ශල්‍ය වෛද්‍යවරයා හෙදියගේ හිස තුවාල කරයි.
සැත්කම අතරදි වෛද්‍යවරයා අමුතුම ලෙසකිනි හැසිරෙන්නේ
'බෝන් කටරයෙන්' හෙදියගෙ ඔළුවට පහරක් දීලයි සැනැසෙන්නේ
ශල්‍ය වෛද්යවී හිටියට විනයක් සදාචාරයක් නැති වැන්නේ
මේවැනි අයදෝ සමාජයේ අද වැදගත් තැන් වල වැජඹෙන්නේ
මේ අපූරු පුවත අපට අසන්නට ලැබෙන්නේ කුරුණෑගල මහ රෝහලෙනි. සැත්කමක් සිදු කැරෙන අවස්ථාවකදී බෝන් කටරය නමැති උපකරණය රෝගියාගේ ඇඳ මත තැබූ ශල්‍ය වෛද්‍යවරයා එහි සිටි හෙදියකට කියා ඇත්තේ එය ඉවත් කරන ලෙසයි. හෙදිය බෝන් කටරය ඇඳ මතින් ඉවත් කොට ගෙන බන්දේසියක තබා ඇත. ශල්‍ය වෛද්‍යවරයා කෝපවී ඇත්තේ මේ හේතුව නිසා බව කියනු ලැබේ. ඒ උපකරණය බන්දේසියෙන් ඉවත් කර ගත් වෛද්‍යවරයා එයින් හෙදියගේ හිසට පහරදී ඇත. හෙදියගේ හිසෙන් ලේ ගලන තුවාලයක් ඇතිවී ඇති අතර ඇය වහාම ශල්‍ය කර්මයකට භාජනය කර ඇත.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්යක්ෂවරයා කියා ඇත්තේ අදාළ ශල්‍ය වෛද්‍යවරයා කිසියම් මානසික රෝගයකට ගොදුරුවී ඇති බවට සැක කරන බවයි. අපි එසේ නොවේවායි පතමු. බැරි වීමකින් හෝ එවැනි තත්ත්වයක් ඇතිවී නම් එහි පසුබිමේ ඇති භයානක බව සිතා ගැනීමටවත් අසීරු වනු ඇත.
No comments:
Post a Comment