Thursday, May 14, 2020

විදෙස් රටින්........

කොරොනා වෛරසය නැවතත් හොංකොං දේශයට



(Photo credit - The New York Times)
පසුගිය බදාදා හොංකොං වැසියන් වීදිවල ගමනේ යෙදී සිටි අයුරු

දින විසිතුනක කාලයකට පසු හොංකොං රට තුළින්ම නැවතත් කොරොනා ආසාදිතයන් දෙදෙනකු සොයා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ පසුගිය බදාදාය. තුන්වැනි ආසාදිතයාත් එදිනම සොයා ගෙන ඇත. ඒ රෝගියා පාකිස්තානයේ සිට පැමිණි අයෙකි. මේ අලුතින් එකතු වන තිදෙනාත් සමග හොංකොං දේශයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1051 දක්වා ඉහළ නගී. 

මේ නව ආසාදිත රැල්ල නිසා මර්දනය වෙමින් පවතින වසංගත තත්ත්වයට අලුත් අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවී ඇත. 

වසංගතයට මුහුණ දෙන්නට වසා දමා තිබූ බොහෝ ස්ථාන ක්‍රමයෙන්  විවෘත වෙමින් පවතින කාලයකි. මේ එහෙත් නැගී එන රැල්ලට නැවතත් ඔවුන් සාර්ථකව මුහුණ දිය යුතු බව පැහැදිලිය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයට යන්නට කියයි.


බුරුන්දි රාජ්‍යය  (බුරුන්දිය දකුණු අප්‍රිකානු රටකි.) තම දේශයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයාවූ වෛද්‍ය වෝලටර් කසාඩි මුලොම්බෝ මහතා තම රටෙන් නෙරපා දැමීමට තීරණයක් ගෙන ඇත.

 ඒ මහතාට අමතරව තවත් වෛද්‍ය විශෙෂඥයන් තිදෙනෙකුට ද එම නියෝගය ලබාදී ඇත. රටින් පිටවී යාමට ඔවුන්ට බුරුන්දි රජයෙන් ලබාදී ඇති කාලය පැය හතළිස් අටකි.


බුරුන්දියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මේ කරුණ සනාථ කොට හෝ ප්‍රතික්ෂේප කොට නැත. එහෙත් විදේශ කටයතු අමාත්‍යාංශය බීබීසි පුවත් සේවාවට කියා ඇත්තේ ඒ කරුණ සත්‍යයක් බවයි.

මැයි මස විසි වැනිදා සිය මහ මැතිවරණය පවත් වන්නට සූදානම් වන බුරුන්දිය මේ නෙරපීම සිදු කිමට හේතු දක්වා නැත. 

පිටතට හැඟෙන හේතුව වන්නේ මැතිවරණ කටයුතු නිසා කොරොනා වසංගතය පාලනය කිරීමේ අසීරුතාව පිළිබඳ ඇති වන විරෝධතාවයි. 
මේ වන රට තුළින් වාර්තාවී ඇති ආසාදිතයන්ගේ ගණන පහළොවකි. එක මරණයක් ද වාර්තා වේ.

බුරුන්දිය, පැතිර යන වසංගත තත්ත්වයට එරෙහිව රැකිය යුතු සෞඛ්‍ය පිළිවෙත් පනවා ඇති බවක් දැනටත් පැහැදිලි නැත. 


No comments:

Post a Comment