Monday, January 24, 2022

සිංහල - ඡේදය ආශ්‍රිත ප්‍රශ්න සඳහා පිළිතුරු - 10/11 ශ්‍රේණි සඳහා

 පහත දී ඇති ජේදය හොඳින් කියවා අසා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු දෙන්න.

අපේ හේන එල්ලේ ගඟ මැද පිහිටි දූපතක් වෙයි. එය ගැමියන් හැඳින්වූයේ “මඩොල් දූව” යන නමිනි. කොග්ගල ඔයෙහි තැනින් තැන පිහිටි දූපත් රාශියෙන් මෙය ගැමියන් අතර ප්‍රකට වූයේ, නපුරු මූකළානක් ද සර්ප විමානයක් ද ලෙසිනි. එගොඩත් මෙගොඩත් පිහිටි ගම් තිහ - හතළිහක මිනිසුන් අතීතයේ පටන් නයින්, පොළොඟුන්, මාපිළන් ආදී සර්පයන් අල්ලා ඔරුවලින් ගෙන ගොස් දමන්නේ මඩොල් දූවෙහි ය. ගැමියෝ තමන්ගේ වත්තට ඇදෙන නයකු, පොළඟකු අල්ලා මල්ලක දමා ගෙන ගොස් මේ දූපත අසලදී මුදා හරිති. ඔවුන් එසේ කරන්නේ විසකුරු සර්පයන් හසු වුණු තැන නො මරන බැවිනි.   

මඩොල් දූව යකුන් අරක් ගත් තැනකැයි විශ්වාස කරන නිසා කිසි ම ගැමියෙන් ඒ දූපතට නො යයි. ගඟෙහි මස් මරන ඔරු කාරයෝ ද රැයෙහි ඒ දූපත අසලට පවා තමන්ගේ ඔරු නො පදවති. පුරාණ රජුන්ගේ කාලයෙහි සොරුන් විසින් තනන ලද ගල් ගුහා කිහිපයක් ද පොකුණක් ද එහි ඇතැයි යනු ගැමියන්ගේ විශ්වාසයකි.

                       - “මඩොල් දූව“ - මාර්ටින් වික්‍රමසිංහ

1. මඩොල් දූව පිහිටියේ කුමන ජලාශයේ ද?

    කොග්ගල ඔයේ

2. ගැමියන් අතර එම කුඩා දූපත ප්‍රකට වී ඇත්තේ කොයි ආකාරයෙන් ද?

    නපුරු මූකළානක් හා සර්ප විමානයක් ලෙසින්.

3. තමන්ගේ ගෙවත්තට ඇදෙන සර්පයන් ගැමියන් අල්ලා ගෙන වෙනත්        ස්ථානයකට ගෙන යන්නේ ඇයි?

    සර්පයන් මරන්නට ඇති අකමැත්ත නිසා. 

4. ගැමියන් මඩොල් දූවට නොයන ප්‍රධාන හේතුව කුමක් ද?

   මඩොල් දූව යකුන් අරක්ගත් තැනකැයි යන විශ්වාසය (පිළිගැනීම) නිසා. 

5. ගැමි විශ්වාසය අනුව සොරුන්ගේ ඉදිරිපත් වීමෙන් මඩොල් දූවේ    

   ඇත්තේ මොනවා ද? 

   ගල් ගුහා හා පොකුණක්. 


මෙම ප්‍රකාශ නිවැරදි ද? වැරදි ද? තනි වචනයෙන් පිළිතුරු දෙන්න.

1. හේන එල්ලේ ගඟ මැද පිහිටි දූපත ගැමියන් හඳුන්වනු ලැබුවේ “මඩොල් දූව” නමිනි.  නිවැරදි

2. හතර අතින් ම ජලයෙන් වටවී ඇති ගොඩබිමක් දූපතක් ලෙසින් හැඳින්විය හැකි ය. නිවැරදි

3. මඩොල් දූව ගැමියන් අතර වඩාත් ප්‍රකට වී තිබුණේ සර්ප විමානයක් සහ හොල්මන් අවතාර බහුල වනයක් ලෙසිනි. වැරදි

4. අවට ගම්වාසීන් තම ගෙවතුවලට ඇදෙන සර්පයන් අල්ලා ගඟ දියට විසි කරන්නේ සර්පයන් මරා දැමීමට ඇති අකමැත්ත නිසා ය. වැරදි 

