අද දවසේ කවිය
"සාමණේර හිමිවරුන් අපයෝජනය කැරේ."(සමාජ ජාලා පුවතක්)
මත්කුඩු, මත්පැන්, නිල් සිනමාවද අතකොලු ලෙස උන් අර ගන්නේ
සාමණේර හිමි සිව් නම රවටා මත් වෙන්නට හැම දේ දෙන්නේ
නිල් සිනමාවෙන් හැඟීම් කිළිටි කොට වරදටනේ උන් පොළඹන්නේ
ගම්මානෙක අරණෙක රහසින් හිඳ හිමිවරු සිව් දෙන කෙළෙසන්නේ
මවුපියන් වැඩිහිටියන් විසින් සසුනට දරුවකු පූජා කරන්නේ අපමණ බැතියකිනි. ඒ දරු සෙනෙහසේ හිඟකමක් නිසා නොවේ. ඒ සඳහා විවිධ හේතු තිබිය හැකි වුවත් අවසාන ප්රතිඵලය වන්නේ පවුලකින් දරුවකු බැතිබර සිතින් ශාසනයට බාර කිරීමයි. අඩුම වශයෙන් ඒ දරුවා මහණවී පිළිවෙත් පුරන, හොඳින් බණ දහම් දන්නා වැඩදායී අයෙකුවනු ඇතැයි කාගේත් බලාපොරොත්තුවයි.
එසේ සසුනට බාර කරන දරුවාගේ බාරකාරීත්වය ඉන්පසු පැවරෙන්නේ අදාළ පන්සලටයි. එහි වැඩ ඉන්නා ජ්යෙෂ්ඪ ස්වාමීන් වහන්සේලා නිල, නොනිල වශයෙන් ඒ වගකීම් දරනු ලබති.
පන්සලට යන එන අයගේ විස්තර තබා ගන්නට නොහැකි වුවත් පන්සලේ වැඩ සිටින සාමණේර හිමිවරුන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳ පාලනයක් පන්සල තුළ තිබිය යුතුය. එසේ නොතිබීම හෝ ඇති පාලනය ක්රමවත් නොවීම හෝ වෙනයම් ප්රබල හේතුවක් හෝ මේ අවාසනාවන්ත සිදුවීමට පසුබිම් වී ඇති බව නම් සිතා ගන්නට අපහසු නැත.
හාමුදුරුවරුනේ ඊළඟට කුමක් කළ යුතුද?
(මෙහි ඇති ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගෙන ඇත. සැබෑ සිදු වීමට කිසිදු සබඳතාවක් නොදක්වයි.)
No comments:
Post a Comment