න තව කල් තියේවි. ඒත් මං දැන් වයසට ගිහින්. ඒ වගේම දුර්වලයි." මහලු  මාතාව පැටවා ගැන ඇතිවූ ආදරයකින්, ශෝකයකින් තනිවම කතා කළාය.

මහලු මාතාව පැටවාට බලවත් හිරිහැරයක්ව ඇති උගේ ගෙල වටාවූ රැහැන මුදා හැරියාය.
අල පිස ගත් ඇය එය පාප්පයක්සේ සකස් කොට තම ඇඟලිවලින් ඌට කැව්වාය. සපා ගිලින්නට ව්‍යාඝ්‍ර පැටියාට පහසු නොවූයේ ඌට දත් නොතිබුණු නිසාය. 

චෙන් මාගේ පුත්‍රයා ජීවත්ව සිටි කාලයේදී ඔහු සෑහෙන තරම් ධාන්‍ය සහ අල වර්ග නිවස අසල මඩුවේ රැස් කොට තිබුණේය. චෙන් මා සිතා ගත්තේ මෙසේ රැස් කොට තිබූ ආහාර ද්‍රව්‍ය ශීත කාලය නිමා වන තුරුම කෙසේ හෝ පිරිමසා ගන්නටය.
එහෙත් ඒ සිතූ ලෙසින් ශීත කාලය ගෙවා ගැනීම පහසු වූයේ නැත.

නිවස අසල තිබූ මඩුවේ  ගබඩා කොට තිබූ දර ශීඝ්‍රයෙන් නිමා වීම චෙන් මාට තවත් ප්‍රශ්නයක් වූයේය. නිදන යහන උණුසුම්ව තබා ගැනීම පවා ඇයට ගැටළුවක් විය.  
ඔවුන්ගේ යහන් සකස් කැරුනේ පොළෝ මට්ටමෙන් මඳක් උස්ව තනා ගත් ගඩොලින් සැදි බැම්මක් මතයි. පොළා් මට්ටමේ දර දමා ගිනි දල්වා මඳක් ඉහළින්වූ යහන උණුසුම් කැරිණි.
දර හිඟය නිසා ශීතලෙන් අපහසුතාවට පත් චෙන් මා නිදා ගත්තේ දිවි පැටවා අසලින් වැතිරෙමිනි. උගේ ලෝම වඩා සුව පහසුවක් හා උණුසුමක් චෙන් මාට ලබා දුනි.

මැහුම් කටයුතු සඳහා චෙන් මා දැක්වූ හැකියාව නිසා අසල ගම්මානවල  ගැහැනු තමන්ගේ මැහුම් කටයුතු චෙන් මා ලවා කර ගන්නට ඇය වෙත පැමිණෙන්නට පුරුදුව සිටියහ. තම සේවාව  සඳහා  චෙන්මාට කුලිය ලෙස ලැබුණේ වියලි මුව මස් සහ කුඩා මළුවල දැමූ ධාන්‍ය ආදියයි. මේ නිසා තම ජීවිතය ගෙවා ගන්නට කිසියම්  මාවතක් සුළුවෙන් හෝ චෙන් මා වෙනුවෙන් විවරව තිබිණි. 

චෙන් මාට ශ්‍රමය ගෙවා ඇගෙන් සේවාවක් ලබා ගැනීමට ඇගේ නිවසට පැමිණෙන ගම්වාසීන්ට මුල් කාලයේදී  නම් ව්‍යාඝ්‍ර පැටවා ගැන එතරම් තැකීමක් කරන්නට අවශ්‍ය වූයේ නැත.එම කාලයේදී උගේ ස්වභාවය කුඩා ඌරු පැටියකුට සමාන විය.

එසේ වුවත් ඊළඟ වසන්ත සමය උදා වන විට ඌ වසු පැටවුකු තරම් උසට වැඩී සිටියේය. තමන්ට ආවේණික දත් සමූහයත්, පා වල නිය පඳුරුත් මේ වන විට වැඩී තිබිණි.

ව්‍යාඝ්‍ර පැටියා තම තාරුණ්‍යයට පිවිසෙමින් සිටියේය. 

ව්‍යාඝ්‍ර පැටියාගේ මේ තාරුණයයේ තතු චෙන් මාගේ නිවෙසට පැමිණෙන බිරින්දෑවරු දඩයම්ශීලී තම ස්වාමිවරුන්ට දන්වා සිටියහ.
ඒ තොරතුරු අනුව දඩයම්කරුවන් එහි පැමිණියේ තරුණ ව්‍යාඝ්‍රයාව මරා දැමීමටය. 
එහෙත් තරුණ ව්‍යාඝ්‍රයා දඩයම් කිරීම ඒ කිසිවකු සිතූ තරම් පහසු වූයේ නැත.චෙන් මා ඒ සඳහා තම බලවත් විරෝධය පළ කොට සිටියාය. තම පුත්‍රයාගේ දඩයම් හෙල්ල අතට ගත් ඇය තමා දැඩි ලෙස ආදරය කරන ව්‍යාඝ්‍රයා මරා දැමීමට පැමිණි සැමට එසේ නොකරන ලෙස අණ කොට සිටින්නට තරම් නිර්භීත බවක් පළ කළාය.

"මගේ ස්වාමියාත්, පුතාත් දෙන්නාම මට නැති වුණා.මගේ තනි නොතනියට දැන් ඉන්න එකම කෙනා මේ ව්‍යාඝ්‍රයා විතරයි. මේ සතාව විනාස කරන්න ඉඩ දෙන්න මට කොහෙත්ම පුළුවන් කමක් නෑ."

