Wednesday, June 10, 2020

පහ ශ්‍රේණිය - ශිල්ප අත්වැල - අභ්‍යාසය


           


පහ ශ්‍රේණිය - ශිල්ප අත්වැල - අභ්‍යාසය 


                                                                                      බස්නාහිර 







                                                                                                                                                                                                                                                 දකුණ

රේඛා සටහනෙන් දක්වා ඇත්තේ දිශා අට විහිදී ඇති ආකාරයයි. 
සටහනේ දිශා දෙකක් පමණක් නම් කොට ඇත.
පහත දක්වා ඇති ප්‍රශ්න පදනම් කොට ගන්නේ මෙම දිශා දක්වන සටහනයි.
  
1) උතුරු දිශාව සහ නැගෙනහිර දිශාව අතර  පිහිටා ඇත්තේ
  අ) දකුණු දිශාවයි  ආ) ඊසාන දිශාවයි   ඇ) නිරිතදිග දිශාවයි

2) බස්නාහිර දිශාව සහ දකුණු දිශාව අතර පිහිටා ඇත්තේ
   අ) උතුරු දිශාවයි   ආ) නැගෙනහිර දිශාවයි  ඇ) නිරිතදිග දිශාවයි

3) ඊසාන දිශාව පිහිටා ඇත්තේ
   අ) උතුරු සහ නැගෙනහිර දිශා අතරය
   ආ) බස්නාහිර සහ දකුණු දිශා  අතරය
   ඇ) නැගෙනහිර සහ දකුණු දිශා අතරය 

පහත දැක්වෙන ඡේදයේ රූපයකින් දක්වා ඇති ස්ථානයට ගැළපෙන නිවැරදි වචනය ලබා දී ඇති පිළිතුරු අතරින් තෝරා අංක 4, 5 සහ 6 යන ප්‍රශ්නවලට පිලිතුරු සපයන්න.
සෙමින් සෙමින් පාද තබමින් ඉදිරියට ගමන් කරන                  
දෙස              
                                         බලා සිටියේය. ඉබ්බාගේ මේ සෙමින් ගමන හාවාට නම් විහිළුවක් වැනි විය. දිවීමේ තරගයක් ගැන කතාබහ කරගත් දෙදෙනාම ඉන්පසු                           හමු වන්නට ගියහ.


 
4) රූපයට ගැළපෙන පදය තෝරන්න.
අ) ඉබ්බා       ආ) ඉබ්බකු    ඇ) ඉබ්බෙක්


5)  
රූපයට ගැළපෙන පදය තෝරන්න.
අ) හාවා       ආ) හාවෙකු     ඇ) හාවකු


6) 
රූපයට ගැළපෙන පදය තෝරන්න .
අ)  නරියකු      ආ) නරියෙක්     ඇ) නරියා 

නිවැරදි පිළිතුර තෝරන්න.
7) අද උදෑසන පන්තියේදී ප්‍රසන්න පන්ති නායකයා ලෙසින් පත් කර  
   ගනු ලැබීය. ඊට හේතුව / හේතූන් ලෙසින් සැලකිය හැක්කේ,
   අ) ප්‍රසන්න දිනපතාම ප්‍රමාද නොවී පාසැලට පැමිණීමය.
   ආ) ඔහුගේ හැසිරීම ඉතා හොඳ වීම සහ පන්ති වැඩ ඔහු හොඳින්  
       කිරීමය.
   ඇ) ප්‍රසන්න පන්තියේ අනෙක් ළමයින්ට වඩා උසින් වැඩි වීමය.

පහත දක්වා ඇති ප්‍රශ්නවල වැරදි අදහසක් අඩංගු පිළිතුර තෝරන්න.
8)  අ)  ශ්‍රී ලංකාව දූපතකි. එය පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේය.   
    ආ) ශ්‍රී ලංකාව දූපතකි. එහි අසල්වැසිම රට වන්නේ මාල දිවයිනයි.
    ඇ) ශ්‍රී ලංකාව දූපතකි. එය වටා ඇති සාගරයෙන් මත්ස්‍ය සම්පත  
        ලැබේ.

9) අ) ශ්‍රී ලංකාවේ ජීවත්වූ මුල්ම ජන කොටස් හඳුන්වන්නේ පොදුවේ 
      ‘ආදිවාසීන්‘ ලෙසය.
   ආ) ඒ ජනතාවගෙන් පැවත එන ජන කොටස් අදත් ජීවත් වේ.
   ඇ) ආදිවාසීන්ගේ නායකයා හඳුන්වන්නේ ‘ආදිවාසී රජු’ හැටියටය.

