අද දවසේ කවිය
'ඩෙබිට් කාඞ් හොරකම් කර අරක්කු පාටි දැමූ පාසැල් ගුරා රිමාන්ඞ්.' (පුවතක්)
ගම්පොළ පැත්තේ ගුරු භවතකුනේ කතාවේ මුල් තැන අර ගන්නේ
ඩෙබිට් කාඞ් පත හොරකම් කර ගෙන ඒකෙන් භාණ්ඩ අර ගන්නේ
මුදලුත් අර ගෙන අරක්කු අර ගෙන සාදය මිතුරකු හට දෙන්නේ
මෙහෙම ගියෝතින් අධ්‍යාපනයේ තත්ත්වය තව පහළට යන්නේ
මේ පුවත ඇසෙන්නේ ගම්පොළ ප්‍රදේශයෙනි. අන්සතු කාඞ් පතක් සොරා ගෙන ඇති මේ ගුරුතුමා ක්‍රමයෙන් සොරා කෑම පටන් ගෙන ඇත. ඒ සඳහා ඔහු තම මිතුරකුද පටලවා ගෙන ඇත.
ගුරුවරු යනු කවරහුද යන ප්‍රශ්නය දැන අපට අපෙන්ම අසා ගන්නට ඇතිසේය. මේ කතා කරන්නේ සමස්ත ගුරුපරපුර ගැන නොවේ. ගුරුවරයාද යනු මනුෂ්‍යයකු නිසා ඔහු අතින්ද වැරැදි සිදු විය හැකියැයි මතයක් ගොඩ නැගෙන්නට පුළුවන. එහෙත් එවැනි තර්කයක් වලංගු වන්නේ මනුෂයත්වය නිසා සිදුවිය හැකි වැරැදි සඳහා මිස සිතාමතා දැනුවත්ව කරන වැරැදි සඳහා නොවේ.
මේ පුද්ගලයා කර ඇති හා සනාථවී ඇති වැරැද්ද සොර කමකි. ගුරුවරු තම සිසුවන්ට සාමාන්‍යයෙන් උගන්වන්නේ කිසිදා කිසි විට අනුන්ගේ දෙයක් සොර සිතින් නොගත යුතු බවයි.
එය එසේ නම් මෙවැනි ගුරුවරුන් උගන්වන්නේ කවරක් විය හැකිද?
No comments:
Post a Comment