"මං යනවා නඩුකාර උන්නාන්සේ ළඟට. ගිහින් උන්නාන්සේට කියනවා මේ සතාව මට දරු කමට හදා ගන්න නීතියෙන් පවරලා දෙන්න කියලා. එතකොට කාටවත් මේ සතාට අනතුරක් කරන්න ලැබෙන්නේ නෑනේ."

චෙන් මා මහලු මාතාවගේ මේ ප්‍රකාශය ඇසූ දඩයක්කරුවන් කල්පනා කළේ ඇය කිසියම් උමතු ස්වභාවයකටවත් පත්වී ඇද්ද කියායි. මේ නිසා ඔවුන් උත්සාහ කළේ මහලු මාතාව සමච්චලයට ලක් කිරීමටයි.

ඒ කෙසේ වෙතත්  මහලු මාතාවගෙන් පළවූ දැඩි සහ මුරණ්ඩු ස්වභාවය දඩයක්කරුවන් යම් ලෙසකින් හෝ නිහඬ කරන්නට සමත් විය.මහේස්ත්‍රාත් නියෝගයකින් අවසර නොලබා ව්‍යඝ්‍රයා මරා දමන්නට තරම් කොහොමටත් ඔවුන් දැන් නම් පසුබට වන තත්ත්වයක් පෙනෙන්නට තිබිණි.
ව්‍යාඝ්‍රයා  සම්බන්ධයෙන් මේ උද්ගතව ඇති ප්‍රශ්නයට ඉක්මනින්ම විසඳුමක් තිබිය යුතු බව හැම දෙනාගේම කල්පනාව විය. ඒ නිසා චෙන් මා සහ ව්‍යාඝ්‍රයා   පසු පස  දඩයම්කරුවන් සියලු දෙනාද මහේස්ත්‍රාත්තුමා සිය විනිශ්චයන් ලබා දෙන අධිකරණ ශාලාව වෙත ගමන් කළහ.  

                                                                
එහි ගිය චෙන් මා තම ඉල්ලීම මහේස්ත්‍රාත් තැන වෙත ඉදිරිපත් කොට සිටියාය.ඇගේ ඉල්ලීමට හොඳින් ඇහුම් කන්දී සිටි මහේස්ත්‍රාත්තුමා ඇය ඇමතීය.

"මහලු  මාතාවනි. ඔබගේ ඉල්ලීම ඉතාම අසාමාන්‍යයි. ඔබටම බියක් දැනෙන්නේ නැද්ද මේ ගැන? මේ සතා කවදාම හෝ දවසක උගේ සාමාන්‍ය ගති පැවතුම්වලට යාවි. ඒ ගති ස්වභාවයම කවදා හෝ දිනක ඔබේ අවසානය ඔබට ලබා දේවි කියා ඔබට හිතෙන්නේ නැද්ද?"  මහේස්ත්‍රාත්තුමාගේ කතාව අසා සිටි චෙන් මා - මහලු මාතාව යළි කතා කළාය.
"ගෞරවනීය මහතාණෙනි." ඇගේ දෙනෙත කඳුළින් පිරී තිබිණි. "කුමක් සඳහා බිය විය යුතුද? මං දැන් සෑහෙන කාලයක් ජීවත් වෙලා හමාරයි.  මට ඇති එකම කනස්සල්ල තමා මගේ ජීවිතයේදී මාව සම්පූර්ණයෙන්ම තනි වීම. කවුරුම හෝ මගේ ළඟ රැඳෙන්න ඕනෙ කාලෙදි මා ළඟ රැඳෙන්න කවුරුවත්ම නෑ."

 "ඒ නිසා කරුණාකරලා මට මේ තරුණ ව්‍යාඝ්‍රයා මගේ දරුවකු හැටියට මගේ බාරයට පත් කරන්න. ජීවිතේ ඉදිරි කාලෙදි  මගේ ආදරයටයි, තනි කමටයි හවුල් කරුවකු හැටියට එයා ඉඳීවි  කියලයි මම හිතන්නේ."

ඉල්ලීම අසාමාන්‍ය වුවද එය ඉවත දමා මහලු මාතාව අසරණ කර දමන්නට තරම්  මහේස්ත්‍රාත්තුමා අකාරුණික වූයේ නැත. ඒ අනුව ඔහු මේ ඉල්ලීම සම්බන්ධයෙන් අවසාන තීරණයකට ආවේය.

තම සහායකයකු ලවා තරුණ ව්‍යාඝ්‍රයා චෙන් මාගේ දරුවකු ලෙස හදා ගැනීමට නීතිමය වශයෙන් බලය පවරන ලියවිල්ලක් සකස් කර වීය. එසේම ඔහු තවත් වැදගත් කටයුත්තක් ඉටු කළේය.
ව්‍යාඝ්‍රයන්  දඩයම් කරන්නන්ගේ හී සහ හෙල්ල පහරින් මේ ව්‍යාඝ්‍රයා මුදා ගැනීම සඳහා විශාල තඹ තහඩු කැබැල්ලක් මේ සතාගේ බෙල්ලේ එල්ලන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම තහඩු කැබැල්ලේ 'ෆූ චී'  යන  අකුරු  කොටනු ලැබීය.

එහි අරුත 'ව්‍යාඝ්‍ර  පුත්‍ර' යනුයි.