5. මඩොල් දූව යකුන් අරක්ගත් තැනක් නිසා මන්ත්‍ර ගුරුකම් කරන්නෝ සිය ගුරුකම් කටයුතු සඳහා මඩොල් දූව යොදා ගනිති. වැරදි

6. පුරාණ රජ දවස සොරුන් විසින් තනන ලද ගල්ගුහා සහ පොකුණු මඩොල් දූවේ ඇති බවට ගැමි විශ්වාසයක් පවතී. නිවැරදි

7. දී ඇති ඡේදයෙන් විස්තර වන්නේ කොග්ගල ඔයේ ඇති දූපත් සමූහයේ පොදු ලක්ෂණයි. වැරදි


පහත දක්වනු ලබන වාක්‍ය ව්‍යාකරණානුකූලව නිවැරැදිව සකස් කොට නැවත ලියන්න.

1. අපේ හේන එල්ලේ ගඟ මැද දූපතක් පිහිටා ඇති බව අපිට දැකගත හැකි වීම සතුටකි. 

අපේ හේන එල්ලේ ගඟ මැද දූපතක් පිහිටා ඇති බව අපට දැකගත හැකි වීම සතුටකි.

2. හතර අතින් ම ජලයෙන් යට වූ ගොඩබිමක් දූපතක් ලෙස හැඳින්වීමේ දොසක් නැත්තී ය.

හතර අතින් ම ජලයෙන් යට වූ ගොඩබිමක් දූපතක් ලෙස හැඳින්වීමේ දොසක් නැත්තේ ය./නැත.

3. අවට ගම්වල ගැමියන්, සර්පයන් අල්ලා මලුවල දමා ගෙන දූපතට ගෙනැවිත් දමති.

අවට ගම්වල ගැමියෝ, සර්පයන් අල්ලා මලුවල දමා ගෙන දූපතට ගෙනැවිත් දමති.

4. ගඟ දියට වැටෙන සර්පයන් දියේ ගිලී මැරෙති

   ගඟ දියට වැටෙන සර්පයෝ දියේ ගිලී මැරෙති.

5. ගැමි විශ්වාසයට අනුව මඩොල් දූව යක්ෂයෝ අරක්ගත් තැනකි.

   ගැමි විශ්වාසයට අනුව මඩොල් දූව යක්ෂයන් අරක්ගත් තැනකි.

6. ගඟෙහි මසුන් මරණ ඔරුකාරයන් මඩොල් දූව දෙසට රැයෙහි නොයති.

   ගඟෙහි මසුන් මරණ ඔරුකාරයෝ මඩොල් දූව දෙසට රැයෙහි නොයති.

7. හොල්මන්, අවතාර විශ්වාස නොකරන්නෝ දූපතට යන්නට බිය නොවෙයි.

   හොල්මන්, අවතාර විශ්වාස නොකරන්නෝ දූපතට යන්නට බිය නොවෙති.




Sunday, January 23, 2022

"ඈත කඳුකර හිමව් අරණේ " - ගීතය ගැන සටහනක්

                           


“ඈත කඳුකර හිමව් අරණේ” ගීතය බිහිවන්නේ මුද්‍රා නාට්‍යයක් ඇසුරින්. ඔබ මුද්‍රා නාටක ගැන අසා ඇති බොහෝ විට. එම වර්ගයේ නාට්‍ය හඳුන්වන ආකාරයෙන් ම ඔබට හැඟෙනවා ඇති මෙම නාට්‍ය සාමාන්‍ය අප දන්නා වේදිකා නාට්‍ය සම්ප්‍රදායෙන් වෙනස් වන බව.

මෙහිදී දෙබස් භාවිතයක් නැහැ. පසුබිම් ගීත, සංගීතය හා විශේෂයෙන් ම නර්තන භාවිතයෙන් තමා සම්පූර්ණ නාට්‍යය ම විකාශය වන්නේ. නාට්‍යයේ පූර්ණ අර්ථය ප්‍රේක්ෂකයා විඳගත යුත්තේ නාට්‍යයේ නළු නිළියන්ගේ අංග චලන හා නර්තන වින්‍යාසයන් ඇසුරින්. 

මේ විදිහට කල්පනා කරන විට ඔබට දැනේවි මෙවැනි නාට්‍යයක් නිර්මාණය මෙන් ම ඉදිරිපත් කිරීමේදී ද මොන තරම් අසීරුතා විඳගත යුතු ද කියා.

