Sunday, March 10, 2019

අද දවසේ කවිය - 2019/03/11 - 'ජාතික ක්‍රීඩා උළෙල අවුලක?' (පුවතක්)

                            අද දවසේ කවිය
                         'ජාතික ක්‍රීඩා උළෙල අවුලක?' (පුවතක්)





ජාතික ක්‍රීඩා උළෙල පවත්වන නගරය තවමත් දන්නැතිදෝ
ජාතික උළෙලේ ක්‍රීඩා මොනවද කියලා තීරණ ගෙන නැතිදෝ
ඇමතිතුමකු හා තව කට්ටිය ඇත තීරණ ගන්නට කල් ඇතිදෝ
දේශපාලනේ ක්‍රීඩා උළෙලට හොරෙන්ම රිංගා ගෙන ඇතිදෝ

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන ජාතික ක්‍රීඩා උළෙල පැවැත්ය යුත්තේ කුමන ප්‍රදේශයකදැයි පිළිබඳව තවම නිශ්චිත නිගමනයකට පැමිණ නැති බවකි වාර්තා වන්නේ.
 නොයෙක් ප්‍රදේශවල නම් යෝජනාවී ඇතත් තවම අවසාන නිගමනයකට පැමිණ නැත.
මේ සඳහා පසුබිම්වී ඇති හේතුව කුමක්දැයි පැහැදිලි නැතත් ඊට යම් පමණකින් දේශපාලනමය සබඳතා මුල්වී ඇති බවක්ද පෙනීයයි.ක්‍රීඩා සඳහා දේශපාලනමය බලපෑමක් ඇත්ත වශයෙන්ම ඇත්තේය. ඒ, ක්‍රීඩා වෙනුවෙන්ම කටයුතු කරන ඇමතිවරයකු හා අමාත්‍යාංශයක් තිබීමයි.





අනෙක් අතට ක්‍රීඩා උළෙලට අඩංගු විය යුතු ඇතැම් ක්‍රීඩා ගැන ද කඔ ඇදිල්ලක්ද ඇති බව වාර්තා  වේ.

එසේ නම් මෙයින් ගම්‍ය වන්නේ තව මාස කිහිපයක් තුළදී පවත්වා නිම කළ යුතු ක්‍රීඩාව පිළිබඳවවූ මහා උත්සවයකට අදාළ අමාත්‍යාශය තවමත් නිසි පරිදි සූදානම් නැති බවයි. එයින් සිදු වන්නේ ඊට පසුබිම් වන හැම කරුණක්ම යම් ලෙසකින් පිටුපසට යෑමයි.  එයින් අපහසුතාවට පත් වන්නන් බොහෝ සිටිය හැකිය.

ඒනිසා කා ගැනත් කල්පනා කොට දේශපාලනික අවශ්‍යතාම අරමුණු කොට නොගනිමින් සාමුහික පැහැදිලි තීරණයකට ඉක්මනින්ම ඒම රටේද අවශ්‍යතාවක් වනු ඇත. 

No comments:

Post a Comment