තම බැගෑපත් ඉල්ලීමට නිසි ප්‍රතිචාරය දැක්වූ මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ දණ ගැසූ චෙන් මා තුන් වරක්ම තම නළල පොළොව මත තබා තම හදවතින්ම නැගුණු ගැඹුරු කෘතඥතාව ඔහු වෙත පුද කොට සිටියාය.

ඉන්පසු තම ව්‍යාඝ්‍ර පුතු සමගින් තම නිවහව බලා පිටත්වී ගියාය.

ඊළඟ ශීත කාලය වන විට ව්‍යඝ්‍ර පුත්‍ර සම්පූර්ණ සතෙකුව වැඩුණේය. මේ නිසා චෙන් මා අලුත් ප්‍රශ්නයකට මුහුණ පෑවාය. මේ තරුණ ව්‍යාඝ්‍රයාගේ කෙළි සෙල්ලම් සඳහා තමාගේ නිවස ප්‍රමාණවත් නොවීමයි. ඌ ක්‍රියාශීලී වීමේදී නිවස කඩා වැටෙන තරමට තර්ජනයක් ඇති වීම වැළැක්විය  නොහැකි  දෙයක් බවට පත් වෙමින් තිබිණි.

මේ තත්ත්වය එතරම් යහපත් නොවූ නිසා නිවසට නොදුරු ගුහාවක තම ව්‍යාඝ්‍ර පුතුට ඉන්නට සැලැස්වීමට චෙන් මා තීරණය කළාය.
වෙන වාසස්ථානයක ලැගුම් ගත්තද මේ දයාබරවූත්, ආදරණීයවූත් ව්‍යාඝ්‍ර  පුත්‍ර තමන් හදා වඩා ගත් මව බලන්නට නිතර පැමිණියේය. ඒ එන හැම අවස්ථාවකදීම තම මවට 'තෑග්ගක්' ලෙසින් කිසිවක් ගෙන ඒමට කිසි විට අතපසු කළේ නැත.
ෆූ චී  - ව්‍යාඝ්‍ර පුතුගේ මුවේ රැඳුණේ මිය ගිය මුවෙකුගේ කුණකි. නැති නම් අතු කැබැල්ලකි.


තමාට හැකි ලෙසින් හැම පැත්තකින්ම තම මවට උපකාර කරන්නට ෆූ චී  නිතර වග බලා ගත්තේය. චෙන් මාට දැනුණේ තම සැබෑ පුතු තමන් ඇසුරේ හිඳිමින්  තමා සැබෑවට බලා කියා ගන්නා වැනි හැඟීමකි.

කාලය ගෙවී ගියේය

වසර සියයකටත් වඩා ආයු කාලයක් මෙලොව ගත කළ චෙන් මා තම ජීවිතයෙන් සමු ගත්තාය.
තමාව ආදරයෙක් හදා වඩා ගත් තම මව දැන් තමන් ඇසුරේ  නැති බව තරුණ ව්‍යාඝ්‍රයා තේරුම් ගත්තා වෙන්නට ඇති.
දඩයම්කරුවන්ගේ සෙවුම් බැලුම්වලට අනුව නම් ෆූ චී සෑම රාත්‍රියකම පැමිණ චෙන් මාගේ සොහොන ආරක්‍ෂා කළේය.

කිසිම දඩයම්කරුවකු කිසිම ලෙසකින්  ෆූ  චීට හිරිහැරයක් කරදරයක් කළේ නැත. එසේම ෆූ චී  කිසිම කෙනෙකුට හෝ නිවෙස්වල ඇති කරන කිසිදු සතෙකුට හෝ කෙදිනවත් හිරිහැරයක් කළේ නැත.

මේ ලෙසින්ම තවත් වසර ගණනාවක් ගතවී ගියේය.

යම් දිනකට පසු ෆූ චී මිනිස් ඇසෙන් වසන්වී  ගියේය.  ඉන්පසු  කිසිවකුට කවදාකවත් ෆූ චීව දකින්නට ලැබුණේ නැත.

මේ අපූරු සතා කෙරෙහි දඩයම්කරුවන් දැක්වූයේ ගෞරවයකි. මිනිස් මාතාවකගේ දරුවකු ලෙසින් මිනිස් ඇසුරේම සිට කිසිවකුටම හානියක් නොකොට තම සත්ත්ව ගතිය කිසිවකුට නොපෑ ෆූ චීගේ ගූණය ඔව්හු අගය කළහ.
දඩයම්කරුවෝ මේ සතා වෙනුවෙන් මතක ස්මාරකයක් ගොඩ නැගූහ. චෙන් මා සහ ෆූ චී අතරවූ අපූරු සම්බන්ධය ගලක අකුරින් කෙටූහ.
මේ ශෛලමය මතක ස්මාරකය චෙන් මාගේ සොහොන මත තැන්පත් කළහ.
ඉන් අනතුරුව ෆූ චීගේ කතා පුවත ෂන්ක්සි ප්‍රදේශයේ දොරින් දොරට පැතිර ගත් පුරා වෘත්තයක් බවට පත් විය.


                                        ' ව්‍යාඝ්‍ර පුත්‍ර '  නිමයි.                                                                         


(සියලු චිත්‍ර සටහන් අන්තර්ජාලයෙනි.) 






















Wednesday, May 9, 2018

A new thought for everybody-5 / Buddhism for anybody









Stanza: Sabbe thasanthi dandassa
            Sabbe Bnaayanthi Machchuno
            Aththaanan upamankathvaa
            Na haneya ghaathaye  (Dhamma Padhaya-Danda vagga)

  Everybody scared of getting punished. Everybody fears for the death. Therefore, your thinking has to be improved to think you and the others are same. Based on that improved thinking do not try to harm the others. Not to encourage anybody to do so.