මුද්‍රා නාට්‍ය සඳහා නුපුරුදු වටපිටාවක් තිබියදීත් චිත්‍රසේන නම් කලාකරුවා “නල දමයන්ති” මුද්‍රා නාට්‍යය නිර්මාණය කරන්නේ අලුත් අත්දැකීමක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින්.

“නල දමයන්ති” කියන්නේ අපේ රටට අයිති කතා මූලාශ්‍රයක් නෙවෙයි. මේ කතාව අපට ඇහෙන්නේ අපේ අසල්වැසි රටෙන්. ඉන්දියාවෙන්. මේ කතාවත් හරි අපූරුයි. 

අපි කෙටියෙන් ඒ ගැනත් කතා කරලා ඉඳිමු.

දමයන්ති ඉතා ම රූමත් තරුණ රජ කුමරියක්. නල, නිෂධ නම් රාජ්‍යයේ රජු. ඔහු ඉතා ම කඩවසම් තරුණයෙක්. ඒ වගේ ම ඔහු අසුන් මෙහෙයවීමේ අති දක්ෂයෙක්. 

මේ දෙදෙනා ඔවුනොවුන්ට ආදරය කරන්නට පෙළඹෙන්නේ එකිනෙකා නොදැකමයි. මේ අපූරු ආදරයට උදව් කරන්නේ හංසයෙක්. ඒ වගේ ම දෙවිවරුත් මේ කතාවට සම්බන්ධ වෙනවා. වෙනස් සහ කාටවත් හිතා ගන්නට අසීරු බොහෝ සිදුවීම් අතරින් මේ කතාව ගලා ගෙන යනවා.

අප මේ සටහනට උක්ත වශයෙන් තැබූ ගීතය මුද්‍රා නාට්‍යයේ යොදා ගෙන ඇත්තේ නල රජතුමන්ගේ රූපශ්‍රීය වර්ණනය කිරීම සඳහායි.

අපේ ගීත සාහිත්‍යයේ ගීත බොහෝමයක් ම අරමුණු කර ගන්නේ තරුණියගේ එහෙමත් නැති නම් පෙම්වතියගේ රූසිරු වර්ණනයයි. ඇයට ඇති පෙම ගැන කියන්නටයි. මේ බොහෝ  ගීත ඉතා ම රසවත්. ඒ පිළිබඳ කිසිදු වාදයක් නැහැ.

“ඈත කඳුකර හිමව් අරණේ” ගීතය රචනා කොට ඇත්තේ නල නම් වූ තරුණ කඩවසම් රජතුමාගේ රූපය ගැන වර්ණනා කරන්නටයි. අපේ ගීත සාහිත්‍යයේ මේ ගීතයට සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ ඒ නිසයි. තරුණ ළඳකගේ රුව වර්ණයෙන් ඔබ්බට ගොස් ඒ වෙනුවට තරුණ පුරුෂයකුගේ රුව වර්ණනයට ගීතය යොදා ගැනීමයි. 

ඈත කඳුකර හිමව් අරණේ  - සීත චන්දන ළපළු සෙවණේ                    සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ

සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ                         ළදැලියන්ගේ හීන අතරේ මැවේ ඒ රූපේ

රනින් කළ වන් පුළුල් උරයෙන් - හසුන් ළමැදේ මුස කරන්නේ           හදේ මෝරන ආදරේ සඳේ සොමිගුණ යා කෙරේ                              සරාගී නිල් නුවණ් බඳුනින් නුරා ඉතිරෙන්නේ

මේ ගීතයේ රචකයා වූයේ මහගම සේකරයි. සේකරයන්ගේ කවි ගීත රචනා ගැන අප අමුතුවෙන් ටීකා ලිවිය යුතු නැහැ. ඒ තරමට ම ඔහුගේ ප්‍රබන්ධ සාරවත්. ගුණවත් 

ඒ සියල්ල අමතක කොට මේ ගී පද දිහා බලන්න. නල රජුගේ රූපය ගැන මෙන් ම ඔහු නොදැක ම ඔහු හා පෙමින් බැඳුණු දමයන්තියගේ සිතැඟි සේකරයන් විසින් කදිමට සිය ගී පද අතරේ සඟවා තියෙනවා. ගීතයේ හැම වචනයක ම ඔහු අඩංගු කොට ඇත්තේ යොවුන් ආදරය හා සබැඳි ආකර්ෂණිය බවයි. මිහිරියාවයි.

