මවකගේ ඇති දරු සෙනෙහසට සීමා මායිම් නැහැ. ආබාධිත බව ඇගේ සිරුරට බලපාන වෙනසක් පමණයි. ඒ වෙනස නිසා ඇගෙන් පළවන දරු සෙනෙහසට අංශු මාත්‍රයක බාධාවක් ඇති වන්නේ නැහැ.
මේ ඉන්නේ මිස්ට බීන්. ඒ ඔහුගේ චරිතයේ නමයි. ඔහු රෝවන් ඇට්කින්සන්. බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. උපතින් ම කතා කිරීමේ දී ගොත ගහන ස්වභාවයක් පෙන් වූ අයෙක්.
කතා කිරීමේ දී පළ වූ මේ ස්වභාවය නිසා ඔහු බොහෝ රූපවාහිනී වැඩසටහන් සඳහා ප්‍රතික්ෂේපිත චරිතයක් වුණා.
පසුව ඔහු තමන්ගේ ම නිර්මාණයක් ලෙසින් මිස්ට බීන් ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආවා. එයින් ම ඔහු ලෝකය පුරා ඉතා සාර්ථක චරිතයක් බවට පත් වුණා.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ. පෘතුගීසි ජාතික ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක්. අදටත් පෘතුගාලයේ ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
වරක් එක් මවක් ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඒ ඔහුගේ අත්අකුරු සහිත ඔහුගේ ම කමිසයක්. ඒ විනෝදය සඳහා නම් නෙවෙයි.
ඇයගේ අවශ්‍යතාව වුණේ ඒ කමිසය විකුණා ඉන් ලැබෙන මුදල ඇගේ සිඟිති දරුවාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදවන්නටයි.
රොනල්ඩෝ තම අත්අකුරු සහිත කමිසයක් ඇයට ලැබෙන්නට සැලැස්සුවා. ඒත් නිකම් ම නෙවෙයි. ඩොලර් අසූතුන්දහක වටිනාකමක් ඇති චෙක්පතක් ද සමගයි.
දවසක් තිස්සේ වෙහෙස මහන්සි වී උපයා ගත් මුදලින් ලබා ගත් ආහාර මේ දියණිය කවන්නේ තමන්ගේ ආබාධිත පියාණන්ටයි.
මේ පුවත වර්ෂ 1912ට අයත්. මේ ඉන්නේ ජිම් තෝප්. ඇමෙරිකාවේ උපන් ඉන්දියානුවෙක්.
තමන් සහභාගී වන ඔලිම්පික් තරග ඉසව් පවත්වන දින උදෑසනින් ම ඔහුගේ ජවන පාවහන් යුවළ කිසිවකු විසින් සොරා ගෙන තිබුණා.
ඒත් ඔහු කොහොමටවත් පසුබට වුණේ නැහැ. එකිනෙකට කිසිසේත් නොගැළපෙන පාවහන් දෙකක් කසළ ගොඩකින් සොයා ගත් ඔහු ඒවා පැළඳ ගෙන තම තරග ඉසව් සඳහා සහභාගී වුණා.
එදා දවසේ ඔහු රන් පදක්කම් දෙකක් ම දිනා ගනිමින් ජයග්‍රාහකයකු වුණා.
No comments:
Post a Comment