අද දවසේ කවිය
බස් ගාස්තු ඉහළට?
සූත්තරයේ විලස ඉන්ධන මිලත් ඉහළට යන්න හදනා
ලබන දහයෙදි එහෙම වූවොත් ගාස්තුව බස් ඉහළ නගිනා
දහස් ගණනින් ගමට යන්නේ නිවාඩුව ගත කරනු සොඳිනා
වැඩි කළෝතින් ගාස්තුව බස් පාවිනේබල නරක ලෙසිනා
එළැඹෙන අප්‍රේල් දහවැනිදා මිල සූත්‍රයට අනුගත සම්ප්රදාය ලෙසින් ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ අවකාශ ඇති බව කියැවේ. එය එසේ වුවහොත් අප්‍රේල් මස එකොළොස්වැනිදා සිට පෞද්ගලික බස් ගාස්තුද යම් ප්‍රතිශතයකින් ඉහළ දමන බවද කියැවේ. එසේ වුවහොත් අවුරුදු නිවාඩුවට ගම් බලා යන විශාල මඟී ප්‍රමාණයකට එක වරම විශාල අපහසුතාවකට මුහුණ දෙන්නට ඇති වන බව පෙනී යයි. කිසියම් සම්මත කර ගත් ක්‍රමයකට අනුව සෑම මාසයකම දහවැනිදා මෙසේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලැබේ. එහෙත් මේ දහවැනිදා එලැඹෙන්නේ ජාතික උත්සවයකට අත වනා ගෙනය.
ඒ උත්සවය තම ගෙදරදොර උදවිය විවේකීව ගත් කරන්නට ගම්වල සිට නගරයට පැමිණි අතිමහත් ජනතාව ගම් බිම් බලා යන්නට පිටත් වෙති. බස් ගාස්තුව වැඩි වුවහොත් විශේෂයෙන්ම එවැනි අය එකවරටම වාගේ මුහුණ දෙන්නේ අපහසුතාවයකටය.
ගාස්තුව කීය වුවත් ගෙවා ගමේ යනු මිස කිසිවකු නගරයේ නොරැඳෙනු ඇත. එය වෙනමම කතාවකි. අඩු වශයෙන් අලුත් අවුරුදු ගැනවත් සලකා දෙපැත්තටම පහසුවෙන් ග්රහනය කළ හැකි විධි ක්‍රමයක් මේ සඳහා යෙදැවේ නම් යහපත්ය.
No comments:
Post a Comment