සෑම වෛද්‍යවරයකු ම වෛද්‍ය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා සුදුසුකම් ඇති වෛද්‍යවරයකු ලෙසින් අධ්‍යාපනිකව පිළිගත් පසු “හිපොක්‍රටීස් දිවුරුම ලද යුතු ය.
වෛද්‍ය කටයුතු විද්‍යාත්මක පදනමකින් යුතුව ලෝකයේ මුලින් ම බිහි වී ඇත්තේ ග්‍රීසියේ ය. පූජකවරුන් ලෙසින් සිය අනාගතය ගෙවන්නට තීරණය නොකළ මිනිසුන් කණ්ඩායම් ලෙසින් සකස් වී මෙසේ ‘වෛද්‍යවරුන්’ ලෙසින් කටයුතු කරන්නට පටන් ගෙන ඇත.
හිපොක්‍රටීස් - “බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා”
මේ හැම දෙනා අතරින් වඩාත් ම සුප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ හිපොක්‍රටීස් ය. ඔහු හැඳින්වෙන්නේ “වෛද්‍ය විද්‍යාවේ පියා” ලෙසිනි. හිපොක්‍රටීස් ජීවත් වී ඇත්තේ අතීත ග්‍රීසියේයි. ග්‍රීසියේ ‘කොස්’ නම් ස්ථානයේ ක්‍රි.පූ. 460 දී උපත ලබා ඇති ඔහු මිය ගොස් ඇත්තේ ක්‍රි.පූ. 360 දී ය. ආසන්න වශයෙන් වසර අනූවක කාලයක් ඔහු සිය ජීවිතය ගෙවා ඇත.
හිපොක්‍රටීස් සහ ඔහුගේ ශිෂ්‍ය පිරිස තමන් කරනු ලබන වෛද්‍ය කටයුතුවල සටහන් තැබීම මනා පිළිවෙළක් ඇතිව සිදු කළහ. ඔවුන්ගේ ඇතැම් නිරීක්ෂණ අදටත් වලංගු තත්ත්වයේ පැවතීම අතිශය වැදගත් කරුණකි.
වෛද්‍යවරයකුගේ ‘චරිතය’ ගැන හිපොක්‍රටීස් දැඩි උනන්දුවක් දැක්වී ය. වෛද්‍යවරයකු කෙසේ විය යුතු ද, කෙසේ හැසිරිය යුතු ද යන්න ගැන ඔහු වඩාත් ඍජු අදහස් දැරී ය.
ඒ මත දැරීම් ‘හිපොක්‍රටීස් දිවුරුමට’ නෑකම් කියයි.
ඒ දිවුරුමෙන් අර්ථ දැක්වෙන්නේ මේ ආකාර ප්‍රකාශනයකි.
“මම මගේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයෙන් සිටිමි. මගේ හැසිරීම සහ විනිශ්චය මත මා අවධානය යොමු කරන්නේ මගෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ යහපත ගැනයි. හානිකර ලෙසත්, නුසුදුසු ලෙසත් හැසිරීමෙන් මම වැළකී සිටිමි.
මම ඔවුනට කිසිවිට ඔවුන්ගේ ජීවිතයට මරණය ළඟා කරන ඖෂධ ලබා නොදෙමි. රෝගීන් සම්බන්ධ කිසිදු කරුණක් මම බාහිර ලෝකයට අනාවරණය නොකරමි. මා බැඳී සිටින්නේ ඒ සියල්ල රහසක් සේ රැකීමටයි.”
No comments:
Post a Comment