10)  “හේන් උලාකෑම“ යනු
     අ) නොයෙක් සතුන් පැමිණ හේනේ වගාව විනාශ කොට දැමීමයි.
     ආ) හේනේ ඇති විශාල ගස් කපා දැමීමයි.
     ඇ) හේනේ ඇති විශාල ගස් කපා දමා වඩාත් හොඳින් 
         එළිපෙහෙළි කොට ගැනීමයි.






පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව - පිළිතුරු පාඩම

පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව - පිළිතුරු පාඩම




වැදගත් - ප්‍රශ්න පත්‍රය සැකසීමේදී “ධාරාණිපාත” යන වචනය තුන්වැනි ප්‍රශ්නයට අදැාළව භාවිත කොට ඇත.
එම වචනය “ධාරානිපාත” ලෙස නිවැරැදි විය යුතු බව කාරුණිකව සැලකිල්ලට ගත යුතුය.
ඒ ගැන අපගේ කනගාටුව.


පහත දී ඇති කොටස ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.


“‘කපනවා’ යන ක්‍රියා පදය විවිධ පද, විවිධ අර්ථ දනවමින් බස් වහර සරසයි. ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නා කපන වැස්ස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථ නිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය’ යන්නට පටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති. තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කප නහන’ යන පද දෙකේ පෙරළියෙන් බවයි. ‘කප’ හෙවත් කල්පය අවසානයෙහි මහා වර්ෂාවක් එතියි බෞද්ධයෝ අදහති. මේ වැස්ස කප නහන්ට සමත් වන නිසා ඊට ‘නහ කපන්ට’ පුළුවන් බව කියැවේ. ‘නහ කපන්නට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.” 

1) ’කඳු නාය යෑම‘ යනු කුමක්දැයි ඔබේ වචනයෙන්  ලියන්න.

අධික වර්ෂාව ලැබීම නිසා පසින් සැදි කඳුවල තෙතමනය ඉහළ යයි. ඒ නිසා පස් අතර බැඳීම ලිහිල්වන අතර පස් සේදීමේ ස්වභාවය වැඩි වෙයි. මේ නිසා පස් කොටස් වැසි ජලයෙන් සේදෙමින් පහළට කඩා වැටෙන්නට පටන් ගනියි. ‘කඳු නාය යෑම‘ යනු එයයි.  


(ඔබේ පිළිතුරට අදාළ අදහස ඇතුළත් වීම සෑහේ. අදහස නිවැරැදිව පළ වේ නම් පිළිතුර සඳහා ලකුණු ලැබේ.)  

2) ‘බස් වහර’ යන යෙදුම පහදන්න.
‘බස් වහර’ යනු ‘භාෂා ව්‍යවහාරය’ යන යෙදුම වෙනුවට යොදා ගෙන ඇති සරල සිංහල වචනයි. මෙයින් අදහස් වන්නේ බස හෙවත් භාෂාව සාමාන්‍ය භාවිතය එහෙමත් නැති නම් එදිනෙදා කතාබහ සඳහා යොදා ගැනීම ගැනයි.

   (ඔබේ පිළිතුරට අදාළ අදහස ඇතුළත් වීම සෑහේ. අදහස නිවැරැදිව පළ වේ නම් පිළිතුර සඳහා ලකුණු ලැබේ.)  

3) ‘මහා වර්ෂාව’ යන යෙදුම වෙනුවට ‘ධාරානිපාත වර්ෂාව’ යන යෙදුම භාවිත කළ හැකි ද? නොහැකි ද? 
භාවිත කළ හැකියි.

4) මේ පද පෙරළි පහදන්න.
   අ) මන්න පිල - පින්න මල
   ආ) වත්තල පිංගෙඩිය   - පිත්තල වංගෙඩිය

5) “වැස්ස වහිනවා - අකුණු හඬනවා” - ‘අකුණු හඬනවා’ යන ඔබේ වචනයෙන් පහදන්න.

අපේ සාමාන්‍ය භාවිතයේ ඇත්තේ ‘අකුණු ගහනවා’ යන්නයි. අකුණක් යනු විදුලිය කෙටීමක් වුවත් අකුණ යනු ඊටත් එහා ගිය තරමක් දැඩි ඒ වගේම දරුණු ස්වභාවයක් ගත් විදුලිය කෙටීමක් ලෙස ගත හැකියි.
‘අකුණු හඬනවා’ යනුවෙන් අදහස් කර ඇත්තේ විදුලිය කෙටීමට පසුව ඒ හා සමගම නැගෙන ගෙරවුම් හඬයි. ඒ හඬ කවියා අකුණෙන් නැගෙන හැඬුම් නාදයක් ලෙසින් හඳුන්වා ඇතැයි කිව හැකියි.   

