This blog is mainly for Educational purposes.Adding entertaining chapters from time to time.
Sunday, November 20, 2022
Wednesday, November 16, 2022
Wednesday, November 9, 2022
Monday, November 7, 2022
බුද්ධ ධර්මය - කල්පයක් යනු කුමක් ද?
ගෞතම බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් බුද්ධත්වය ලබා ගැනීමට පෙරුම් පිරූ බව අප දන්නවා.
වචනයෙන් එසේ හැඳින්වුවාට සංඛ්‍යාවෙන් මේ කාලය කොපමණ ප්‍රමාණයක්ද කියා විස්තර කරන්නට බැහැ. අතිදීර්ඝ කාලයක් හැටියට තමා අප සැලකිය යුත්තේ.
දිනක් එක බමුණෙක් බුදුපියාණන් වහන්සේගෙන් කල්පය කියන්නේ කුමක්ද කියා විමසා සිටියා.
එහිදීත් අප තේරුම් ගත යුත්තේ කල්පය කියන වචනයට අයත් කාලසීමාව පිළිබඳ ගැටලුව කොයි කාලයේ තිබූ බවයි
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයට අවුරුදු කීයක් තියෙනව ද?" මේ තමා ඒ බ්‍රාහ්මණයා බුදුරදුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නය.
බුදුපියාණන් වහන්සේ ඊට පිළිතුරක් දුන්නා.
"බමුණ, කල්පයට අයත් අවුරුදු ගණන අසුවල් ප්‍රමාණය යැයි කියා සීමාවක් නියම කරන්නට බැහැ. මා ඔබට උදාහරණයක් මඟින් පැහැදිලි කරන්නම්." කියා බුදුපියාණන් වහන්සේ වදාළා.
බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ උදාහරණය මෙයයි.
"යොදුන් හතක් දිග, යොදුන් හතක් පළල සහ උස යොදුන් හතක් ඇති ගල් පර්වතයක් ගැන සිතා ගන්න. මේ ගල් පර්වතය අවුරුදු සියයකට වතාවක් සිනිඳු සළුවකින් පිස දමනු ලබනවා. බමුණ, ඔය ආකාරයට අවුරුදු සියයකට වතාවක් බැගින් ගල් පර්වතය පිස දමන බව කල්පනාවට ගත හොත් ඔය ගල් පර්වතය ඒ පිස දැමීම හේතුවෙන් ගෙවී ගිහින් බිමට සමතලා වන්නට කොතරම් කාලයක් ගත වේ දැයි කිව හැකිද?"
බ්‍රාහ්මණයා කීවේ, "අනේ භාග්‍යවතුන් වහන්ස, එවැනි කාලයක් ගැන නම් හිතා ගන්නටවත් බැහැ" කියලයි. බුදු පියාණන් වදාළේ, "අන්න ඒ කාලයටත් වඩා කල්පය කියන කාලය දිග බවයි". කල්පය කියන වචනයට අයත් කාලය අප වැනි අයට ලෙහෙසියෙන් විස්තර කරන්නට නොහැකි බව වැටහෙනවා නේද?
මේ සටහනට ඇතුළත් කළ යුතු තවත් කරුණක් සිහිපත් කළ යුතුයි.
එවැනි කල්ප 60ක්ම බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ නොවීම ගෙවිලා ගිය බවයි.
ඒ කල්ප 60 ක කාලය ගෙවී ගිය පසු තමා සිඛී නමින් හඳුන්වනු ලබන බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ වී ඇත්තේ.