This blog is mainly for Educational purposes.Adding entertaining chapters from time to time.
Tuesday, February 28, 2023
Saturday, February 25, 2023
Thursday, February 23, 2023
Tuesday, February 21, 2023
Sunday, February 19, 2023
දහදිය දැමීම නතර වුවහොත් කුමක් වේ ද?
Friday, February 17, 2023
Thursday, February 16, 2023
Wednesday, February 15, 2023
Sunday, February 12, 2023
Saturday, February 11, 2023
Friday, February 10, 2023
Thursday, February 9, 2023
“ආරෝග්‍යා පරමා ලාභා” - බුදුන් වහන්සේ
’රෝග්‍ය’ යන්නෙන් කියැවෙන්නේ රෝගී බවයි. එසේ ම නිරෝගී නොවන බවයි. ‘ආරෝග්‍යා’ යන්නෙන් පළ වන්නේ නිරෝගී බවයි.
ඇත්තෙන් ම ‘නිරෝගී’ බව යනු කුමක් ද? මේ ප්‍රශ්නයට අප සාමාන්‍යයෙන් දෙන පිළිතුර වන්නේ ‘සනීපයෙන්’ නැති නම් ‘මනා සෞඛ්‍යයෙන්’ සිටින බවයි. ඒ පිළිතුර සාමාන්‍ය තත්ත්ව යටතේ නිවැරැදියි කියා කියන්නට හැකියි.
ඒත් නිරෝගී බව කියන්නේ වඩාත් පැහැදිලි කර ගත යුතු තත්ත්වයේ කරුණක්. ඒ කරුණ ඉතා ම වැදගත්.
මේ කරුණ ඉතා වැදගත් වන්නේ ඇයි? සනීපය නැති නම් සෞඛ්‍යය යන්න ජීවිතයට ඉතා ම තදින් බලපෑම් ඇති කරන තත්ත්වයක් වීමයි. සනීපයෙන් - මනා සෞඛ්‍යයෙන් යුතුව කාලය ගත වී යන විට අපට එහි අගයක් නොදැනෙන තරම්. අප නිසි සෞඛ්‍ය අවවාද උපදෙස් අනුව කටයුතු කරන්නටවත් ඒ තරම් උනන්දු වන්නේ නැහැ. ඒ එසේ වුවත් අඩු ම කරමින් අපට සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවයක් උණ ගතියක් ඇති වුවහොත් ? අන්න එවිට තමා අපට ‘සනීපය’ යන්න වඩාත් හොඳින් තේරුම් යන්නට පටන් ගන්නේ.
අතක ඇඟිලි පහක් ඇති බව අප කවුරුත් හොඳින් ම දන්නවා. ඇඟිලි සියල්ල යම් අනතුරකට භාජනය වන තුරු අපට ඇඟිලිවලින් අපට ඇති නියම ප්‍රයෝජනය හරියාකාරව තේරුම් යන්නේ නැහැ. ඒත් එක ඇඟිල්ලක් හෝ යම්තම් කැපීමකට හෝ ලක් වුවහොත් ඒ ඇඟිල්ල වෙන දා මෙන් භාවිත කරන්නට අපට ලැබෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවල දී තමා අපට ඇඟිලි පහක් ම තිබීමේ වටිනාකම හරියට ම තේැඇම් යන්නේ.
අසනීපත් ඒ අයුරු ම තමා.
“ආරෝග්‍යා පරමා ලාභා” කියා බුද්ධ වචනයෙන් ම සඳහන් වන්නේ ඇයි. මේ වැකිය ඇතුළත් ධම්මපදයේ ගාථාව ඔබ මේ වන විට කී වාරයක් නම් අසා ඇති ද?
නිරෝගීව විසීම ජීවිතයට ලැබෙන උතුම් ම ලාභය බව මේ ධම්මපද වැකියෙන් අදහස් වෙනවා. මේ ප්‍රකාශය කොතරම් වටිනා එකක් ද?
ජීවත්වීම සඳහා දැඩි තරගකාරී ලෙස කටයුතු කරන්නට වන වර්තමානයේ ඇතැම් අයට බොහෝ විට කටයුතු කරන්නට වන්නේ තමන්ගේ සෞඛ්‍යය ගැන නොසිතායි. ඒ තරමට ම ජීවන සටන දැඩි නිසායි. ඒ එසේ වුවත් කාට හෝ කවර හෝ රෝගී තත්ත්වයකින් හෝ පීඩා විඳින්නට සිදු වුවහොත් එවිටත් සිදු වන්නේ ජීවිතයෙන් බැට කන්නටයි.
‘ආරෝග්‍ය’ බව ලැබීමට නැති නම් නිරෝගීව සිටින්නට කළ යුතු හොඳ ම දේ වන්නේ රෝගී වීමට ඇති ඉඩකඩ තමන්ට හැකි ලෙසින් ම වළකා ගැනීමයි. ඒ සඳහා මිල මුදල් යහමින් වැය නොකළ යුතු ආකාරයේ ක්‍රම සහ විධි පිළිබඳ දැනුම්වත් වීම මෙන් ම එවැනි හුරුපුරුදු අනුගමනය කිරීමට පුරුදු වීම යහපත්.
තමන්ගේ දෛනික ජීවිතය පවත්වා ගෙන යන ආකාරයට ගැළපෙන නිරෝගී බව රැක ගැනීමේ චර්යා රටාවකට හුරු විය හැකි නම් වඩාත් හොඳයි.
හොඳින් ම ධාරණය කරගත යුතු කරුණ වන්නේ රෝගී නොවී සිටීමට උත්සාහ කළ යුතු බවයි. “වෙදකමට වඩා හෙදකම හොඳයි” යන කියමන සකස් වී ඇත්තේ නිකම් ම නොවේ. රෝගී තත්ත්වයට පත් වීමකට ඇති ඉඩකඩ අහුරා ගැනීම කළ යුතු බව නිති සිහිපත් කරන්නටයි.
රෝගී සිරුරකට දැනෙන අපහසුව ඇතැම් අවස්ථා යටතේ දරා ගන්නට බැරි තරමේ විය හැකියි. රෝගී සිරුර පමණක් නොවේ. රෝගියකුගේ මනසත් පීඩා විඳින්නේ දුකට පත් වන්නේ රෝගී බව ඉවසා දරා ගන්නට ඇති අපහසුව නිසයි.
තමන් කොතරම් ධනවතකු වුවත් කොයි ආකාරයේ සැප සම්පත් සහිත ජීවිතයක් ගත කළත් දීර්ඝ කාලීන රෝගී බවකට පත් වුවහොත් තමන් අවට ඇති කිසිදු සුඛ විහරණයකින් පළක් නොවන බව තේරුම් යනවා ඇති.
ඒ නිසා තමන්ට හැකි උපරිමයෙන් රෝගී නොවී සිටීමට යත්න දැරීම ඒ සඳහා යොමු වීම ඉතා ම වැදගත් බව අවබෝධ කොට ගෙන සිටීම තමන්ට මෙන් ම අනුන්ට ද යහපත ඇති කරන බව සිහි තබා ගැනීම ඉතා ම වැදගත්.