මද්දහනේ තුන පමණ වන විට කොල්ලකරුවන්ගේ නැව නැවතත් කෲසෝගේ නැව ආක්‍රමණය සඳහා පැමිණියේය. මේ වාරයේ ඔවුන්ගේ නැව කෲසෝ ගමන් කරන නැව හා එක පේළියටම මෙන් ගමන් කරන්නට වූයේය. දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදු වූවද කෲසෝ සිටි නැවේ කිසිවකුගේ ජීවිත හානියක් වූයේ නැත. ඒ කෙසේ වෙතත් කොල්ලකරුවන් තමන්ගේ උත්සාහය අත් හරින බවක් පෙනුණේද නැත.
ඔව්හු දෙවැනි වරටද ප්‍රහාරයක් එල්ල කළහ. ඒ වාරයේ නම් කොල්ලකරුවන්ගේ පැත්තට ජයග්‍රහණය හිමි වන තත්ත්වයක් උදා විය.
කොල්ලකරුවන්ගේ පිරිසෙන් හැට දෙනෙකු පමණ කෲසෝ ගමන් කළ නැවට ගොඩ වූහ.
එසේම කොල්ලකරුවන්ගේ අරමුණවී තිබුණේ කෲසෝ ගමන් කළ නැවට හානි කරන්නටය. එය තරමක් දුරට සාර්ථකවූ බව පෙනුනත් කෲසෝ ගමන් කළ නැවේ සිටි ඉංගිරිසි ජාතික නැවියෝ තම නැව හැකි තරම් දුරට රැක ගැනීමෙහි යෙදී සිටියහ. එහෙත් නැවට හානි වීම වළක්වා ගැනීම එතරම් පහසු වූයේ නැත. එසේම මේ ගැටුම් නිසා කෲසෝ සිටි නැවේ සිටි නාවිකයන් තිදෙනෙකුගේ ජීවිත නැති විය. අට දෙනෙක් සටන්වලින් තුවාල ලැබූහ. කොල්කරුවන්ගේ ශක්තිය කෲසෝගේ නැවේ නාවිකයන්ගේ ශක්තියට වඩා ඉහළින් ඇති බව අපහසුවකින් තොරවම පැහැදිලි කර ගත හැකි විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කෲසෝ ඇතුළු ජීවතුන් අතර සිටි සැම දෙනාම කොල්කරුවන්ගේ වහලුන් බවට පත්වීමය.
තම ඉංගිරිසි ජාතික වහලුන් කොල්ලකරුවන් රැගෙන ගියේ සාලි වෙතටය. එහිදී කෲසෝට අවස්ථාව ලැබුණේ වෙරළාසන්නයේ වසන්නටය. ඔහුගේ පිරිසේ බොහෝ දෙනෙකුන් රට අභ්‍යන්තරයට කැඳවා යන ලදී.
කොල්ලකරුවන්ගේ නායකයා කෲසෝ තමන් වෙතම රඳවා ගැනීමට රිසි විය. ඊට හේතු වූයේ කෲසෝ තරුණ හා ක්‍රියාශීලී අයෙකු වීමයි. එසේම වෙරළේදී මෙන්ම මුහුදේදීද කටයුතු සඳහා උපකාර කිරීමේ හැකියාවක් කෲසෝ තුළ තිබීම නිසාය.
මුහුදු කොල්ලකරුවන්ගේ වහලකුවූ කෲසෝගේ ඉදිරි ජීවිතය කෙසේවීද?
ඊළඟ කොටසින් කියවන්න.
No comments:
Post a Comment