සමනලයාගේ ජීවන චක්‍රය
සමනලයන් සහ සලබයන් යන සතුන් දෙවර්ගය ම සම්පූර්ණ රූපාන්තරණ ක්‍රිියාවලියක් තුළින් වර්ධනය වන අයයි.රූපාන්තරණයේදී සිදු වන්නේ කිසියම් නිශ්චිත මූලික අවස්ථාවක සිට අවසාන ප්‍රතිඵලය දක්වා වර්ධනය වීමයි.
රූපාන්තරණ ක්‍රියාවලිය හඳුන්වන්නේ “මෙටාමෝපොසිස්” ලෙසයි. මේ වචනය අපට ලැබී ඇත්තේ ග්‍රීක භාෂාවෙන්. මෙහි මූලික තේරුම වන්නේ වෙනස් වීම/පරිණාමය වීම එහෙමත් නැති නම් හැඩයේ වෙනස්කම් ඇති වීම යන්නයි.
කෘමි සතුන්ගේ රූපාන්තරණයේ ආකාර දෙකක් තියෙනවා.
තණකොළපෙත්තන්/රැහැයියන්/කූරන් හා කැරපොත්තන් හට ඇත්තේ අසම්පූර්ණ රූපාන්තරණ ක්‍රියාවලියක්. ඔවුන්ගේ කුඩා සතුන් පූර්ණ ලෙස වැඩුනු සතුන්ගේ රූපයට සමාන වුවත් ඔවුන්ට පියාපත් පිහිටන්නේ නැහැ.
සමනලයන්/සලබයන්/ කුරුමිණියන් /මැස්සන් හා මීමැස්සන් යන කෘමී වර්ග සම්පූර්ණ රූපාන්තරණ ක්‍රියාවලියකට හිමිකම් කියනවා. මේ සතුන්ගේ මූලික අවස්ථාව හඳුන්වන්නේ ‘කීටයන්’ ලෙසින්. මේ කීට අවස්ථාව සම්පූර්ණ වැඩුනු සතෙකුගේ ස්වරූපයෙන් පැහැදිලිව ම වෙනස් වෙනවා. මේ කුඩා වූවන් ආහාරයට ගන්නේත් වැඩිහිටි සතුන් ආහාරයට ගන්නා දේ නොවීමත් විශේෂයක්.
සමනල රූපාන්තරණය කොටස් හතරකින් සමන්විතයි.
බිත්තර ------> කීටයා -------> පිළවා -------> සමනලයා
බිත්තර
සමනල ගැහැනු සතා සිය බිත්තර දමන්නේ ශාක පත්‍ර මතයි. එම ශාක සහ ශාක පත්‍ර පසුව කීටයන්ගේ ආහාර බවට පත් වෙනවා.
බිත්තර දැමීම වසන්ත/ගිම්හාන සහ ඇතැම් විට වර්ෂාව පවතින කාලවලදී වුවත් සිදු විය හැකියි. එය රඳා පවතින්නේ සමනල වර්ගය මතයි. සමනල ගැහැනු සතා වරකට බිත්තර යම් ප්‍රමාණයක් දමනු ලබනවා. ඒ බිත්තර අතරින් යම් ප්‍රමාණයක් පමණයි විනාශ නොවී පවතින්නේ.
සමනල ගැහැනු සතාගේ බිත්තර ප්‍රමාණයෙන් ඉතා කුඩායි.
සමනල ගැහැනු සතාගේ බිත්තර
කීටයා
බිත්තරවලින් පිටතට එන ජීවි අවස්ථාව හඳුන්වන්නේ “කීටයා” නමින්. සමනල හා සලබයන්ගේ මෙම අවධිය “දළඹුවා” ලෙසින් ද හඳුන්වනවා.
කීට අවස්ථාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අධික ලෙස ආහාර ගැනීමයි. ආහාර කර ගන්නේ තමන් ජීවත් වන ශාකයේ පත්‍රයි.
කීටයා වැඩෙන විට සිරුරේ සම පුපුරා යන අතර හතර පස් වතාවක් ම ඒ සම ඉවත් කිරීම සිදු කරනු ලබනවා.
කීට අවස්ථාවේ තවත් විශේෂයක් වන්නේ ලබා ගන්නා ආහාරවලින් කොටසක් තමා වෙත ම ගබඩා කර ගැනීමයි. ඒ ආහාර, වැඩිහිටි අවස්ථාවේදී නැවත ප්‍රයෝජනයට ගැනීමයි.
කීට අවධියේදී කීටයා මුල් අවස්ථාවට වඩා සිය ගුණයකින් සිරුරු ප්‍රමාණයෙන් වැඩෙයි. උදාහරණයක් ලෙස ගතහොත් 'මොනාර්ච්' නම් සමනල වර්ගයේ ගැහැනු සතාගේ එක බිත්තරයක් අල්පෙනිති තුඩක් තරම් කුඩා වන අතර එයින් පිටතට එන කීටයා එතරම් විශාල එකකු නෙවෙයි. ඒත් සති කිහිපයක කාලයක් ඇතුළත ඒ කීටයා අඟල් දෙකක පමණ දිගකින් යුතුව දැකිය හැකියි.
කීටයා
පිළවා - ස්වරූපය වෙනස් වීමේ අවධිය
කීටයාගේ වැඩීම සම්පූර්ණ වූ පසු ආහාර ගැනීම නතර කරනවා. කීටයා සම්පූර්ණයෙන් වැඩුන පසු හඳුන්වන්නේ ”පිළවා” ලෙසින්.
පිළවා ශාකයේ අත්තක එල්ලී වැඩෙනවා. නැති නම් පත්‍ර අතරේ සැඟවී හෝ ඇතැම් විට පොළොවේ පස් අතරේ වැඩෙන්නට පුළුවන්. ඔවුන් වැඩෙන්නේ කෝෂයක් තුළයි.
පිළවා එම ස්වරූපයෙන් ම සති කිහිපයක කාලයක් පැවතිය හැකියි. ඇතැම් අවස්ථාවලදී එම කාලය මාසයක් හෝ ඊටත් වැඩි කාලයක් හෝ විය හැකියි. ඇතැම් වර්ගවල පිළවා ලෙසින් පැවතීමේ කාලය වසර දෙකක් පමණ වෙනවා.
පිළවාගේ ස්වභාවය පිටතින් එතරම් වෙනස්කම්වලට භාජනය නොවන බව පