වයසින් වැඩි වුවත් කොරොනාවෙන් බේරෙයි.
අවුරුදු අනූඅටක් වියැති කාන්තාවක් කොරොනා රෝගයට ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා පිටව ගිය පුවතක් ලාගෝස් නුවරින් වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් වැඩි වයස් කාණ්ඩවල අය රෝගය ආසාදනය වීමෙන් සුවය නොලබා මිය යන බවට පිළිගැනීමක් පවතී. එහෙත් මේ පුවත ඒ පිළිගත් මතයට එරෙහිව යෑමක් මෙන්ම සුබදායී තොරතුරක් ද වේ.
තවත් සුබ ආරංචියක්
කොරොනා වෛරසය සිරුර සෛලවලට කා වදින්නට පෙර ඒවා විනාශ කොට දැමීය හැකි ශක්තියක් “මුව සේදුම්”(mouth wash) වල ඇතැයි අලුත්ම සොයා ගැනීමකින් පසු පළ වන වාර්තා කියයි.
කොරොනා වෛරසය ආසාදනය වීමෙන් පසු සිරුරු සෛල වටා මේදමය තත්ත්වයක ඇති ආවරණයක් සාදයි.
මුව සේදුම් ද්‍රාවණ මෙම ආවරණය විනාශ කිරීමෙහි සමත්කම් දක්වන බවයි පරීක්ෂණ ප්‍රතිඵලවලින් හෙළිවී ඇත්තේ. එහෙත් මේ කරුණ සායනික පරීක්ෂණ මඟින් තවමත් සනාථ කොට නැත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මේ කරුණ නිල වශයෙන් පිළිගෙන නැත.
No comments:
Post a Comment