"ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඞ් - මිරිස්සේ ෆේස්බුක් සාදයේ මත්කුඩු." (පුවතක්)
තේ කොළ සීනිද ජලයද තරමට කොකේන්ද දැන් නම් අපට ඇතේ
ජන ජීවිතයේ දෛනික වහරට කොකේන් වචනයත් එකතු වෙතේ
මිරිස්සේදි සාදයක් පවත්වා ඒකට මත්කුඩු ගෙනැත් ඇතේ
මත්කුඩු හැම තැන සුලබව ඇති බව මෙහිදිත් සැක නැත ඔප්පු වෙතේ?
කොකේන් යන වචනය සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළුවී ඇති අපූරුය. රටේ කොතැනකදී හෝ කොකේන් හා සම්බන්ධ පුවතක් අසන්නට ලැබීමත් දැන් සමාන්‍ය දෙයකි.
හෙට අනිද්දා වන විට 'මරුවා සමග වාසේ' වෙනුවට 'කොකේන් සමග වාසේ' ලෙස කවුරු හෝ පච්චයක් කොටා ගත්තත් ඒ දෙස කිසිවකු විමතියෙන් බලන්නට පෙළඹෙනු නැත.
ශ්‍රී ලංකාවේ ෆේස් බුක් සාද ගැන ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට අසන්නට නොලැබෙනවා විය යුතුය. එසේ වන්නේ නම් ඔහු සැබැවින්ම කම්පා නොවේයැයි සිතිය නොහැකිය. එසේ වන්නේ තමන් 2004දී හැදූ ෆේස් බුක් නම්වූ සමාජ වෙබ් අඩවිය 2019 වෙද්දී ශ්‍රී ලංකාවේ ඇතැමුන් කාණු පල්ලෙනුත් පල්ලට ඇද දමමින් සිටින නිසාය.
මත් ද්‍රව්‍ය හා සම්බන්ධ වන ඊළඟ ශෝකාන්තය වන්නේ ඒවා පරිහරණය කරන අයගේ ජීවිතය. ෆේස් බුක් හෝ වෙනත් කවර හෝ සාදයකට සහභාගී වන බව එසේ සහභාගී වන්නන්ගේ දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියකු හෝ නොදැන සිටීම ඒ ශෝකාන්තයේම අතිශය භයානක තත්ත්වයයි.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගැනිණි.)
No comments:
Post a Comment