‘ඈත කඳුකර හිමව් අරණේ - සීත චන්දන ළපළු සෙවණේ’                     ගීතයේ මුලින් ම යෙදෙන මේ ගී පද අපට සිහිපත් කරන්නේ ඉතා ම නිසංසල එමෙන් ම සොඳුරු බවක් දනවන පිටාවක්. එවැනි පරිසරයක් අප කෙදිනවත් දැක නැතත් ගීතයේ පද සහ ගායනය තුළින් අප සිත ඇතුළත එවැනි පරිසරයක් ගැන හැඟීමක් ඇති කරනවා.

‘සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ’ 

සොඳුරු මතක සටහන් අවදි කරන පරිසරය හරහා හමා යන සුළඟ රැගෙන එන්නේ ඔහුගේ (නල රජුගේ) මතකය බව සේකරයන් ඒ සමග ම අපට මතක් කරයි.

‘සඳැල්ල’ යන වදන සාමාන්‍යයෙන් යොදන්නේ සඳළුතලය (balcony) නැති නම් උඩුමහලක ඉදිරිපස විවෘත කොටස හඳුන්වන්නටයි. ගීතයේ සඳැල්ල යන වදනින් අරුත් ගන්වන්නේ ඉහළ අහසයි. ‘මිණි තලාව’ ‘තාරකා පිපි වෙලාව’ ආදී යෙදුම් මගින් සේකරයන් උත්සාහ කරන්නේ විසිතුරු රාත්‍රී අහස ගැන කියන්නටයි. ඒ විසිතුරු මැදින් මැවී පෙණෙන්නේත් තරුණ ලඳුන්ගේ ආදරණීය සිහින රූප කාය වූ නල රජුයි. 

මේ ගීතයෙන් දනවන ආදරයේ ආදරණීය බව සංගීත ස්වර සමග කදිමට මුසු කරන්නේ සංගීතවේදී ලයනල් අල්ගමයි. සංගීත විෂයය පිළිබඳ මනා පරිචයක් ඇති අල්ගමයන් චිත්‍රසේනයන් නර්තන මුද්‍රාවෙන් හඟවන දේ මෙන් ම මහගම සේකර වචනයෙන් කියන දේ ද මනා ලෙස ග්‍රහණය කොට ගෙන තිබෙනවා. එසේ නොවූවා නම් මේ ගීතය මෙතරම් සංවේදී බවකින් යුතුව නිර්මාණය නොවන්නට තිබුණා. 

චිත්‍රසේන, මහගම සේකර සහ ලයනල් අල්ගම යන තිදෙනාගේ ම නර්තන, ගේය පද සහ සංගීතමය දායකත්වයේ අවසන් අග්‍ර ඵලය ලෙස සැලකෙන්නේ ගායනයයි. ඒ කටයුත්ත ඉතා ම සංයමයකින් හා හඬ අලංකරන ආදියෙන් යුතුව මනා ලෙස ඉටු කරන්නේ පණ්ඩිත් අමරදේවයන්. ඔහුගේ ළයාන්විත ගායනය මුද්‍රා නර්තනයෙන් තොරව වුවත් ඉතා හොඳින් රස විඳිය හැකියි.

මේ වන විටත් දශක හතකටත් වඩා පැරණි එසේ ම තවත් දශක කිහිපයක් ම පැවැතිය හැකි මෙම ගීතය ඒ තත්ත්වයේ පවතින්නේ ඒ සඳහා දායකවී ඇති සියලු කලාකරුවන්ගේ නිර්ව්‍යාජත්වය නිසා විය යුතුයි. 

පසු සටහන : මේ ගීතය ඔබට අන්තර්ජාලයෙන් සොයා ගෙන රස විඳිය හැකියි.

නොඑසේ නම් මෙම ලින්කුවෙන් යූටියුබයට පිවිසෙන්න.

https://youtu.be/ytg0oz_eXH4



 












Thursday, January 20, 2022

සමගාමී පාඩම් - සිංහල - 10/11 ශ්‍රේණි සඳහා


 පහත දී ඇති ජේදය හොඳින් කියවා අසා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු දෙන්න.

