වැලිගම හෝරා කිහිපයක් .......... A few hours at Weligama......
අපේ රටේ අයත් අපේ රට ගැන දන්නා පිටරට උදවියත් ශ්‍රී ලංකාවේ දකුණු පලාත ගැන හොඳ අවබෝධයකින් යුතුය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය යනු රට වටා ඇති මුහුද ආසන්නයෙන් හෝ මුහුද මායිම් කොට ගෙන පිහිටා ඇති කලාපයකි. මේ කලාපය අපේ රට තුළ ප්රකටව ඇති කරුණු අතරින් වඩාත්ම මූලික කරුණක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි.
අවුරුද්දක කාලයක් සැලැකිල්ලට ගත් විට මුළු අවුරුද්ද පුරාම රට තුළට සංචාරකයන් ඇදී ඒම එකාකාරව සිදු වන්නේ නැත. අප දැනුවත්වූ පරිදි අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට ඔක්තෝබරය දක්වාවූ කාලසීමාව තුළ රටට සංචාරකයන් එන්නේ නැත. ආවත් සාපේක්ෂව අඩුවීමක් පෙන්වයි.
'වැලිගම' යනු 'වැලි බහුල වශයෙන් ඇති ගමයි.' කටවහරට අනුව එසේ කීවත් එහි නියම අරුත වන්නේ සහ නියම අරුත විය හැක්කේ වැලිගම වෙරළ තීරය අධික වැලි ප්‍රමාණයකින් යුතු වීමයි.
වැලිගම අයත් වන්නේ මාතර දිස්ත්‍රික්කයටය.
ඓතිහාසික වශයෙන්ද වැදගත් වන ස්ථාන කිහිපයක් උරුම කොට ගත් වැලිගම නගරය මුහුදු මට්මෙන් අඩි තිහක පමණ උසකින් පිහිටා ඇත.
වැලිගම නගරය ආශ්රිත ප්‍රධාන කර්මාන්ත වන්නේ සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තයයි.
Weligama city is situated in the southern province of Sri Lanka. Weligama is about 144 kilometers away from Colombo.
You can reach there by bus, by train or by using your own transport without difficulty.
Weligama belongs to the Matara District and the town is about 30 feet above from the sea level.
'Sandy Village' is the colloquialism for Weligama. But the real meaning would be the seashore which contains heavy sand capacity.
Main industries are tourism and fishing.
ධීවර කර්මාන්තය
වැලිගම අවට මුහුදු තීරය මසුන් ඇල්ලීමේ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. විවිධ වර්ගවල ධීවර යාත්‍රා මේ කර්මාන්තයේ යෙදෙයි. මේ නිසාම අවට අවන්හල් සඳහා විශේෂයෙන්ම සංචාරකයන් වෙනුවෙන් මුහුදු ආහාර සපයා ගැනීමේ පහසුවක් ඇතිවී තිබේ.
Fishing Industry
Fishing has become as one of the popular industry in Weligama. The sea around this area is providing much suitable environment for this industry. Various types of boats are involving in this industry. This industry is making facility for providing seafood especially for tourists who engage with their meals at the hotels and the restaurants nearby.
වැලිගම ගත කළ හෝරා කිහිපයේදී වඩාත්ම නැඹුරු වූයේ සංචාරක ව්‍යාපාරයටය. එහිදී වඩාත්ම උත්සාහ ගත්තේ සංචාරක ව්‍යාපාරය හා සබැඳි ව්‍යාපාරවල නිරත තරුණ ව්‍යවසායකයන් හමුවටය. මේ ගමනේදී අපට එවැනි දෙදෙනෙකු හා කතාබස් කරන්නටත් තොරතුරු දැන ගන්නටත් ලැබිණි.
When we were at Weligama much considered about tourism in that area. Apart from that had an attempt to meet young entrepreneurs who highly involved with tourism in Weligama.
අප මුලින්ම හමු වූයේ ඉෂාන් හර්ෂණ ගුණරත්නයි. ඔහු විසිනව වියැතියි. මේ ඔහු සංචාරක ව්‍යාපාරය හා එක්ව ගත කරන පස්වැනි වසරයි.