This is a very important factor to think and understand by everybody. 'ME' is very important to me.'ME' is first. Then can think about others. This doesn't tell that 'ME' is much greater than the others and they all are regardless at any given moment. 
No, it is not.
First, think about 'ME'.
Think 'ME' as an example.
'ME' does not like to get harm from others. Do not like worries. Do not like harassments.
So if you kept 'ME' as an example you have to think about the others in the same way. 
Therefore you have to have the practice to think about 'ME' similarities as well as the others.




 සබ්බේ තසන්ති දණ්ඩස්ස- සියල්ලෝම දඬුවමට බිය වෙති.
 සබ්බේ භායන්ති මච්චුනෝ- සියල්ලෝම මරණයට බිය වෙති.
 අත්තානං උපමංකත්වා- තමා උපමා කොට සිතා,
න හනෙය්‍ය ඝාතයේ- අනුන්ට හිංසා කිරීම නොකළ යුතුය. නොකරවිය යුතුය.

මෙහිදී ඉතාම තදින් සිත යොමු කළ යුතු කරුණ වන්නේ තමා ම තමාට උපමා කර ගැනීමට සිදුවීමයි.
තමා දඬුවමට බියය. තමා මරණයට බියය. තමා මේ අවස්ථාවන් සඳහා මුහුණ දීමට බිය වන්නේ නම් තමා වැනිමවූ අනෙක් හැම දෙනාම එසේ බිය වන බවඋපකල්පනය කොට අවබෝධ කර ගත යුතුය.
එසේ මැනැවින් අවබෝධ කර ගත් පසු අනෙක් අයට දඬුවම් කිරීම, දඬුවම් කරවීම වැනි දෑ වලින් ඈත් වීමට සිතට දැක්ම සහ දිරිය ලැබෙනු ඇත.


   

Friday, May 4, 2018

A Good thought for everybody-4 / Buddhism for anybody





The stanza:  "Asaare  saaramathino
                      Saareva saaradassino
                      The' saaran naadhigachchanthi
                      Michchaasankappagochara"    (Dhamma Pada- Yamaka Vagga)

Explanation: If somebody thinks or grasping frivolous things as fruitful and the opposite way of it, that person will never get a perfect sense to understand the 'reality' of the life.
Those who are with mythical aspirations will never realize the 'truth'. 

In the Buddhism 'reality'/truth' words are used to express the meaning of 'Nibbana'.(getting free from the rebirth cycle.) 

How did this apply to your life?

Be firm and balance once you are selecting things from the common society. Each and everything surrounding you will not help you to live joy and peace.
Therefore think carefully and have your decisions.


"අසාරේ සාරමතිනෝ
සාරේ වා සාරදස්සිනෝ
තේ සාරං නාධිගච්ඡන්ති                                                            මිච්ඡාසංකප්පගෝචරා"  -  (ධම්ම පදය- යමක වග්ගය)

නිසරු දේ සරු ලෙසත් සරු දේ නිසරු දේ ලෙසත් වැරදියට වටහා ගන්නා තැනැත්තා සත්‍ය අවබෝධයෙන් දුරස් වේ.එසේ වැරැදි සිතිවිලි නිවැරැදි සේ ගෙන මිථ්‍යාවේ ගැලී සිටින්නාට සත්‍යවබෝධය නොවන්නේය.

ජීවත්වන සමාජමය පරිසරය තුළ ඇති හැම දෙයක් ගැනම නිවැරැදිව සිත්නනට පුරුදු පුහුණු වීම වැදගත්ය. හේතුව ඒ හැම දෙයක්ම ජීවිතය යහපත් ලෙස පවත්වා ගෙන යන්නට තමන්ට ඇවැසි නොවන නිසාය. සිතට එකඟව වඩාත් යහපත් දේ තෝරා බේරා ගෙන කටයුතු කිරීම  තුළින් අවශ්‍ය නොවන දේ බැහැර කිරීමේ පුහුණුව ඇතිවේ. 




Wednesday, May 2, 2018

A Good thought for everybody-3 / Buddhism for anybody




The Buddhism is a sort of Philosophy which based on the mind in a human body.
The 'mind' of a human body plays a vital part of his or her behaviour throughout the life.
Therefore if anybody can control the 'mind' in a better way it will mainly help to the person who did it first and then it will nicely be affected for the people and the society around the said person.

The stanza:  Dhuuran gaman -eka charan                                                                 Asareeran guhasayan
                     Ye chiththan sanyamessanthi
                     Mokkanthi maara bandhanaa (Dhamma Padhaya- Chiththa Vaggaya)

This stanza is giving a short idea about the behaviour of a human mind.
But it is very clear and correct.


Explanation: Dhuuran gaman-eka charan - Mind is always trying to be free from its owner. It(mind) goes here and there as it of its own.  Having long 'journeys' as it(mind) preferred. 'Mind' is trying to behave sporadically.

                      Asareeran guhasayan - 'Mind' is not having a body or a body structure. But it sleeps inside of a human body.

                      Ye  chiththan sanyamessanthi -  If somebody could control the 'mind' without having problems,

                     Mokkanthi maara bandhanaa - That person will be free from the circle of rebirth (existence).

දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති

මොක්ඛන්ති මාර බන්ධනං  - (ධම්ම පදය- චිත්ත වග්ගය)


බුදු දහම කේන්ද්‍ර  වන්නේ මිනිස් සන්තානය මතය. සිත මඟින් මිනිස් සියලු චර්යා පාලනය කරනු ලබයි. 

