අද දවසේ කවිය
මහගම සේකර නමත් අභාවප්‍රාප්තවීද?
මහගම සේකර කවුද කියාලා නොදන්න අය ඇත හැම පැත්තේ
එහෙම කෙනෙක් හිටියද කියලාවත් හෝඩුවාවකුත් නැහැ ඇත්තේ
පොතපත, චිත්‍රය, සිනමාවෙන් පෑ කුසලතාව සැඟවී ඇත්තේ
සාහිත ගුරු ගැන කුමන කතාදෝ ඒකයි රට තුළ ඇති තත්තේ
ආචාර්ය ජයලත් මනෝරත්න කලකට පෙර ගුරුතරුව නම්වූ වේදිකා නාට්‍යය නිර්මාණය කළේ රටෙන්, සාමාජයෙන්, පාසැලෙන්, සිසු මනසින් ගිලහී යන සාහිත්‍යය නම්වූ විෂයය ගැන කාටත් මතක් කරන්නටය. එහි එන එක චරිතයක්වූ මුදලාලි ප්ලේටෝට තමන්ගේ සාදයකට සහභාගී වන්නට ආරාධනා කරන්නටයැයි කියයි. ඒ ඔහුගේ නොදන්නා කමය. ඒ චරිතයේ හැටියට නම් ඔහුට ඔහුගේ නොදන්නා කම ගැන සමාවක් දිය හැකිය.
එහෙත් සාහිත්‍යය විෂයය උගන්වන වර්තමාන ගුරු භවතකු මහගම සේකර ගැන නොදැන සිටීම සුබ ලකුණක් නොවේ. මහගම සේකර යනු රජ කාලයේ ජීවත්වූ සාහිත්‍යධරයකු නොවේ. ඔහු කොළඹදී උපත ලබා ඇත්තේ 1929 අප්‍රියෙල් මස හත්වැනිදාය.
ඒ අනුව 2019 අප්‍රියෙල් මස හත්වැනිදා සැමරිය යුත්තේ ඔහුගේ 90 වැනි ජන්ම දිනයයි මහගම සේකර මිය ගොස් ඇත්තේ 1976 ජනවාරියේය. දැනට වසර හතළිස්තුනකට පෙරය. අද වෙසෙන හැම දෙනාම ඒ කාලයට අයත් නොවූවන් වුවත් සේකර වැනි අය කවදටත් ජීවත් වන්නේ තමන්ගේ කලා නිර්මාණ නිසාය. ගීත පද රචනා, කාව්,ය නවකතා, චිත්‍ර හා සිනමාව ඔහු ඇසුරු කළ මාධ්‍යයයන් බව අඩුම වශයෙන් ශ්‍රී ලාංකිකයන් හැටියට හෝ දැන සිටීම අවමානයක් නොවන්නේය.
එහෙත් ප්‍රශ්නය ඇත්තේ සාහිත්‍ය ගුරුවරයකු මහගම සේකර ගැන නොදැන සිටීමම නොවේ. එතැනින් එහාට සහ මෙහාට ප්‍රශ්න රැසක් ගැන ඉඟියක් නැගේ.
වර්තමානයේ ගුරුවරු ලෙස කටයුතු කරන ගුරුවරු තමන්ගේ විෂයය හා ඊට අනුබද්ධිත වටපිටාව ගැන හොඳින් දැනුවත්ද? හැම ගුරුවරයකුම තම විෂය නිර්දේශය පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවේ. ඒ හා සම්බන්ධ වටපිටාව ගැන නිරන්තර අලුත්වන අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය. එහෙත් එවැනි තත්ත්වයක් නැති බවට සාධක නම් අසන්නට ලැබීම කනගාටුවට කරුණකි. මේ තත්ත්වය සමස්ත ගුරු පරපුරට පොදු නොවූවත් මේ සම්බන්ධයෙන් සිහිපත් නොකොට බැරිය.
සටහන අවසන් කරන්නට පෙර තවත් කරුණක් ඇතුළත් කළ යුතුව ඇත. මුලින් සඳහන් කළ කරුණට අදාළ ප්‍රසිද්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩහටහනට වරක් ගුරු මාතාවක් සහභාගී වූවාය.
ඇයට ලැබුණු එක ප්‍රශ්නයක් වූයේ 'ඳුදනොඳ බිඳ - බඳ තෙද කඳ- කඳ දෙව් රජ සාමිනේ' පැදි පෙළ කාගේ නිර්මාණයක්ද යන්නයි අහෝ! ඈ එවැනි නිර්මාණයක් ගැන දැන නොසිටියාය
එසේ නම් අප දරුවන්ගෙන කුමක් අපේක්‍ෂා කරන්නද?
No comments:
Post a Comment