ඔහුගේ මුල්ම ප්රයත්නය වූයේ වැලිගම සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා මඟීන් කැටුව යාම සහ ඒමය. ඒ සඳහා ඔහු සතු වූයේ එක් වෑන් රථයක් පමණි. මේ ආකාරයට කටුනායක යෑම ඒම ඔහු එක සීරුවට වසර දෙකක් තිස්සේම කළේය එසේ ගෙවී ගිය කාලය නිකරුණේ අතීතයට එක් වුණා පමණක් නොවීය. ඒ කාලය ඔහුට ඔහුගේ අනාගතය තීරණය කරන පදනමක් දමා ගැනීමට ප්‍රයෝජනවත් විය. හේතුව ඒ කාලය තුළදී ඔහුට දේශීය හා වීදේශීය වශයෙන් විශාල මිනිස් සබඳතා ප්‍රමාණයක් හදා ගන්නට හැකි වීමයි.
කාලය ඉකුත්ව යද්දී ඔහුට ලැබෙන විදෙස් ඉල්ලීම් ප්‍රමාණයේ වැඩි වීමක් ඇති විය. ඊට හේතුව ලෙස ඔහු දක්වා සිටින්නේ තමා විසින් තම අනුග්‍රාහකයන්ට ලබා දෙන සේවාවේ තත්ත්වය හොඳ මට්ටමක පැවැතීමයි. මේ නිසා කාර්ය බහුලත්වයද ඉහළ යන්නට විය. තනි වාහනය ඉහළ යන ඉල්ලුමට ප්‍රමාණවත් නොවුණු නිසා අත ඇති වාහනය විකුණා ලැබූ මුදල් හා කල්බදු ලීසිං ක්‍රමය මිශ්‍රව යොදා ගෙන වාහන දෙකක් මිලට ගත්තේය.
මෙසේ වාහන දෙකක් ආසන්න කාලසීමා තුළදී මිලදී ගන්නටත් හේතුවක් තිබිණි. ඒ හේතුව නම් ඔහුට ඇලෙක්ස් නම් පෘතුගීසි ජාතිකයා දැන හඳුනා ගන්නට ලැබීමයි.
ඇලෙක්ස් රටවල් අටක 'මුහුදු රළ මත ලිස්සා යෑම' හුරු කරවන කඳවුරු දහඅටක් පවත්වා ගෙන යන්නෙකි. ශ්‍රී ලංකාවේ වැලිගම මුහුදු තීරයද එම ජල ක්‍රීඩාව සඳහා උචිත ලෙස සැලැකේ. ඒ අනුව ඒ ක්‍රීඩාවට ඇලුම් කරන සංචාරකයන් ඉෂාන් හරහා ලංකාවට යොමු කරවන්නට ඇලෙක්ස් මුල් විය. අලුත් වාහන දෙකක්ම මිලදී ගැනීමට සිදු වූයේ මෙසේ ලංකාවට එන සංචාරකයන්ගේ සුවපහසුව වෙනුවෙනි.
ඒ සම්බන්ධය හරහා ලෝකයේ අදාළ රටවලින් සංචාරකයන් මෙරටට ඒම නිශ්චිත කාලවකාවනුවකින් තොරවම සිදු වෙයි. ඔවුන් වෙසෙසින්ම වැලිගමට එන්නේ මුහුදු රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ යෙදෙන්නටය.
තවත් යම් කාලයක් ගත වන විට සංචාරකයන්ගෙන් තමාට ලැබෙන පැමිණිලි ඔස්සේ කල්පනා කොට තවත් දිශාවකට යොමු වන්නට ඉෂාන්ට අවශ්‍ය විය. ඔහු ප්‍රවාහනය කරනු ලබන සංචාරකයන්ගෙන් නැගෙන ප්‍රධානම මැසිවිල්ල වූයේ තමන්ට ලැබෙන වාසස්ථානවල ඇති ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයි.
ඒ අනුව තමන්ගේම සංචාරක නිවස්නයක් තනා ගැනීම පිළිබඳ කල්පනාවෙන් බරවූ ඉෂාන් එවකට තමන් පෙළුෑ අපහසුතා මැද වුවත් වැලිගම නගර මධ්‍යයට ආසන්නයෙන් පර්චස් දහයක ඉඩකඩක් මිලදී ගත්තේය. සියලු පහසුකම් සහිතව, කාමර පහක් ඇති 'ඞ්රීම් පැරඩයිස්' සංචාරක නිවස්නය එහි ඉදි විය. 2016 ඔක්තෝබර් මාසයේ සිට එය විදෙස් සංචාරකයන් සඳහා විවෘතය. එදා අපහසුම්කම් මැද කටයුතු ආරම්භ කළත් අද වන විට ඔහු ණය බරින් තොරය.
