Friday, May 15, 2020

විදෙස් පුවත්

කොරෝනා හෙද - වෙද අර්බුදය - රුසියාව


    රුසියාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා වසංගතය පරාජය කිරීමේ සටන ඉදිරියේ අසරණවී ඇති බව වාර්තා වේ. කිසිවකුට සිතා ගන්නටවත් නොහැකි ලෙසින් වෛද්‍යවරුන්, හෙදියන් මේ වසංගතයේ ගොදුරු බවට පත් වෙමින් ඇත.

    වෛද්‍ය සේවාවේ නියුතු අය දහස් ගණනින් රෝග ආසාදිතයන් බවට පත්වී ඇති අතර ඊට වෛදවරුන් එකසිය අසූවකට වඩා වැඩි ප්‍රමාණයක් ද හෙදියන් ද ඇතුළත්ය.  ඒ අතර රෝගය නිසා ඇතිවූ ජීවිත හානි ද වාර්තා වේ. 
      
        සෝවියට් රජය සිය වෛද්‍ය සේවා සාමාජිකයන් දේශයේ විරුවන් ලෙසින් සලකන්නට පටන් ගෙන ඇති අතර ඔවුන්ගේ ඡායාරූප එලිමහනේ ප්‍රදර්ශනය කරන්නටත් ඔවුන්ගේ වතගොත රාජ්‍ය රූපවාහිනී සේවා ඔස්සේ විකාශය කරන්නටත් කටයුතු යොද ඇත. එහෙත් රුසියාව ක්‍රමයෙන් වැඩි වන කොරෝනා රෝග වසංගතය ඇති රටක තත්ත්වයකට පත් වෙමින් ඇති බව පැහැදිලිය.  

පෞරාණික මිනිස් පා සටහන් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනේ.

   
    Foto credit - CNN

   වසර දහස් ගණනකට පෙර ජීවත්ව සිටි මිනිසුන්ගේයැයි  සැලකිය හැකි    පා  සටහන් හාරසියඅටක ප්‍රමාණයක් පුරා විද්‍යා ගවේෂකයන් විසින් හඳුනා ගෙන ඇත. විවිධ මං ඔස්සේ වැටී තිබුණු මෙම පා සටහන් වැඩිහිටි ගැහැනුන් දහහතර දෙනෙකුට ද, වැඩිහිටි පිරිමි දෙදෙනකුට ද, කුඩා පිරිමි දරුවකුට ද අයත් විය හැකි බව විශ්වාස කරනු ලබයි. 

        ගිනිකඳු විදාරනයකින් පසු ඇති වූ මඩ සහිත පොළොවේ පිහිටි මේ පා සලකුණු මත අළු තැන්පත්වී කොන්ක්‍රීට් ස්වරූපයෙන් ඝනවී ඇත. ස්වභාවය එසේ වූවත් මෙම පා සලකුණුවල ඇත්තේ යම් නම්‍යශීලී බවකි. මෙම සලකුණු පෘෂ්ට මත දිගු කාලයක් තිස්සේ රොන් මඩ වැනි දෑ තැන්පත් වීම නිසා බාහිර පාරිසරික තර්ජනවලින් බේරී තියෙන්නට ඇති බව දැනට පිළිගනු ලබන මතයයි.

මෙම කරුණු සීඑන්එන් සේවාවට වාර්තා කරන්නේ පෙන්සිල්වේනියාවේ චැතම් සරසවියේ ජීව විද්‍යාව පිළිබඳ නියෝජ්‍ය මහාචාර්ය කෙවින් හටාලා මහතායි.   

 දකුණු ටැන්සානියාවේ ඇති නැට්‍රන් ජලාශයේ දකුණු දිශාවේ ඇති එන්ගාරේ සෙරෝ කැණී බිමෙන් මෙසේ පෞරාණික මිනිස් පා සටහන් හමුවී ඇත.


No comments:

Post a Comment