ධම්ම පදයේ චිත්ත වග්ගයට අයත් ගාථාවක් වන මෙයින් මිනිස් සිත පිළිබඳව ඉතා කෙටි එහෙත් නිරවුල් අදහසක් ඉදිරිපත් කරනු ලබයි.



දූරං ගමං ඒක චරං - සිත නිදහසේ දුර ගමන්වල යෙදේ. එය එහි හිමිකරුට කීකරු නොවී එසේ හැසිරෙයි. නිතර උත්සාහ කරන්නේ තනිව හිඳින්නටය.
අසරීරං ගුහාසයං -  සිතට සිරුරක් ශරීරයක් නැත්තේය.එහෙත් මිනිස් සිරුර තුළ සිත නිදා සිටි. 

යේ චිත්තං සංයමෙස්සන්ති - කිසිවකුට මෙම ‘සිත’ නිසි ලෙස සංවර කර ගත හැකි නම්, 

මොක්ඛන්ති මාර බන්ධනං - ඒ තැනැත්තාට මාර බන්ධනයෙන් එනම් සසරෙන් මිදෙන්නට හැකියාව ලැබේ. 




Gee Rasa Vidhana 4 'Podi Duwage Sina'

Monday, April 30, 2018

A Good thought for everybody - DHAMMA PADHAYA -2 / Buddhism for anybody




Stanza:   " Nahi verena veraani
                Sammatheedha kudhaachanan
                Averena  cha  sammathi
                Esa shammo sanaththano"  (from 'Yamaka  Vagga')

Explanation: If somebody comes across with enmity and try to spread it over the others it should take as a highly thinking factor.

 When you are also going to meet him with the same feeling will create endless problems very easily.

What you have to do?

You have to understand him with non-enmity feelings.
Then gradually the person will understand that he was in the wrong and unclear mind when he was with enmity.
Never conquer enmity with enmity.Enmity has to win with non-enmity. 
This is the ever norm. 



ගාථාව- 'නහී වේරේන වේරානී
             සම්මන්තීධ කුදාචනං
            අවේරේන ච සම්මන්තී

            ඒස ධම්මෝ සනත්තනෝ'  (ධම්ම පදය-යමක වග්ග)

වෛර කරන්නාට වෛර කිරීමෙන් මේ ලෝකය තුළ කිසිම විටෙක ඒ ඇති වන වෛරය සංසිඳු  වන්නට නොහැකිය.

ඊට හේතු කාරක වන්නේ වෛරී සිතිවිලි සමග නැගී සිටින පුද්ගලයාගේ කිළිටි වූ සිතිවිලි සහිත සිතයි.

ඒ නිසා වෛර කරන්නා සංසිඳ විය යුත්තේ වෛරයෙන් නොව අවෛරයෙනි.


මේ ධර්මතාව කිසිදා නොවෙනස් වේ. 





Sunday, April 29, 2018

SAMBUDHU SIRITHA

සත් සති අධ්‍යයනය



වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක සම්මා සම්බුද්ධත්වයට පැ මිණි අප මහ බෝසතාණෝ එයින් මතු දින හතළිස් නවයක  නැති නම් සති හතක  කාලය ගත කොට ඇත්තේ නිරාහාරව සිටය.

මෙය විශේෂ කරුණක් ලෙසින් හැඳින්වීම වරදක් නොවේ.
මේ කාලය තුළ උන්වහන්සේට ආහාරය වී ඇත්තේ සුජාතාවගේ කිරිපිඩු දානයයි.






තත්කාලීන ප්‍රශ්නය: කිසිවකුට එවැනි කාලයක් නිරාහාරව   සිටිය හැකිද?

පහදා දීම: විය හැකියි.
(1) සම්බුදු පදවිය ලද උතුමකුගේ අධිෂ්ඨා නය අනුව එවැන්නක් සිදු විය හැකියි.
(2) ජීවිත කාලයක් පුරාවට ආහාරයක් පමණක් නොව ජලයවත් පානය නොකොට හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින පුද්ගලයෙක් අදටත් ඉන්දියාවේ ජීවත් වේ.ඒ නිසා සම්බුදුවරයකු වෙතින් එවැන්නක් සිදු වීම අරුමයක් නොවන්නේය.

සත් සතිය ගැන කල්පනා කරන විට කෙනෙකු තුළ තවත් ප්‍රශ්න ඇති  විය හැකිය.

අ)කල්ප ගණන් පෙරුම් පුරා ලැබූ බුදු බව දින හතළිස් හතක් තිස්සේ ‘නිකරුණේ‘ ගත කළේ ඇයි?
ආ) උන්වහන්සේට ඒ කාලය තුලදී චාරිකාවේ යෙදෙන්නට නොතිබුනාද?
ඇ) බුද්ධත්වය ලැබූ ආසන්නය නිසා ඉදිරි වැඩ පිළිවෙළක් උදෙසා සූදනම්  වීමට යම් කාලයක් ගත්තාද? 

බුදුන්වහන්සේ සත් සතිය ගත කළ ආකාරය ගැන විමසා බැලීමේදී මෙවැනි ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ගත හැකි වනු ඇත.

