This blog is mainly for Educational purposes.Adding entertaining chapters from time to time.
Saturday, February 16, 2019
Friday, February 15, 2019
ඉත්තෑ පාඩම
මේ ශීත ඍතුවයි. ඒත් වෙන වාරවලට වඩා මෙවර ශීතල බොහෝම වැඩියි. වනන්තරේ හුඟාක් සතුන් මේ දැඩි ශීත කාලගුණය ඉවසන්නට බැරිව මිය යන්නට පටන් ගත්තා.
වනයේ වෙසෙන ඉත්තෑවුන්ටත් මේ දැඩි ශීත ඒ විදිහටම බලපෑවා. හැබැයි ඔවුන් නම් තීරණය කළේ මේ තත්ත්වයට හොඳින් මුහුණ දිය යුතු බවයි.
ඉත්තෑවුන් තීරණය කළා හැම දෙනාම එකට එකතු වෙලා අනෙක් කෙනාට ඉතාම සමීපව සිටිමෙන් හැම දෙනාටම උණුසුම ලැබිය හැකි බව.
ඒ අනුව ඔවුන් රංචු ගැහී හැම දෙනාම අනෙකාට හැකි තරම් සමීපව ඉඳිමින් ශීතල වළක්වා ගත්තා.
ඒ වුනත් බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් ඇති වුණා එකිනෙකාට ළං වෙන හැම විටකදීම ඉත්තෑ සිරුරේ ඇති කූරු අනෙකාගේ ඇඟේ හැපීමෙන් තුවාල ඇති වෙන්නට පටන් ගත්තා. මෙන්න මේ හේතුව නිසා ඉත්තෑවුන් අතර නොසන්සුන්තාවක් ඇති වුණා. කවුරුවත් කැමති වුණේ නැහැ අනෙකා නිසා තුවාල හදා ගන්නට.
ඔන්න ඒ අය එකිනෙකාගෙන් ඈත් වෙන්නට පටන් ගත්තා. අනේ! එහෙම වුණහම මොකද වුණේ ? තනි වෙන ඉත්තෑවුන් අධික ශීතල නිසා මියෙන්නට පටන් ගත්තා.
දැන් නම් ඔවුන්ට තීරණයක් ගත යුතුම වුණා. තුවාල ඇති වුණත් එක ළඟටම වෙලා ඉඳලා ශීතලෙන් බේරෙනවද, නැතිනම් වෙන් වෙන්ව ඉඳලා මිය යනවාද කියලා.
අවසානයේ ඉත්තෑවුන් තීරණය කළේ නැවතත් එකට හිඳිමින් ශීතලට මුහුණ දිය යුතු බවයි.
ඔවුන් තීරණය කළේ අනෙකාගේ සිරුරේ ඇති කූරු නිසා ඇතිවෙන සුළු තුවාලය ඉවසා දරා ගෙන ළංව හිඳිමින් හැම දෙනාම දැඩි ශීතලෙන් ආරක්‍ෂා විය යුතු බවයි.
මේ පිළිවෙළ දිගටම අනුගමනය කළ නිසා ඉත්තෑවුන් සාර්ථකව දැඩි ශීතලට ඔරොත්තු දෙන තත්ත්වයකට පත් වෙලා දිවි ගලවා ගත්තා.
සුළු අඩුපාඩුකම් ඇති වුවත් ඒවා ඉවසා දරා ගෙන සහ ඒ සඳහා කුමන හෝ පිළියමක් යෙදීමෙන් ඒවාට මුහුණ දෙන්නට ලක ලැහැස්ති වීමෙන් ප්‍රශ්න සඳහා සාර්ථකව මුහුණ දිය හැකියි.
ඒ තමා ඉත්තෑ පාඩම.
(මූලාශ්‍ර ඇසුරෙනි.)
Thursday, February 14, 2019
Wednesday, February 13, 2019
"විදෙස් රටින්" - විකිණිමට තිබේ, දූපතක්.
දූපතක් විකිණිමට ඇත.
අප අවට සමාජයේ බොහෝ දේ විකුණන්නට තිබේ. එදිනෙදා ජීවිතයට අවශ්‍යදේ මෙන්ම එසේ නොවන යම් විශේෂදේද විකුණන්නට තබා ඇති අවස්ථා අපට දකින්නට ලැබේ. එසේම අසන්නට ලැබේ.
මේ එවැනි විශේෂ අවස්ථාවක් පිළිබඳව අන්තර්ජාලයෙන් උපුටා ගත් සටහනකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මේ අපූරු පුවත අසන්නට ලැබේ. එහිදී ඔබට මිලදී ලබා ගත හැක්කේ දූපතකි. ඒ දූපතත් අප සාමාන්‍යයෙන් දන්නා පරිදි ස්වාභාවිකව සකස්වූ බිම් කොටසක් නොවේ. මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කළ දූපතකි.
තවත් විසතර කරනවා නම් ඇත්තටම එහි ඇත්තේ දූපත් හතරකි. සිහින දූපත(Dream Island), පවන් දූපත(Breeze Island), නිදන් දූපත ( Treasure Island) සහ දැකුම් දූපත (View Island) ලෙසින් ඒ දූපත් හතර නම් කොට ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උතුරු දෙසට වන්නට පිහිටා ඇති මේ දූපත් එකතුව අක්කර හයසිය හැටක බිම් ප්‍රමාණයකින් යුතුය. වර්ග අඩි ප්‍රමාණය මිලියන පහකි.
මේ අපූරු දූපත නම් කොට ඇත්තේ “අල් මර්ජාන්” ලෙසය. ‘අල් මර්ජාන් ’ සිට බැලූ විට අරාබි ගල්ෆ් කලාපයේ අති මනරම් දසුන් දැකිය හැකි බවයි කියැවෙන්නේ. එසේම ඇතැම් විට දකින දේ නිසා කිසියම් ත්‍රාසජනක බවක්ද ලැබිය හැකියි. කෙසේ වෙතත් මේ දූපතේ අරමුණ වන්නේ එහි ජීවත් වන අයට උපරිමයෙන්ම අධි සුඛෝපභොගී ජීවන අත්දැකීමක් ලබා දෙන්නටය.
සුන්දර වෙරළ තීර, සුඛෝපභොගී නාන තටාක මෙහිදී හමු වන අතර අධි සුඛෝපභෝගී ජීවන රටාව මෙහි වසන්නන්නට උරුම වනු ඇත.
‘අල් මර්ජාන්’ මිල කොට ඇත්තේ පවුම් මිලියන තුන්සිය හැටකටය. ඩොලර් නම් මිලියන හාරසිය හැට දෙකකි.
මේ තත්ත්වය අපට නම් අනන්තය දිහා ඇති සිහිනයක් මෙන් වුවත් මේ තත්ත්වයට ඔරොත්ත දිය හැකි ධනවතුන් ලෝකයේ ඕනෑ තරම් සිටිය හැකිය. ඔවුන්ගෙන් කිසිවකු නුදුරේදීම ‘අල් මර්ජාන්’ මිලට ගනු ඇත.
(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Tuesday, February 12, 2019
Monday, February 11, 2019
Sunday, February 10, 2019
Saturday, February 9, 2019
Subscribe to:
Posts (Atom)