ඔහු අදටත් සුපුරුදු ලෙස සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතු විධිමත් ලෙස පවත්වා ගෙන යයි. ඒ සඳහා ඔහු රථවාහන හැසිරවීම පිළිබඳ නව තාක්ෂණයද උපයෝගී කර ගනියි.
මේ යොවුන් ව්‍යවසායකයා තමන් අද රැඳී සිටින තත්ත්වය ගැන අතිශය තෘප්තිමත්ය. ඔහුගේ මතු අපේක්ෂාව වන්නේත් තම කටයුතු වඩාත් ශක්තිමත්ව පවත්වා ගනිමින් සිය ව්‍යාපාරයේ ඵල ප්‍රයෝජන පතන අයට උපරිම සේවාවක් ලබා දීමය.
We met one young entrepreneur at Weligma who envolve with tourism in the same area.
He is Ishan Harshana Gunarathna and he is twenty-nine years old. He owned private vehicle service known as Ishan Tours. He provides transportation for tourists to come to Weligama city. As well as he owned a guest house which consists of five rooms and other necessary facilities.
වැලිගම සංචාරක නගරයේදී අපට ඊළඟට මුණ ගැසුණේ තවත් තරුණ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් දෙකක් ඇති බව පැහැදිලි කර ගත හැකි විය.
මුල් කොටසින් කැරෙන්නේ සිය වෙළෙඳ භාණ්ඩය අලෙවි කිරීමයි. දෙවැනි කොටසින් කැරෙන්නේ අලෙවිකිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. මතුපිටින් බැලූ විට නම් එහි ඇති අමුත්තක් නැත.
එහෙත් ඔහුගේ ව්‍යාපාරයේ ස්වභාවය ගැන සලකා බැලූ විට නම් එහි යම්කිසි වෙනසක් ඇති බව පෙනේ.
ඔහුගේ වෙළෙඳ භාණ්ඩ මැණික්ය. ඔහුගේ නිෂ්පාදන වන්නේ ස්වර්ණාභරණය.
සංචාරකයන් සමග වාණිජමය වශයෙන් ගනුදෙනු කිරීම සඳහා මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන මෙම තරුණ ව්‍යාපාරිකයා නමින් රෙහාන් ෂාරක ජයවීරය.
රෙහාන් දසවස් සපිරූ පළපුරුදුකම් ඇත්තෙකි. කාලයක් වෙනත් ප්‍රධාන ගණයේ ආයතන වෙනුවෙන් සිය සේවා දායකත්වය ලබා දුන් රෙහාන් පසුව තීරණය කළේ තම සීයාගෙන් සහ පියාගෙන් ලද ආභාෂයත්, උරුමයත් ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේම කියා කිව හැකි ව්‍යාපාරයක් පටන් ගන්නටය. ඒ අදහස ඵල දරන්නට පටන් ගෙන දැන් පස් වසරක් ගෙවී යමින් පවතී.
විවිධ රටවලින් ශ්‍රී ලංකාවේ වැලිගම නගරයට යන එන සංචාරකයෙන්ගේ රුචිකත්වය රෙහාන් හොඳින් හඳුනා ගෙන ඇත. ඒ නිසා මැණික් ලෙසින් හෝ ඔවුන්ගේ ඉල්ලීමට අනුව නිමවා දෙන ආභරණයකින් හෝ ඔවුන් අවංකවම තෘප්තිමත් කිරීමේ සතුටත්, වගකීමත් රෙහාන් විසින් දරනු ලබයි.
Rehan Sharaka Jayaweera is another young entrepreneur who met at Weligma. He is having a business which involves with gem and jewelry manufacturing. This skill he has he owned from his grandfather and his father as well.
As he says he got this skill because for the influence of his parents and as an inheritance.
Rehan knows the taste of tourists coming from various countries to Weligama . Therefore he is always ready to fulfill their requirements by selling gems or made jewelry by his own.
(IMPORTANT- Some photographs have obtained from the internet.)
No comments:
Post a Comment