අද දවසේ කවිය
විදුලිය කැපීම.
විදුලිය කැපීම බොහොම තදින් මේ දිනවලදීනේ සිදුවන්නේ
කලිනුත් කැපුණා, දැනුත් කැපෙනවා වෙනසක් නැහැ සිත දැක ගන්නේ
කාලගුණය ගැන, යන්ත්‍ර සූත්‍ර ගැන එක එක මතයන් පළ වෙන්නේ
රටක ජීවයක් රකිනට විදුලිය ඇවැසිය, නැතිදෝ එය දන්නේ
එක අවස්ථාවක කාලගුණයේ වියලි බව ගැනද, තවත් අවස්ථාවක යන්ත්‍ර සූත්‍රද ආදී වශයෙන් විවිධ හේතූන් දක්වමින් දීප ව්‍යාප්තව විදුලිය කැපීම මේ දිනවල සිදුවේ. පසුගිය දින කිහිපයක් තුළ ක්‍රියාත්මකවූ නොදන්වා විදුලිය කැපීමේ කටයුත්ත, දැන් දන්වා විදුලිය කැපීමක් ලෙස අත් විඳින්නට සිදුවී තිබේ.
කොහොම කැපුවත් විදුලිය කැපීම යනු සමස්ත රට වැසියන්ට ඇති වන්නේදැඩි අපහසුතාවකි. මේ තත්ත්වය විඳ දරා ගන්නට අපේ රටේ වැසියන්ට සිදුවූ මුල්ම අවස්ථාව නොවන්නේය. බොහෝ විට අවසාන අවස්ථාවද මේ විය නොහැකිය. ඒ තරමටම ප්රශ්නය උග්‍ර බව පෙනීයයි.
කාලගුණික තත්ත්වයන් අපට වෙනස් කිරීමේ හැකියාවක් නැති නිසා කළ යුත්තේ ඒ වෙනස්වීම් වෙනුවෙන් රට හැඩ ගැහීමයි. ඒ සඳහා ජලාශ ඉදි කොට ඇති බව ඇත්තකි. එහෙත් ඒවාටද බලපාන්නේ කාලගුණික තත්ත්වයන්ගේ විපර්යාසය.
රජයන් මාරු වීමත්, විෂය බාර ඇමතිවරුන් මාරු වීමත් හැරුණු කොට ප්‍රයෝජනවත් සහ වැඩදායී ක්‍රමවත් වැඩ පිළිවෙළකට රට තවමත් යොමුවී නැති බව පැහැදිලිය. ගල් අඟුරු ශක්තිය ගැනත්, පෞද්ගලික විදුලි බල සැපැයුම් ගැන කියැවුණත් ඒ කිසිවකින් විදුලි කප්පාදු කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැකිවී ඇත.
විදුලි බල කප්පාදුව වෙනසකින් තොරව රටේ හැම තැනකටම හැම සේවාවකටම පොදුවේ ජනතාවගේ දෛනික ජීවිතයට තදින්ම බලපෑමක් ඇති කරයි
මේ එන්නේ අවුරුදු සමයයි. කුඩා කර්මාන්ත කරුවන් දැඩි ලෙස අර්බුදයට මුහුණ දෙන තවත් හේතුවක් වන්නේ ඉදිරියට එන උත්සව සමයයි. ඒ නිසා ඇති වන අර්බුදයේ විශාලත්වය තවත් වැඩි වනු ඇත.
ඒ නිසා මේ ප්රශ්නය ජාතික වශයෙන් සලකා ඉදිරියේදීවත් විදුලි කප්පාදු කිරීම් නතර කර ගත හැකි ක්රමෝපායන් ගැන සොයා බලා ස්ථාවර කිරීම වටී.
No comments:
Post a Comment