කිලිටු රෙදි බැනියම්
ඇඳුම් නාඳිනු කිසියම්
පිරිසිදු නිසි ඇඳුම්
අඳින් හැම කල නුඹට ඇත්නම්
අපි මුලින් ම කවියේ වචනවලින් කියැවෙන දේ ගැන අවධානය යොමු කරමු.
කිලිටු - අපිරිසිදු/අපවිත්‍ර
රෙදි බැනියම් - මේ ඇඳුම සම්බන්ධයෙන් නම් බොහෝ දරුවන්ට ප්‍රශ්නයක් ඇති විය හැකියි. හේතුව අද සමාජයේ බහුලව මේ ඇඳුම දකින්නට නැති නිසා. මෙහි ‘බැනියම්‘ යන වචනයෙන් හඳුන්වන්නේ කමිසයට යටින් අඳින අත් දිග හෝ අත් කොට හෝ සාමාන්‍ය ‘මේස් බැනියම’ කියා හඳුන්වන ඇඳුම් වර්ගය නොවන බව මුලින් ම තේරුම් ගැනීම වැදගත්.
මෙහි ‘බැනියම්’ කියන්නේ, සාමාන්‍ය පිරිමි සිරුරක ගෙල ප්‍රදේශයේ සිට ඉණ ප්‍රදේශයෙනුත් පහළට වැටෙන සේ අඳින දිග ඇඳුමකට.
මේ කුඩා දරුවාගේ ඇඳුම දෙස බලන්න. අප තේරුම් කරන්නට උත්සාහ කරන රෙද්ද සහ බැනියමට අපට දිය හැකි උදාහරණයක් මේ.
පිරිසිදු තමන්ට ගැළපෙන ආකාරයේ ඇඳුම් ඇඳීම හැම විට සුදුසු බව කීවත් එසේ කළ යුත්තේ එවැනි දෑ තමන්ට ඇති නම් පමණයි. කවියේ අවසාන පදයෙන් ප්‍රකාශ වන්නේ එයයි.
අප මඳක් කල්පනාවට ගත යුතු තැනක් ඒ. හොඳ ඇඳුම් / පිරිසිදු ඇඳුම් ඒ වගේ ම යන තැනට අඳින්නට ගැළපෙන ඇඳුම් සමාජයේ හැම දෙනාට ම /හැම දරුවාට ම එක හා සමානව ලැබෙන්නේ නැහැ. ඒ විදිහට නිතර අඳින්නට හැකි අය වගේ ම නිතර එවැනි ආකාරයට ඇඳුම් භාවිත කරන්නට නොහැකි අයත් ඉන්නවා.
එවැනි කොටස් ගැන අප කොයිකාටත් දරුවන්ට වුවත් යම් අවබෝධයක් තිබීම වැදගත්.
කවියෙන් අපට ලැබෙන උපදෙස්
1) තමන්ගේ ඇඳුම පිරිසිදුව තිබීම වැදගත් බව.
2) කිළිටි වී ගිය ඇඳුම් ඇඳීමෙන් හැකි හැම විට ම වැළකිය යුතු බව.
3) තමන්ට/තමන්ගේ ගමනට/තමන් යෙදෙන කටයුත්තට ගැළපෙන ඇඳුම් ඇඳිය යුතු බව.
4) තමන්ට හැකි ලෙසින්/ඇති ලෙසින් ඇඳුම් ගැන සැලකිලිමත් විය යුතු බව.
5) ඇඳුම යනු තමන්ව බාහිර ලෝකය මුලින් ම හඳුනා ගන්නා සාධකය බව මතක තබා ගැනීම.
6) පිරිසිදුකම යනු අත්‍යවශ්‍යයෙන් ම රැක ගත යුතු තමන්ට මෙන් ම අනුන්නට ද බලපාන කරුණක් බව.
ස්තූතියි.
නැවත හමු වෙමු.
No comments:
Post a Comment