අපේ හේන එල්ලේ ගඟ මැද පිහිටි දූපතක් වෙයි. එය ගැමියන් හැඳින්වූයේ “මඩොල් දූව” යන නමිනි. කොග්ගල ඔයෙහි තැනින් තැන පිහිටි දූපත් රාශියෙන් මෙය ගැමියන් අතර ප්‍රකට වූයේ, නපුරු මූකළානක් ද සර්ප විමානයක් ද ලෙසිනි. එගොඩත් මෙගොඩත් පිහිටි ගම් තිහ - හතළිහක මිනිසුන් අතීතයේ පටන් නයින්, පොළොඟුන්, මාපිළන් ආදී සර්පයන් අල්ලා ඔරුවලින් ගෙන ගොස් දමන්නේ මඩොල් දූවෙහි ය. ගැමියෝ තමන්ගේ වත්තට ඇදෙන නයකු පොළඟකු අල්ලා මල්ලක දමා ගෙන ගොස් මේ දූපත අසලදී මුදා හරිති. ඔවුන් එසේ කරන්නේ විසකුරු සර්පයන් හසු වුණු තැන නො මරන බැවිනි.   

මඩොල් දූව යකුන් අරක් ගත් තැනකැයි විශ්වාස කරන නිසා කිසි ම ගැමියෙන් ඒ දූපතට නො යයි. ගඟෙහි මස් මරන ඔරු කාරයෝ ද රැයෙහි ඒ දූපත අසලට පවා තමන්ගේ ඔරු නො පදවති. පුරාණ රජුන්ගේ කාලයෙහි සොරුන් විසින් තනන ලද ගල් ගුහා කිහිපයක් ද පොකුණක් ද එහි ඇතැයි යනු ගැමියන්ගේ විශ්වාසයකි.
                                        “මඩොල් දූව“ - මාර්ටින් වික්‍රමසිංහ

1. මඩොල් දූව පිහිටියේ කුමන ජලාශයේ ද?
2. ගැමියන් අතර එම කුඩා දූපත ප්‍රකට වී ඇත්තේ කොයි ආකාරයෙන් ද?
3. තමන්ගේ ගෙවත්තට ඇදෙන සර්පයන් ගැමියන් අල්ලා ගෙන වෙනත් ස්ථානයකට ගෙන යන්නේ ඇයි?
4. ගැමියන් මඩොල් දූවට නොයන ප්‍රධාන හේතුව කුමක් ද?
5. ගැමි විශ්වාසය අනුව සොරුන්ගේ ඉදිරිපත් වීමෙන් මඩොල් දූවේ ඇත්තේ මොනවා ද?   

මෙම ප්‍රකාශ නිවැරදි ද? වැරදි ද? තනි වචනයෙන් පිළිතුරු දෙන්න.

1. හේන එල්ලේ ගඟ මැද පිහිටි දූපත ගැමියන් හඳුන්වනු ලැබුවේ “මඩොල් දූව” නමිනි.
2. හතර අතින් ම ජලයෙන් වටවී ඇති ගොඩබිමක් දූපතක් ලෙසින් හැඳින්විය හැකි ය.
3. මඩොල් දූව ගැමියන් අතර වඩාත් ප්‍රකට වී තිබුණේ සර්ප විමානයක් සහ හොල්මන් අවතාර බහුල වනයක් ලෙසිනි. 
4. අවට ගම්වාසීන් තම ගෙවතුවලට ඇදෙන සර්පයන් අල්ලා ගඟ දියට විසි කරන්නේ සර්පයන් මරා දැමීමට ඇති අකමැත්ත නිසා ය.
5. මඩොල් දූව යකුන් අරක්ගත් තැනක් නිසා මන්ත්‍ර ගුරුකම් කරන්නෝ සිය ගුරුකම් කටයුතු සඳහා මඩොල් දූව යොදා ගනිති.
6. පුරාණ රජ දවස සොරුන් විසින් තනන ලද ගල්ගුහා සහ පොකුණු මඩොල් දූවේ ඇති බවට ගැමි විශ්වාසයක් පවතී. 
7. දී ඇති ඡේදයෙන් විස්තර වන්නේ කොග්ගල ඔයේ ඇති දූපත් සමූහයේ පොදු ලක්ෂණයි.

පහත දක්වනු ලබන වාක්‍ය ව්‍යාකරණානුකූලව නිවැරැදිව සකස් කොට නැවත ලියන්න.