(ඔබේ පිළිතුරට අදාළ අදහස ඇතුළත් වීම සෑහේ. අදහස නිවැරැදිව පළ වේ නම් පිළිතුර සඳහා ලකුණු ලැබේ.)  

6) ඉහත කොටසේ ඇති පහත දක්වන වචන  සඳහා සමාන පද ලියන්න.
  
  අ) වැස්ස - වර්ෂාව  
  ආ) බස්  - භාෂාව




Saturday, June 6, 2020

පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව - අභ්‍යාසය

පහ ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව
පහත දී ඇති කොටස ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

“‘කපනවා’ යන ක්‍රියා පදය විවිධ පද, විවිධ අර්ථ දනවමින් බස් වහර සරසයි. ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නා කපන වැස්ස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථ නිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය’ යන්නට පටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති. තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කප නහන’ යන පද දෙකේ පෙරළියෙන් බවයි. ‘කප’ හෙවත් කල්පය අවසානයෙහි මහා වර්ෂාවක් එතියි බෞද්ධයෝ අදහති. මේ වැස්ස කප නහන්ට සමත් වන නිසා ඊට ‘නහ කපන්ට’ පුළුවන් බව කියැවේ. ‘නහ කපන්නට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.” 

1) ’කඳු නාය යෑම‘ යනු කුමක්දැයි ඔබේ වචනයෙන්  ලියන්න.
2) ‘බස් වහර’ යන යෙදුම පහදන්න.
3) ‘මහා වර්ෂාව’ යන යෙදුම වෙනුවට ‘ධාරාණිපාත වර්ෂාව’ යන යෙදුම භාවිත කළ හැකි ද? නොහැකි ද? 
4) මේ පද පෙරළි පහදන්න.
   අ) මන්න පිල -
   ආ) වත්තල පිංගෙඩිය   - 
5) “වැස්ස වහිනවා - අකුණු හඬනවා” - ‘අකුණු හඬනවා’ යන යෙදුම ඔබේ වචනයෙන් පහදන්න.
6) ඉහත කොටසේ ඇති පහත දක්වන වචන  
   සඳහා සමාන පද ලියන්න.
  අ) වැස්ස  
  ආ) බස් 


Monday, June 1, 2020

Rearrange the words to make complete meaningful sentences. - Answers


I hope that you have done the exercise. - Answers

Rearrange the words to make complete meaningful sentences.
දී ඇති වාක්‍යවල ඇති වචන පිළිවෙළින් නැවත සකස් කොට සම්පූර්ණ සහ අර්ථවත් වාක්‍ය සාදන්න.
 When rewriting please be careful to use capital letters and other punctuation symbols in the correct places. 
වාක්‍ය නැවත ලිවීමේදී  සුදුසු ස්ථානවල කැපිටල් අකුරු යොදා ගැනීමටත් අවශ්‍ය අනෙක් විරාම ලකුණු භාවිත කිරීමටත් කරුණාකර සැලකිලිමත් වන්න.

1) plays / the / day / John / in / every / park 
    John plays in the park every day.

2) United Kingdom / plans / have / I / to / next /  
     to  / year / go / the
     I have plans to go to the United Kingdom next  
     year.

3) to / today / I / to / want / the / library / go 
    I want to go to the library today.

4) football / play / Surendra / a / player / is / in /          but / not / is / position / he / to / the / team / for      / school / good / a
    Surendra is a good football palyer, but he is not      in a position  to play for the school team.   

5) book / this / it / new/ is / my / is / very / and /          costly 
    This is my new book and it is very costly.

6) father / on /office / his / my / his / to / way
     My father on his way to his office.

7) the / Australia / great / is / popular / barrier / a /      reef / tourist / in / attraction
    The Great Barrier Reef is a popular tourist              attraction in Australia.   

8) books / we / table / to / getting / this / for /              these / on / others / keep / attention / want
    We want to keep these books on this table for        getting others attraction.

9) every / is / our / attendance / marking / the /            class / day / in / taecher / the / tregister /                  morning 
    Our class teacher is marking the attendance            register every day in the morning.

10) world-renowned / the / musicle / is / guitar /           but / a / instrument / simple 
      The Guitar is a simple but world-renowned musical instrument.