Wednesday, March 6, 2019

අද දවසේ කවිය - 2019/03/07

                           අද දවසේ කවිය
"උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස්." (2019/03/01 'ලංකාදීප' - පුවතක්)


බලපත් නොමැතිව අලිපැටවකු ළඟ තබා ගත් බවයි කියැවෙන්නේ
නඩුව අහද්දී  එහෙම දෙයක්වී නැති    බවනේ දැන් හෙළි වන්නේ
චෝදනාව ආ හේතුව කිම්දැයි   කවුරුත්      හරියට නැහැ දන්නේ
 දැන ගත්තත් දැන් කරනට දේ නැත උසාවියයි තීරණ දෙන්නේ     

ශ්‍රී ලංකාවේ විහාරස්ථානවල අලි ඇතුන් පැටවුන් සිටීම උසාවියක නඩුවක් වැටෙන්නට තරම් ප්‍රශ්නයක් නොවේ. එහෙත් මෑත කාලයක මතුවී ඉහළට ආ ප්‍රශ්නයෙන් කියැවුණේ රටේ සුප්‍රසිද්ධ හිමිනමක් විසින් අලි පැටවකු නීති විරෝධී  ලෙස රඳවා ගෙන සිටින බවයි.

ඒ  රඳවා තබා ගැනීම කොතරම් පහන් සිතකින් කළත් ඒ සඳහා රටක් තුළ නීතිමය අවසරයක් තිබීම ප්‍රශ්න අවම කරන්නකි.
'නීති විරෝධී ලෙස' යන යෙදුමත් සමගම ඇති වන වාතාවරණය හිමි නමකට පමණක් නොව සාමාන්‍ය ගිහි පුරවැසියකු වුවත් වහා පියවර ගත යුතු අවස්ථාවකි. එය එසේ නොවි අධිකරණය තෙක් ප්‍රශ්නය ඇදෙන්නට ඉඩ තබා තිබුණේ ඇයිදැයි  කියන්නට පැහැදිලි නැත.  
මූලික අවස්ථාවේදීම ගත යුතු පියවර ගෙන ප්‍රශ්නය සඳහා පැහැදිලි එසේම ස්ථිර විසඳුමක් ලැබිය හැකිව තිබිණි නම් වඩාත් යහපත්ය.

එසේවී නම් තවත් භික්‍ෂූන් වහන්සේ නමක් අධිකරණයට පැමිණීම වළක්වා ගත හැකිව තිබිණි. 

No comments:

Post a Comment