1. අපේ හේන එල්ලේ ගඟ මැද දූපතක් පිහිටා ඇති බව අපිට දැකගත හැකි වීම සතුටකි. 
2. හතර අතින් ම ජලයෙන් යට වූ ගොඩබිමක් දූපතක් ලෙස හැඳින්වීමේ දොසක් නැත්තී ය.
3. අවට ගම්වල ගැමියන්, සර්පයන් අල්ලා මලුවල දමා ගෙන දූපතට ගෙනැවිත් දමති.
4. ගඟ දියට වැටෙන සර්පයන් දියේ ගිලී මැරෙති.
5. ගැමි විශ්වාසයට අනුව මඩොල් දූව යක්ෂයෝ අරක්ගත් තැනකි.
6. ගඟෙහි මසුන් මරණ ඔරුකාරයන් මඩොල් දූව දෙසට රැයෙහි නොයති.
7. හොල්මන්, අවතාර විශ්වාස නොකරන්නෝ දූපතට යන්නට බිය නොවෙයි.



Saturday, January 8, 2022

English Language - Exercises - for Grade 6/7 & 8 students

                    




English Language Exercises - Grade 6/7 & 8 students

A] Fill in the blanks with the correct letter/letters.

1. w....ath...r

2. cl...ud

3. summ...ry

4. gr...mm...r

5. p.... ....ce

6. p... ...ce

7. r...bb...t

8. s...mm...r

9. gr... ...nd

10. sm...l...

11. bo...nd...ry

12. h... ...see

13. sw...ll...w

14. j... ...ce

15. t...dy

16. tr...angl...

17. m...d...cin...

18. ...l...ph...not

19. v...s...bl...

20. r...v...r


 B] Fill in the blanks with the appropriate form of the words given in the brackets.

1.     1. Mr Silva’s speeches are …………………. I do not like his speeches. (bore)

2.     2My two friends are very ………………. .  (ambition)

3.     3. I am so ………………. that I am going to fly tomorrow for the first time in my life.  (excite)

4.      4.   Women are in this tribe wear these long dresses ………………….. (tradition)

5.  5. Rayan’s job is painting houses and fixing wallpaper on the walls. He is   a/an ………………….. . (decorate)

6.  6. Are you want to go to the city hall for listening to Mr Chamara’s …………………? (present)

7. 7. As I understood you are not …………………… in studying Computer Hardware course. (interest)

8.      8.  Kamala is a very …………………. woman. (determination)

9.     9. There will be a friendly …..…… between two school teams. (rival)  

  10. Is this going to be your final ………………….. ? (decide)

111. I do not like these films. They are ……………….. .  (awful)

112. I am ……………… with her behaviour. (disgust)

 

Wednesday, January 5, 2022

බුදු දහම - ඔබේ ජීවිතයට

 බුදු දහම - ඔබේ ජීවිතයට

         

"දුල්ලභෝ අංග සම්පන්නෝ" -  'අංග සම්පූර්ණ පුද්ගලයන් දුර්ලභ ය.'

මේ ප්‍රකාශය හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්. මේ ප්‍රකාශයේ 'අංග' කියන්නේ ශරීරාංග ගැන සැලැකිල්ලට ගෙන ම නෙවෙයි. මෙහිදී ඉස්මතු කරන්නේ මිනිසුන් තුළ පවතින ගුණාංගයි.

'ගුණාංග' කියන යෙදුමත් කල්පනාවෙන් තේරුම්ගත යුතුයි. හේතුව, පුද්ගලයාගෙන් පුද්ගලයාට ගුණාංගයන්ගේ ස්වභාවය වෙනස් වන නිසයි.

 මූලික වශයෙන් ම අප අවබෝධ කර ගෙන ඇති කරුණක් තමා හැම පැත්තකින් ම, හැම කරුණකින් ම හොඳ කෙනෙකු සොයා ගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවන බව. හැම මිනිසකු ම හා ගැහැනියක සමන්විත වන්නේ හොඳ හා නරක මිශ්‍රණයකින් යුතුවයි.

හැම අතින් ම හොඳ සහ නිර්දෝෂී පුද්ගලයන් සොයා ගන්නට නැතිවා සේ ම සර්ව සම්පූර්ණයෙන් ම දුෂ්ට කුරිරු අයහපත් මිනිසුන් ද සොයා ගැනීම කළ නොහැකියි. 

