අද දවසේ කවිය
සබන් ගෑම සහ සබන් නිසා නෑම.
සුවඳ ගහන්නට ගඳ දුරලන්නට සබන්ය භාවිත කර ගන්නේ
විශ ඇති බීජත් නසා දමන්නට සේදුමක්ය අප ඉල්ලන්නේ
කෝටි ගණන් මුදලුත් වැය කරලා පුරසාරම්දෝ දන්වන්නේ
කියනා කිසිවක් සබන් තුළ නැතැයි දැන්නේ කවුරුත් පවසන්නේ
සබන් යන ආර්ථික භාණ්ඩය සාමාන්‍ය මහජනතාව තමන්ගේ දෛනික ජීවිතයේදී භාවිත කරන්නකි. සබන් භාවිතය වාණිජ ලෝකයට අනුරූප ලෙසින් දැන් බෙදීම්වලට ලක්වී පවතී. ළදරුවන් මෙන්ම වැඩිහිටියන් සඳහා භාවිතයට සුදුසු වනසේ නොයෙක් ආකාර සබන් වර්ග වෙළෙඳ පොළ තුළ දැකගත හැකිය.
අද සාකච්ඡාවට භාජනය වන්නේ මේ දෙපාර්ශවයටම අදාළ වන විශබීජ නාශක සබන් වර්ග ගැනය. මෙහිදී පළ වන මතය අදාළ සෑම සබන් වර්ගයකටම පොදු නොවිය හැකිය. ඒ එසේ වුවත් දැනට පවතින තත්ත්වය ගැන අවබෝධයෙන් සිටීම වටී.
විශබීජ නසන බව පවසන සබන්වල පිළිකා කාරක සංඝටක අඩංගු වන බවට මතයක් පළවී තිබේ. ඊට අදාළ වාර්තාද ඇතැම් ස්ථානවල පළවී ඇති අයුරු දැකිය හැකිවී ඇත. ඒ රසායනික වාර්තා ඇත්තක් ලෙස පිළිගත හැකි නම් එම සබන් නිෂ්පාදකයන් කෝටි ගණන් මුදල් වියදම් කරමින් මාධ්‍යවල දැන්වීම් පළ කරමින් මේ කරන්නේ කුමක්ද? ලක්ෂ ගණනින් ජනතාව ප්‍රසිද්ධියේම රැවටීම නොවේද? ඇත්තටම මෙවැනි දෙයක් රටක, ජන සමාජයක දීර්ඝ කාලයක් තිස්සේ විය හැකිද?
තවත් පැත්තකින් අසන්නට ලැබෙන්නේ එවැනිම විශබීජ නසනවාය කියන තවත් සබන් වර්ගයක, මහද්වීපික භාවිත තහනමක් ප්‍රකාශයට පත් කොට ඇති රසායන ද්‍රව්‍යයක් යොදා ගන්නා බවයි.
ඒ රසායන ද්‍රව්‍යයේ සැබෑ භාවිතය වන්නේ සම් පදම් කිරීමය. එහෙත් අපේ රටේ ඒ රසායන ද්‍රව්‍යය විශබීජ නාශක සබන් සඳහා යොදා ගැනෙන බවයි උගත් වෛද්‍ය මතය වී ඇත්තේ. මේ කොයි පැත්තෙන් බැලුවත් ප්‍රශ්නයට මුහුණ පාන්නේ පාරිභෝගික මහජනතාවයි.
අනෙක් අතට මේ සබන් වර්ගවල රූපවාහිනී මාධ්‍ය තුළින් බොහෝ විට දැක ගත හැක්කේ විදේශීය දැන්වීම්ය. සබන් නිෂ්පාදකයා කරන්නේ අදාළ දැන්වීම් සිංහලෙන් හඬ කවා අපේ රටේ මාධ්‍ය හරහා ජනතාව අතරට යැවීමයි. ඇතැම් විට දැන්වීමෙන් අප දකින දේ තුළ ඇත්තක් තිබිය හැකිය. එහෙත් අප රට තුළ ප්‍රචාරය වන අදහස සාවද්‍ය බව දැන් තේරුම් ගත යුතුව ඇත.
දිනපතා භාවිතයට ගැනෙන සබන් කැටය මොනවගේදැයි පැහැදිලි හැඟීමක් සිතට ගන්නට බැරි අපේ රටේ මෙසේ බැලූ විට තවත් මොන තරම් රැවටීම් ඇතිදැයි සිතා ගන්නට නම් අසීරුය.
No comments:
Post a Comment