අද දවසේ කවිය
කාමුක ගුරාට සිරදඬුවම ලැබේ.
පාසැල් වෙලා තුළදී ගුරුවරු මෙහෙමද පාසැලෙ හැසිරෙන්නේ
පැරැණි සිද්ධියක් නැවතත් කරළිය උණුසම් කරමින් පළ වෙන්නේ
ගුරුවරයෙක් විත් තමන්ගේ ග්‍රහනෙට ගුරුවරියකවයි අර ගන්නේ
කොළඹ පාසැලකවූ මේ සිද්ධිය අළු ගසලා යළි නැගිටින්නේ
.මේ සිදුවීමේ කාලය වසර අටක් පමණ අතීතයට දිවෙයි. මේ කතාවට පසුබිම් වන්නේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසැලකි. ප්රශ්නය ඇත්තේ සමස්ත පාසැලේ සමස්ත ගුරු භවතුන් අතර නොවන බව ඉතා හොඳින් වටහා ගැනීම වැදගත්ය. එසේම වාර්තා වන තොරුතුරු වලට අනුව මේ කතාවේ කාන්තා චරිතයවූ සංගීත ගුරුවරිය අතේද වරදක් නැත. මෙහි වරද පැටවෙන්නේ මෙම ගුරුවරිය පස හඔා ආ කාමුක ගුරාටය. එසේම මේ ගුරුවරයාගේ නොපනත් කම් පැමිණිලි කරද්දී ඒ ගැන අවංකවම සොයා නොබලා පියවර ගැනීම පැහැර හැරි එවක සිටි විදුහල්පතිවරයාටය.
විටින් විට ගුරුවරයාගෙන් සංගීත ගුරුවරියට යම් යම් අතවර ඇතිවූ බව වාර්තා වන අතර ඒ සඳහා ඇගෙන් දිගටම පළ වූයේ අකමැත්තයි. තමාගෙන් පළ වන අකමැත්ත නිසා හා පළ නොවන අනුබලය නිසා ඇයට ලැබිය යුතු වැටුප් වර්ධක පවා අහිමිව ගොසු ඇත. ඊට හේතුව කාමුක ගුරාගේ හොඳම හිතවතකුවූ විදුහල්පති ගුරුවරිය පීඩාවට පත් කරන්නට ඉදිරිපත් වීමයි. මෙවැනි අහිතකර පරිසරයක් කොළඹ ප්‍රධාන විදුහලක පවතිද්දී සහ ඒ ගැන ගුරුවරිය වරින් වර පැමිණිලි කරද්දී ඒ ගැන නිසි සොයා බැලීමක් සිදුවූ බවක් පැහැදිලි නැත. අවසානයේ පැහැදිලි කළ ප්‍රතිඵලයක් ලැබුණේ ගුරුවරියටමය. ඇයට ගෙදර යන්නට තරම් තත්ත්වයක් සකස් කොට දී තිබුණේ විදුහල්පතිය.
නඩු තීන්දුව නඩුවකින්ම වෙනස් කර ගත් ගුරුතුමිය නැවත එම විදුහලටම පත්වීමක් ලැබ ආවාය.
මේ කතාව තවත් දිගය. විදුහල්පතිත් අදාළ ගුරුවරයාත් විදුහලේ ගුරුවරියන්ට නොයෙක් ලෙස අරියාදු කිරීම මෙන්ම පාසැලට දරුවන් ඇතුළත් කරන්නට එන මවුවරුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත් බවද වාර්තා වේ. ඒ පිළිබඳව නම් අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.
මේ පුවතේ දරුණුම අවස්ථාව ලෙස වාර්තා වන්නේ සංගීත ගුරුතුමියව කාමුක ගුරා විසින් වැළඳ ගැනීමයි. මේ සම්බන්ධයෙන් ගුරුවරිය කළ පැමිණිල්ල මහාධිකරණයේ අවසානයේ විභාග වීය. එහි තීරණය වූයේ ඒ වන විට කොළඹම වෙනත් පාසැලකට මාරු වීමක් ලැබගොස් සිටි කාමුක ගුරුවරයාට වසරක සිර දඬුවමක් නියම වීමයි.
පසුව ඒ දඬුවම වසර පහකට අත් හිටවූ සිර දඬුවමක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. දඩය රුපියල් 1500 කි. 2011 සිදුවූ අප්‍රසන්න සිදුවීම වෙනුවෙන් මේ තීරණය ලැබුණේ 2019 මාර්තු මාසයේය. මේ සියල්ල සිදු වන විට කාමුක ගුරාගේ මිතුරු විදුහල්පති අනිවාර්ය විශ්‍රාම දිවියට ප්‍රවිෂ්ටවී සිටියේය.
ගුරුවරියකගේ ගෞරවය දැන දැනම කෙලෙසන්නට උත්සාහ කළ ඒ ගුරු පරපුරේම තවත් අයෙකුට මේ ලැබී ඇති දඬුවම ප්‍රමාණවත්දැයි සිතා ගන්නට නොහැකි තරම්ය.
No comments:
Post a Comment