Friday, March 8, 2019

අද දවසේ කවිය 2019/03/09

                             අද දවසේ කවිය 

"කාන්තාවන් විදේශ සේවයට යැවීමට විරුද්ධයි." - ජනපති (පුවතක්)

විදේශ විනිමය සොයනු කියලා නොකියා කියලා දිරි දෙන්නේ 
ගමේ ගොඬේ  සහ නගරේ ගැහැනුන් විදේශ සේවෙට යවමින්නේ
දහදුක් විඳ ගෙන ජීවිත නහ ගෙන කතුන්ගේ ශ්‍රමයයි දිය වෙන්නේ

අපේ රටේ ළඳ විදේශ සේවෙට නොයනා දින කවදද එන්නේ

ශ්‍රී ලංකාවේ ජනාධිපත්තුමා පමණක් රටේ බහුතරයක් පුරවැසියන්ද උක්ත කරුණ කෙරෙහි දක්වන්නේ අප්‍රසාදයකි. එහෙත් රටේ කිසියම් කොටසක් විදේශ සේවාවට යෑම ගැන හෝ යැවීම ගැන හෝ අප්‍රසාදයක් දක්වන්නේ නැති බවත් පැහැදිලිය. 
විදේශ රැකියා අතරින් මෙහිදී වඩාත්ම අවධාකය යොමු කරනු ලබන්නේ විදේශ ගෘහ සේවාවයි. මේ සඳහා යොමු වන කාන්තාවන් ඒ වෙනුවෙන් යොමුවන්නේ ඇයිදැයි සොයා බැලීම මුලින්ම කළ යුතුය.

ඒ සඳහා දිය හැකි ප්‍රබලම හේතුවක් වන්නේ රටේ  පවතින ද්‍රරිද්‍රතාවයි. එසේම ඒ හේතුව මුල් කොට ගෙන පවුල් සංස්ථා ගිල ගෙන ඇති අනේක ප්‍රශ්නයි.
සැමියාට හරිහමන් රැකියාවක් නොමැතිවීම, නිවසන්නට සුදුසු නිවසක් නොමැතිවීම, පවුලේ ගෘහ මූලික පිරිමියා අකර්මණ්‍ය තත්ත්වයේ පසුවීම වැනි හේතූන් මෙන්ම අනන්‍ය තවත් හේතූන් තිබිය හැකිය.

 මේ සියලු හේතූන් උත්පාදනය වන්නේ රටේ පවතින ආර්ථික පසුබිම මතයි. රටේ බලයට පත් වෙන කවර රජයක් හෝ වේවා උත්සාහ කළ යුත්තේ මේ පවතින ආර්ථික පසුබිම ශක්තිමත් කිරීමටයි. 

බලයට පත් වන රජයන් කලින් කලට නොයෙක් ව්‍යාපෘති මඟින් මේ සඳහා විසඳුම් දෙන්නට උත්සාහ දරනු විය හැකියි. එහෙත් ඒ උත්සාහයන් කොතෙක් දුරට සාර්ථකදැයි හොඳින්ම සොයා බැලීම  වටී.  

No comments:

Post a Comment