'ගැටය ගෙල සිරවූ සිසුවා මරුට.'
(ඡායාරූපය උපුටා ගැනීමකි.) |
පුහුණුව වැරැදුනු හේතුව කිමදැයි මතයක් පිටතට මතු වෙන්නේ
ලනුවක් අර ගෙන ගෙලට ගැට දමා බාල්කයේනේ එල්ලෙන්නේ
ගෙලට ගැට දමා ගැටය උගන්නට කවුදෝ උපදේශය දුන්නේ
දහහතර හැවිරිදි පාසැල් දරුවකු නිවසේදී බාලදක්ෂ ගැට පුහුණු වන්නට ගොස් ගැටයක් ගෙලට දා ගැනීමන් පසු එය හිරවී මිය ගිය පුවත වාර්තා වන්නේ මීතලාව ප්‍රදේශයෙනි. සවස් වනතුරුම පාසැලේ පුහුණු කටයුතු කොට නිවසට පැමිණ නැවතත් නිවසේදී ගැට පුහුණු වීමේදී මේ අනතුර සිදු වී ඇති බවයි විශ්වාස කැරෙන්නේ. මෙය ඉතාම අවසනාවන්ත සිදු වීමකි.
බාලදක්ෂ ව්‍යාපාරයේ ගැට වර්ග පුහුණු කරන්නේ පිටත කඳවුරු බැඳීමේදී සහ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමටය. එසේම ඒවා පුහුණු කිරීමේදී යොදා ගන්නේ ගැටයක් ගසන්නට හැකි ගස් කඳක් හෝ ඒ හා සමාන ගැටයක් තද කළ හැකි කිසියම් දෘඪ කොටසකි. ඒ කෙසේ වෙතත් ගැට වර්ග පුහුණු කිරීමේදී යොදා ගන්නා විශේෂ ලනු වර්ගයම පමණක් භාවිත කරන අවස්ථා බහුලය. එසේම පුහුණු කඳවුරෙන් පිටත තමන් තනිවම පුහුණු වන්නේ නම් එසේ කළ යුතු ආකාරය ගැනද කඳවුරේදීම උපදෙස් ලබා දීම සිදුවේ.
ඒ නිසා මේ අවාසනාවත් සිදුවීමට හේතුව හරියටම කුමක්දැයි යන්න පැහැදිලි කර ගැනීම අපහසුය. පිටතට පෙනෙන හේතුව වන්නේ සිසුවාගේ නොදැනුවත්කම හෝ නොසැලකිල්ල හෝ ඔහුගේම මරණයට හේතුවී ඇති බවයි. තමන්ගේම ගෙලට ගැටයක් දමාගෙන ඒ ගැටයේ ස්වභාවය තමන් විසින්ම අත්හදා බලන්නට යෑම දහහතර හැවිරිදි සිසු දරුවකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ කටයුත්තකි.
එයින් වූයේ ලබන වසරේ අපොස විභාගයට පෙනී සිටින්නට සිටි අහිංසක දරුවකුගේ ජීවිතය අවාසනාවත් ලෙස කෙළවර වීම පමණකි.
මේ සිදුවීමෙන් තමන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි බව කවුරුත් වටහා ගැනීම වැදගත්ය.
කිසියම්ම හේතුවක් නිසා ජීවිතයක් විනාශවී යෑම ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිවිට කෙසේවත් අනුමත නොකරන බැවිනි.
No comments:
Post a Comment