පරිගණක බුද්ධිය හොරකමට යොදවයි.
පරිගණකය ගෙන දෝතින් පුදලා හොරකමටයි සිත දුවවන්නේ
රහස්‍ය වචනය හොරකම් කර ගෙන පද්ධති ඇතුළට රිං ගන්නේ
තම සිහි බුද්ධිය යොමු කොට හොරකම් කරනට ඇයි මේ යොමු වන්නේ
කොතැනින් හෝ රිංගා ගොස් හරහට සල්ලි සොයන්නට වෙහෙසෙන්නේ
ඒකත් අපූරු සිදුවීමකි. මෙවැනි බුද්ධි මෙහෙයවීම් දැක ගත හැක්කේ බොහෝ විට විදේශීය චිත්රපටිවලය. එසේ බුද්ධිය එසේත් නැති නම් දැනුම යොදවන්නේ යහපත් දේ කරන්නට නොවේය. රටට සමාජයට අයහපතක් කොට තමන්ගේ වාසිය අත්විඳින්නටය.
මේ වාර්තා වන්නේත් එවැනි සිදුවීමකි. යම් ආයතනයක සේවය කරන තමන්ගේම වැඩිමහල් සොහොයුරාගේ උදව්වෙන් පරිගණක පද්ධතියට පිවිසිය හැකි මුර පදය ලබා ගත් තරුණයෙක් ඒ ඇසුරෙන් තම සොහොයුරා සේවය කරන සමාගමේ පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළුවී ඇත.
මේ කටයුත්තේ ප්‍රධාන සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයක තොරතුරු තාක්ෂණය හැදෑරු අයෙකු බව හෙළිවී ඇත.
වත්මන් සමාජයේ තම තමන්ට මොන අපහසුතා තිබුණත් බොහෝ තරුණ තරුණියෝ කුමක් හෝ විෂයක් ගැඹුරට හදාරන්නට පෙළඹී සිටිති. ඒ තමන්ගේ අනාගතය වඩාත් ක්‍රමානුකූලව සකස් කොට ගැනීම සඳහාය. එසේ නැතිව ඒ ලබා ගන්නා දැනුම වැරදි මඟකට යොමු කොට ඒ මඟින් වාසි ලබා ගැනීමට නොවේ. එහෙත් ඒ අතර කලාතුරකින් හෝ තමන් තුළ ඇති විශිෂ්ට දැනුම අයථා ලෙස පරිහරණය කරන්නට පෙළඹෙන අය සිටින බවද හඳුනා ගත හැකිය.
මේ පෙළඹීම ඇති වන්නේ හොර පාරේ ගොස් ඉක්මනින් පොහොසත් වන්නට දඟලන අයට පමණි. එහෙත් ඉඳහිට හෝ ඒවාට යොමු වන්නන් දැන ගත යුත්තේ එවැනි මන්ද බුද්ධික කටයුතු සඳහා දිගු ආයුෂක් නැති බවය.
No comments:
Post a Comment