පළමු සතිය
බුදු හිමියන් ගත කළේ සම්බුද්ධත්වයට පත් වූ සතුට සිත දරා ගෙනය.  
මෙම නිරාමිස සතුට සිත දරා ගෙන සිටි බුදුන් වහන්සේ තමන් වහන්සේ වෙතින් පළ වන ඒ උදානය ප්‍රකාශයට පත් කළේ  ගාථාවකිනි.  ' අනෙක ජාති සංසාරං ...........'  
බුදුන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි භාවනාමය ඉරියව්ව වෙනස් නොකරම ඒ සතිය ගත කළේය. 
සත් වන දිනයෙහි රැයෙහි පටිච්ඡසමුප්පාදය අනුලෝම හා ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළහ. 





බුදුන් වහන්සේ සුපුරුදු ඉරියව්වකින් සතියක්ම ගත කිරීම ගැන ඇතැම් දෙවිවරු තුළ ඇති වූයේ සැකයකි.
බෝසතුන් වහන්සේ තවමත් සම්බුද්ධත්වයට පැමිණ නැද්ද?
බුදු හිමි  මේ  සැකය හඳුනා ගත්හ. ඒ සැකය දුරු කරනුවස් සතියේ අවසාන දින අහසට පැන නැග 'යමා මහ පෙළහර'(යමක මහා ප්‍රාතිහාර්යය) පෑ සේක.
 මේ පෙළහර පෑ හැක්කේ සම්මා සම්බුදුවරයකුට පමණි.
දෙවියන් තුළවූ කුතූහලය දුරු වූයේ ඉන්පසුවය. 

 දෙවැනි සතිය  - අනිමිසලෝචනය
බුද්ධත්වය ලබද්දී තමන් වහන්සේ වාඩිවී සිටි  තැනට මඳක් ඊසාන පැත්තට වී සිට ගත් බුදු පියාණෝ බුද්ධත්වය ලැබ්ම සඳහා තමන් වහන්සේට උපකාරයක්වූ බෝධිය දෙස ඇසි පිය නොහෙළා බලා සිටින්නට වූහ. මේ බුදුන් වහන්සේ  සමස්ත ලෝකයා වෙත තමන් වහන්සේගේ ක්‍රීයාවෙන්ම පෙන්වා දුන් ලබා දුන් පළමු ආදර්ශය ලෙස සැලකිය හැකිය. ඒ උතුම් ආදර්ශය වන්නේ 'කළගුණ සැලකීමයි'.  (ඇසි පිය නොහෙළා බලා සිටීම  බෞද්ධ  සාහිත්‍යයේදී හඳුන්වා   දෙන්නේ අනිමිසලෝචනය ලෙසිනි)


                                                                                 
තත්කාලීන ප්‍රශ්නය- බෝ ගහ යනු (සාමාන්‍යයෙන් ගත් කල) අජීවී වස්තුවකි අජීවි ගසක් දෙස සතියක් තිස්සේ බලා සිටීමෙන් ඇත්තටම අදහස් කරන්නට ඇත්තේ කුමක්ද?

පහදා දීම - සාමාන්‍ය ජීවිතයේදී ඹබ යෙදී සිටින කිසියම්  කාර්යයකදී හෝ ඔබ කිසිවක් කරන්නට දරන උත්සාහයකදී හෝ ඔබට සුළුවෙන් හෝ උදව් වෙන (වචනයෙන්/ක්‍රියාවෙන්) කිසිවක් එහෙමත් නැති නම් කිසිවකු ඔබ ලබන සාර්ථකත්වයෙන් පසු අමතක කර දැමීම සුදුසු නැත. ඔබ එසේ කරන්නේ නම් ඔබ අයත් වන්නේ ස්ව ආත්මාර්ථය පමණක් සලකන දුර්ජන ගනයටයි.
බල්ලන්, බළලුන්, පක්‍ෂීන්, ලේනුන් පමණක් නොව භයානක ගනයේ සිංහයන්, කොටියන්, දිවියන් වැනි සතුන්ද මිනිසුන් වෙත කෙළෙහි ගුණ දක්වද්දී ඔබ එසේ නොකර සිටින්නට සිතයි නම් ඔබේ තත්ත්වය අනෙක් අය මැන ගන්නට පෙර ඔබම එසේ කර ගැනීම සුදුසුය.

බුදුන් වහන්සේ වසර දහස් ගණනකට පෙර තමන් වහන්සේට පිටදී බුදු වන්නට උපකාර කළ බෝධි යට කළගුණ දක්වා ලබා දුන්නේ ඒ උතුම් ආදර්ශයයි. 

  තෙවැනි සතිය- රුවන් සක්මන


අනිමිස ලෝචනය කළ තැන සහ බෝ රුක අතර කෙටි  මඟ සිය සක්මන් මළුව බවට පත් කර ගත් බුදු පියාණන් තෙවැනි සතිය ගත කළේ ඒ මඟ සක්මන් කරමිනි.

සිත දැහැන් ගත කොට ගෙන බුදුන් වහන්සේ එදා සක්මන් කළේ යම්සේද අදත් භාවනා ළැදියන් සිය සක්මන් භාවනාව සඳහා එම ක්‍රමයම යොදා ගනු ලබයි. 

බුදුන් වහන්සේගේ මෙම සක්මන රුවන් සක්මනසේ හඳුන්වා ඇත්තේ උතුම් දහමක් මෙනෙහි කරමින් සක්මනෙහි යෙදුණු නිසා විය හැකිය.

