දහදිය දැමීම අප කවුරුත් මුහුණ දෙන සාමාන්‍ය සිදු වීමක්. දහදිය දැමීම අප සාමාන්‍යයෙන් සලකන්නේ හිරිහැරයක් ලෙසයි. දහදිය මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඇති වීම වළක්වන්නට බැහැ. ඒ නිසා තමා දහදිය වෙතින් දුඟදක් නැගෙන්නේ. මුහුණේ තැන්පත් වන දහදිය අප පිසදා ඉවත් කළහොත් මුහුණේ කුරුළෑ ඇති වීම වළක්වන්නටත් බැහැ. අධික වශයෙන් දහදිය දැමීම නිසා හිසේත් යම් අපහසුතා ඇති වෙනවා. එවිට කරන්නේ ස්නානයයි. නැති නම් හිස සෝදා දැමීමයි. හිස සේදීමට ඔබ භාවිත කරන ඇතැම් සේදුම්කාරක ද විෂ සහිත විය හැකි බව දැන සිටීම වැදගත්.
සාකච්ඡාවට බඳුන් වූ හැම කරුණක් ම ඇති කරන්නේ දහදිය දැමීම කෙරෙහි යම් ආකාරයක් ප්‍රතිරෝධයක්. ඒ අනුව අපට සිතා ගත හැකි වන්නේ දහදිය දැමීම නතර වුවහොත් අප්‍රසන්නතා සහ අපහසුතා කිසිවක් ම ඇති නොවන බවයි.
එහෙත් දහදිය පිය වීම හා පිට කිරීම නතර වුවහොත් ඇති විය හැකි අනිසි ඵල තිබේදැයි සොයා බලා දැන සිටීම වැදගත්.
සැබැවින් ම දහදිය දැමීම නතර වුවහොත් සිදු වන්නේ කුමක් ද?
දහදිය පිට වීම නතර වුවහොත් සිදු විය හැකි දේ ගැන විමසා බලමු.
දහදිය පිටවීම හෙවත් ස්වේදනය නිසා සම සජල තත්ත්වයකට පමුණුවයි. දහදිය දැමීමක් සිදු නොවුවහොත් සම වියළී යාමේ තර්ජනයක් ඇති වීම වළක්වන්නට බැහැ. සම තෙතමනය සහිතව පවත්වා ගැනීමට අමතර ප්‍රතිකාර කරන්නට සිදු වන තත්ත්වයක් ද ඇති විය හැකියි. සාමාන්‍ය තත්ත්ව යටතේ පිටවන දහදියේ ඇතැම් බැක්ටීරියාටන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ ස්වභාවය සම මත ඇති සියුම් සිදුරු විවෘත කොට ඒවා පිරිසිදු කිරීමේ යම් ක්‍රියාවලියක් ඉටු කරනු ලබනවා.
ස්වේදනය නතර වුවහොත් අහිතකර බැක්ටීරියා සම මත වර්ධනය වීම නතර කළ නොහැකියි. ඒ අනුව දහදිය දැමීම විෂබීජවලින් සම ආරාක්ෂා කර ගැනීමට උපකාරයක් බව පැහැදිලි කර ගත යුතුයි.
විධිමත් ලෙස කරනු ලබන අභ්‍යාස සහ ක්රියාකාරීකම් නිසා උපදින දහදියේ සෝඩියම් ලවණය අඩංගු වන බව පර්යේෂණ මගින් අනාවරණය කොට තිබෙනවා. මේ සෝඩියම් ලවණය රුධිරය මගින් වකුගඩු හා මූත්‍රා මූත්‍රා යනු ශරීර අභ්‍යන්තරයේ ‘ගල්’ ඇති වන ස්ථානයි. දහදියෙන් පෙරී එන සෝඩියම් ලවණය හේතුවෙන් රුධිර පරිමාව වැඩි වන අතර ‘ගල්’ ඇති වීම මෙන් ම හෘදය ආශ්රිිත රෝග ඇති වීම ද යම් පමණකින් පාලනය කර ගනියි.
ඒ අනුව ඔබට වටහා ගැනීමට ඉතා ම වැදගත් කරුණක් තිබෙනවා. දහදිය පිට නොවේ නම් සහ දහදිය පිටවීම යම් ආකාරයකින් වැළකී තිබේ නම් වකුගඩුවල ‘ගල්’ ඇති වීමේ මෙන් ම හෘදය ආශ්රිත රෝග ඇති වීමේ අවදානමට ඔබ ලක්වනු ඇති බවයි.
අප බොහෝ විට නිශ්චිතව ම නොදැන සිටියාට දහදිය දැමීම හේතුවෙන් සිරුරට සිසිලක් ලැබෙනවා. එසේ නම් දහදිය පිට නොවීමක් සිදු වුවහොත් සිරුරට කුමක් විය හැකි ද? එවැනි තත්ත්වයක් ඇති වුවහොත් හිස කරකැවිල්ල, කෙණ්ඩා පෙරළීම, ඔක්කාරය සහ අධික වශයෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යෑම ඇති විය හැකි බැව් වටහා ගැනීම වැදගත්.
අධික ලෙස සිරුරු උෂ්ණත්වය ඉහළ යෑම ජීවිත තර්ජනයක් ඇති විය හැකි අවස්ථාවක්. සිරුරේ උෂ්ණත්වය ෆාරන්හයිට් අංශක 103 වැනි තත්ත්වයකට පත් වීම නොසලකා හැරියහොත් පියවි සිහිය නැති වී යාමේ අවදානමක් ඇති වේ.
දහදිය සමග පිටවන රසායනික සංයෝග අවට සිටින අය කෙරෙහි බලපෑම් ඇති කිරීමට සමත්. පුරුෂ සිරුරු දහදිය හා පිට වන රසායනය කාන්තාවන් ආකර්ශණය කර ගැනීමට තරමට යම් බලපෑමක් ඇති කරනවා.
දහදිය දැමීම ඔබට මේ තරම් බලපෑමක් ඇති කරන දෙයක් බව ඔබ දැන සිටියා ද?
No comments:
Post a Comment