Thursday, April 26, 2018

අලුත් අවුරුද්ද සහ බුදු දහම


  අලුත් අවුරුද්ද යනු අපේ රටේ ප්‍රධාන ජාතික උත්සවයකි.'අලුත් අවුරුද්ද' යන යෙදුමට පෙර කිසියම් ජන වර්ගයක් හඳුන්වන වචනයක් යෙදීම සුදුසු නොවේ.ජාතික උත්සවයක් නම් එය රටටම පොදු විය යුතු නිසාය.
අලුත් අවුරුද්දටම ආවේණික වූ විශේෂ ලක්ෂණයක් වන්නේ නැකැත් අනුගමනය කිරීමයි.හැම කටයුත්තක්ම සිදු කරන්නේ නැකැත්වේදීන් විසින් සකස් කොට දෙනු ලබන වෙසෙස් වෙලාවකට අනුවය.

'නොනගතය'ලෙස හඳුන්වන කිසියම් කාලසීමාවක්ද අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අයත්ය.මෙම කාලසීමාව සාමාන්‍යයෙන් පැය දොළහක පමණ කාලයකි.අතීතයේදී සලකන ලද්දේ මෙම මුළු කාලය තුළම කිසිදු නැකතක් නොයෙදෙන බවයි.
එහෙත් පසු කාලීනව මේ තත්ත්වය වෙනසකට භාජනය කරන ලදී.ඒ අනුව වර්තමානයේදී යමක් කිරීමට නොසුදුසු ලෙස සලකන්නේ පැය හයක පමණ කාලයකි.

'නොනගතය'යනුවෙන් අතීතයේදී සලකන ලද්දේ කිසිම ආකාරයක සුබ හෝරාවක් නොයෙදෙන කාල සීමාවක් ලෙසිනි.ඒ නිසා මේ නොනගතය යෙදෙන මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම සියලු කටයුතු වලින් ඈත්වී සිටීම සුදුසු බව පැරැණි සිහලුන් විසින් සලකන ලද බව පෙනේ.ඒ නිසාම මේ කාලය 'ආගමානුකූලව'ගත කිරීම මැනැවයි සම්මතයක් සාදා ගන්නට ඇති බව පැහැදිලිය.මේ කාලසීමාවට 'පුණ්‍ය කාලය' ලෙස භාවිත වන්නට ඇත්තේ ඒ අනුවය.

ගම හා පන්සල කේන්ද්‍ර කොට ගත් සන්ස්කෘතියක් තිබූ ඒ කාලයේ යෝජිත ඊළඟ පියවර වන්නට ඇත්තේ පුණ්‍ය කාලය ගෙවන්නට සුදුසුම තැන ලෙස පන්සල හඳුන්වා දීමයි.
ඒ අනුව අතීතයේ සිටම පුණ්‍ය කාලය 'ආගමානුකූල ක්‍රියාවන්හි' යෙදෙමින් 
විහාරස්ථාන තුළ  ගත කරන්නට ආදී ලාන්කිකයා හුරු පුරුදු වන්නට ඇත.

ඒ හැරුණු කොට බුදු දහම හා අලුත් අවුරුද්ද අතර ඇති හුවා දැක්විය හැකි මට්ටමේ වෙන කිසිදු සබඳතාවක් නැත.

ඒ ගැන සිතා බලන්නට ඔබට කරන මතක් කිරීමයි. 

No comments:

Post a Comment