සිව්වැනි සතිය 
බෝ රුකට වයඹ දිශාවේ වූ  තැනක හිඳ තමන් වහන්සේ අවබෝධ කර ගත් උතුම් ධර්මය නැවත මෙනෙහි කර බලන්නට බුදු  හිමි  මේ සතිය යොදා ගත්හ.
දහමේ තතු නැණින් විමසන්නට බුදුන් වහන්සේ වැඩ සිටියේ දෙවියන් විසින් මවා දෙන ලද කුටියකය.
සිව්වැනි සතිය ගත කළ බුදු හිමිගේ ඉරියව්ව 'රුවන් ගෙයි වැඩ හිඳීම' ලෙසින් හඳුන්වා ඇත්තේ දෙවියන් මැවූ කුටිය රනින් සකස් කොට තිබූ නිසා නොවේ. 
සම්බුදු බවට පැමිණිමේදී අවබෝධ කොට ගත් දහමේ  ඇති උතුම්  බව සහ ගැඹුරු බව  සැලකිල්ලට ගැනීමෙනි.
මෙසේ තමන් වහන්සේ  කොට ගත් දහම නැවත මෙනෙහි කරද්දී  ඇති වන මානසික එකඟතාව හේතුවෙන් බුදු  සිරුරෙන් සවණක් රැස් විහිදෙන්නට වූයේය. 





තත්කාලීන ප්‍රශ්නය-යම් පුද්ගල සිරුරකින් ආලෝක කිරණ විහිදීම පිළිගත හැකිද?

පහදා දීම- බුදු  කෙනෙකුන් වැනි ප්‍රඥාවත් අයෙකුගේ සිරුරකින් එසේ ආලෝක කිරණ නිකුත්වීම අවිශ්වාස කළ යුතු මට්ටමේ කරුණක් නොවේ.  මෙසේ ආලෝක කිරණ පිටවීම බුද්ධ චරිතයේ  වුවත්   නිතර කියැවෙන කරුණක් නොවේ.  එය සිදු වන්නේ මනසේ ඒකාග්‍රතාව පවතින ප්‍රමාණයට  වඩා ඉහළ තලයකට පත් වීමෙනි.

මිනිස් සිරුරකින් වුවත් ආලෝක කිරණ පිටවීම කිසිවිට   අහම්බයක් නොවේ.  එකම වෙනස එසේ පිටවන ආලෝක කිරණ සාමාන්‍ය ඇසට නොපෙනීමයි. එහෙත් අද වන විට ලෝකයේ එසේ කිරණ පිටවීම ග්‍රහණය කර ගත හැකි යන්ත්‍ර නිපදවා ඇත.
ඔබ කිසියම් දෙයක් කෙරෙහි තදින් අවධානය යොමු කරමින් ඒ කටයුත්තේ යෙදී සිටින විට (උදාහරණ-ඔබ අසීරු ගණිත ගැටළුවක් විසඳීමේ යෙදෙනවායැයි සිතන්න.) මෙවැනි කිරණ ඔබේ සිරුරෙන්ද විහිදෙන්නට පුළුවන. මෙහිදී වන්නේ එවැනි කිරණ පියවි ඇසට පෙනෙන තරමට ප්‍රබල නොවීමයි.  

පස්වැනි සතිය
පස්වැනි සතිය බුදු රජාණන් වහන්සේ ගත කළේ අජපාල නුග රුක මුලය.
තමා ගැනම උඩඟු  සිතින් පසුවන බමුණෙක් බුදුන් වහන්සේ හමුවට පැමිණ සැබෑ බමුණු ගති මොනවාදැයි අසා දැන ගත්තේය.




තමන් වහන්සේ හට ගුරුවරයකු අවශ්‍යවේයැයි සිතූ බුදු පියාණෝ ඒ ගැන සිත මෙහෙය වන්නට වූහ. එහෙත් එවැනි අයකු තමන් හට නොවන නිසා තමන් අවබෝධ කර ගත් ධර්මයම ගුරු තනතුරේ තබා ගත්හ.


සවැනි සතිය
බුදු රජාණන් වහන්සේ සවැනි සතිය වැඩ සිටියේ මිදෙල්ල රුක් සෙවණකය. මේ සතිය පුරාම මහා වැසි ඇද හැලෙන්නට විය. මේ මහා වැස්සෙන් බුදු රජුන් ආරාක්‍ෂා කර ගත්තේ මහා නාගයකු විසිනි. මේ නාගයා සිය සිරුරෙන් බුදු රදුන් වටා දරණ යවා තම පෙණ ගොබය බුදු සිරසට ඉහළින් අල්ලා ගෙන සිටියේය.
මේ නාගයා නම් කැරෙන්නේ මුචලින්ද ලෙසිනි. 
ඒ නිසා සවැනි සතිය 'මුචලින්ද නාග රැකුම' ලද සතිය ලෙසද හැඳින්වෙයි.



තත්කාලීන ප්‍රශ්නය- නාගයකු වෙතින් එවැනි රැකවරණයක් ලද හැකිද?

පහදා දීම- මෙහිදී  සිත යොමු කළ යුතු අවස්ථා දෙකකි. එකක් වන්නේ බුදු රදුන් වෙතින් පළ වන ශීල ගුණයයි.ඒ නිසා කිසිදු ආකාරයක සතෙකුගෙන් සම්බුදු  පියාණන් හට අනතුරක් සිදු වන්නේ නැත.
අනෙක් කරුණ නම් අඩුම වශයෙන් පන්සිල් රකින සාමාන්‍ය ගිහියකුට වුවත් සතුන්ගෙන් සිදු වන හානිය අවම වන්නේ මෙත් සිතිවිලි පෙරදැරි කර ගත් සිත නිසාය. 

සත්වැනි සතිය
බුදුන් වහන්සේ සත්වැනි  සතිය සමවතින් යුතුව  ගත කරන්නේ කිරිපලු රුකක් මුලය.
තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් බුදුන් හමුවට එන්නේ  සත්වැනි   සතිය අවසානයේය.

