අප සිතන්නට හුරුවී ඇත්තේ ශීතකරණය තුළ ආහාර තැන්පත් කර තබා ගැනීමෙන් දිගු කල් ආරාක්‍ෂාකාරී වන බවය. ඒ වර්තමානයේ සමාජය තුළ ඇති පොදු පිළිගැනීමකි. බොහෝ ආහාර සඳහා මෙය සත්‍යයක් වූවත් ඇතැම් ආහාර සඳහා නම් ඒ පිළිගැනීම වලංගු නොවේ.
මස් වර්ග, කිරි ආහාර වර්ග සහ තවත් බොහෝ ආහාර වර්ග ශීතකරණයක් තුළ නොතැබීමෙන් කල් තබා ගත නොහැකිය. ශීතකරණයක් වනු වත්මන් සමාජය තුළ ඇති පවුලේ ආහාර රටාව
වෙනුවෙන් විප්ලවයක් ඇති කළ උපකරණයකි.
මේ සටහන සකස් වන්නේ ශීතකරණය තුළ තැබීමෙන් රසය සහ ගුණාත්මක බව හීන වන ආහාර වර්ග ගැන ඔබ දැනුවත් කරන්නටය.
මේ ලැයිස්තුවට ඇතුළත් වන ආහාර වර්ග සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තබා ප්‍රයෝජනයට ගැනීමෙන් වඩා ප්‍රයෝජනයක් ලැබිය හැකි බව සැලකිල්ලට ගත යුතුය.
අර්තාපල්
වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ සිසිල් සහ අඳුරු පරිසරයක ගබඩා කර තැබීමෙනි. මතක තබා ගන්න, සිසිල් කී නිසාම නැවතත් ශීතකරණය වෙත නොයා යුතු බව. ශීතකරණයේ සිසිල අර්තාපල්වලට ඔරොත්තු දෙන්නේ නැත්තේ දැඩි සිසිලක් එමඟින් ලැබෙන නිසාය. මේ අධි සිසිල අර්තාපල්වල ඇති පිෂ්ටය බිඳ හෙලනු ලබයි. මේ නිසා ඇතිවන සීනි ස්වභාවය අර්තාපල් පිසීමේදී ඇති කරනු ලබන්නේ ආහාරයට නුසුදුසු තත්ත්වයකි.
එසේම ශීතකරණය තුළදී පිෂ්ටය සීනිවලට හැරීමට අමතරව රසය කෙරෙහිද අහිතකර බලපෑමක් ඇති කරයි.
No comments:
Post a Comment