අප කෙනෙකු හොඳ කෙනෙකු ලෙස හඳුන්වන්නේ අපට හැඟෙන ආකාරයට අදාළ පුද්ගලයාගේ සමාජීයය හැසිරීම යහපත් නිසයි. එසේ ම අප කෙනෙකු නරක යැයි තීරණය කරන්නේත් කලින් ආකාරයට ම අප විසින් සිතාමතා ගනු ලබන තීරණ මතයි. ඒ අනුව කල්පනා කරන විට අපට හැඟී යා යුත්තේ කිසිවකු ම සර්ව සම්පූර්ණයෙන් ම නරකයැයි තීරණය කිරීම එතරම් ම සුදුසු නොවන බවයි. එසේ ම හොඳ ම යැයි අප විසින් තීරණය කරනු ලබන පුද්ගලයා තුළ ද යම් තරමක අගුණ තිබිය හැකි බවයි.

සමාජයේ අනෙක් අය ගැන තීරණ ගැනීම අප පහසුවෙන් කළත් අපට අපහසු වන්නේ අප ගැන නිසි තීරණ ගැනීමයි. අප එය කෙළින් ම පිළිගැනීමට අකමැති වූවත් ඇත්ත තත්ත්වය එයයි. 

එය මට මෙන් ම ඔබටත් පොදු කරුණක්. 

ඒ නිසා අනෙක් අයගේ හොඳ නරක ගැන කල්පනා කරන්නට පෙර අප ගැන පුළුල් ලෙස කල්පනා කොට අපේ සැබෑ තත්ත්වය වටහා ගැනීමට උත්සාහ කිරීමත් අප කළ යුත්තක් බව සිහි තබාගත යුතුයි.

අප හොඳ ද?  නරක ද?  අප වෙතින් පළ වන්නේ හොඳ ද? නරක ද? මේ ගැන විමසා බැලීම තමා සැමට ම කලින් වැදගත්.

අප විසින් සමබර මනසින් යුතුව වටහා ගන්නා හොඳ ගුණාංග වඩාත් දියුණු කොට ගෙන නරකයැයි සම්මත ගුණාංග ඈත් කොට දැමීම කළ හැකි නම් එය අපට මෙන් ම අප ඇසුරු කරන බොහෝ දෙනකුගේ ද හිතසුව පිණිස යොදාගත හැකි බව අමතක නොකළ යුතුයි.

හැම අතින් ම අංග සම්පූර්ණ මිනිසුන් ලෝකයේ විරල බව ඇත්තක්. එහෙත් මුලින් අපේ යහපත් බව වැඩි දියුණු කර ගැනීම තුළින් තවත් එක අයකු හෝ වඩාත් යහපත් කරගත හැකි නම් එයත් අප අපේ ජීවිත කාලය තුළදී ම ලබන ජයක් බව පිළිගත යුතුයි.

Tuesday, January 4, 2022


 3 ශ්‍රේණිය - සිංහල 

පහත දී ඇති ඡේදය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු 
සපයන්න.
හවස් යාමයේ අහස වැහි බරවී තිබිණි. සුළඟ හමා ගියේ ගස් අතු 
තදින් සොලවමිනි. සිහින් වැහි බිඳු ඒ සුළඟ හා මුසුවී ගියේ සිරුරට 
සිසිලක් දෙමිනි. ඈතින් ඇසෙන ගෙරවුම් හඬ සිතට ගෙන එන්නේ 
බියකි. දෑස් ඉදිරියේ පෙනී නොපෙනී යන අකූණු ඒ බිය තව 
ගුණයකින් වැඩි කරන තරම් ය. අඩි පාර දිගේ හනි හනිකට ආ 
 තාත්තා  ගෙට ගොඩ වූවා පමණි. මහ හඬක් ඇති කරමින් මහ වැසි වසින්නට පටන් ගති.

1. ගස් අතු සොලවමින් හමා ගියේ කුමක් ද? ...................
2. සිරුරට සිසිලක් දැනුණේ කුමක් නිසා ද?  ...................
3. සිතට බියක් ගෙන එන්නේ කුමක් ද?       ...................
4. දෑස් ඉදිරියේ  පෙනී  නොපෙනී  යන්නේ කුමක් ද ? .................
5. ‘ඉක්මන් ගමනින්’ යන්නට සමාන යෙදුමක් ඡේදයෙන් සොයා 
   ලියන්න.    ...........................................
6. ‘සිසිල’ යන්නට සමාන පදයක් ලියන්න.  .....................
7. ‘වැඩි’ යන පදයේ විරුද්ධ පදය ලියන්න.  .....................
 
3 ශ්‍රේණිය - ගණිතය