මේ ගෞතම බුදු රජාණන් වහන්සේට පළමු දානය පිළිගන්වන්නේ මේ දෙබෑයන්ය.

දන් වළඳා අවසානයේ බුදුන්ගෙන් බණ අසන ඔව්හූ ලෝකයේ මුල්ම දෙරුවන් සරණ යන උපාසකයෝ බවට පත් වූහ. 



බුදු  පදවි ලද බෝසතානෝ සති හතක කාලය නිකරුණේ ගත කොට නැති බව පැහැදිලිය.
තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගත් දහමම උක්ත කොට ගනිමින් භාවනාවෙන් හා ප්‍රසන්න බවින් යුතුවම ඒ කාලය ගත කොට ඇත.
ලෝ සියලු  වැසියන් හට සෙත සලසන චාරිකාව ඇරැඹෙන්නේ ඉන්පසුවය.


 (සියලු  රූප සටහන් අන්තර්ජාලයෙනි.)



Thursday, April 26, 2018

අලුත් අවුරුද්ද සහ බුදු දහම


  අලුත් අවුරුද්ද යනු අපේ රටේ ප්‍රධාන ජාතික උත්සවයකි.'අලුත් අවුරුද්ද' යන යෙදුමට පෙර කිසියම් ජන වර්ගයක් හඳුන්වන වචනයක් යෙදීම සුදුසු නොවේ.ජාතික උත්සවයක් නම් එය රටටම පොදු විය යුතු නිසාය.
අලුත් අවුරුද්දටම ආවේණික වූ විශේෂ ලක්ෂණයක් වන්නේ නැකැත් අනුගමනය කිරීමයි.හැම කටයුත්තක්ම සිදු කරන්නේ නැකැත්වේදීන් විසින් සකස් කොට දෙනු ලබන වෙසෙස් වෙලාවකට අනුවය.

'නොනගතය'ලෙස හඳුන්වන කිසියම් කාලසීමාවක්ද අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අයත්ය.මෙම කාලසීමාව සාමාන්‍යයෙන් පැය දොළහක පමණ කාලයකි.අතීතයේදී සලකන ලද්දේ මෙම මුළු කාලය තුළම කිසිදු නැකතක් නොයෙදෙන බවයි.
එහෙත් පසු කාලීනව මේ තත්ත්වය වෙනසකට භාජනය කරන ලදී.ඒ අනුව වර්තමානයේදී යමක් කිරීමට නොසුදුසු ලෙස සලකන්නේ පැය හයක පමණ කාලයකි.

'නොනගතය'යනුවෙන් අතීතයේදී සලකන ලද්දේ කිසිම ආකාරයක සුබ හෝරාවක් නොයෙදෙන කාල සීමාවක් ලෙසිනි.ඒ නිසා මේ නොනගතය යෙදෙන මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම සියලු කටයුතු වලින් ඈත්වී සිටීම සුදුසු බව පැරැණි සිහලුන් විසින් සලකන ලද බව පෙනේ.ඒ නිසාම මේ කාලය 'ආගමානුකූලව'ගත කිරීම මැනැවයි සම්මතයක් සාදා ගන්නට ඇති බව පැහැදිලිය.මේ කාලසීමාවට 'පුණ්‍ය කාලය' ලෙස භාවිත වන්නට ඇත්තේ ඒ අනුවය.

ගම හා පන්සල කේන්ද්‍ර කොට ගත් සන්ස්කෘතියක් තිබූ ඒ කාලයේ යෝජිත ඊළඟ පියවර වන්නට ඇත්තේ පුණ්‍ය කාලය ගෙවන්නට සුදුසුම තැන ලෙස පන්සල හඳුන්වා දීමයි.
ඒ අනුව අතීතයේ සිටම පුණ්‍ය කාලය 'ආගමානුකූල ක්‍රියාවන්හි' යෙදෙමින් 
විහාරස්ථාන තුළ  ගත කරන්නට ආදී ලාන්කිකයා හුරු පුරුදු වන්නට ඇත.

ඒ හැරුණු කොට බුදු දහම හා අලුත් අවුරුද්ද අතර ඇති හුවා දැක්විය හැකි මට්ටමේ වෙන කිසිදු සබඳතාවක් නැත.

ඒ ගැන සිතා බලන්නට ඔබට කරන මතක් කිරීමයි. 

Monday, April 23, 2018

A Good Thought for everybody DHAMMA PADHA – YAMAKA VAGGA “Mano pubbanga ma dhamma Manosettha manomaya Manasa che padhuttena Bhasathi va karothi va Thatho nan dhukkhaman vethi Chakakncha Vahatho padhan” Dhamma Padha is a very well known part of Lord Buddha’s Dharma.It consists of more than four hundred ‘Gatha (stanza)’s. Explanation: Every and each thought will come from the mind. The mind is the most transcendent part of a body which cannot be seen and which cannot be touch. It generates thoughts. These thoughts direct the life. If somebody suffering from like jealousy, indignation, arrogance and speaking to others or doing something with those dirty thoughts definitely he or she will get bad returns to their lives. Sorrow, repentance, abortive anyone can get into their lives after saying or doing anything with more and dirtier thoughts. This will continue forever as the wheels go after the ox when it walks. This won’t end until the person tries to be with clear thoughts in his or her mind. Therefore everybody has to be considered carefully to be with a clear mind and good thoughts in their mind as much as they could.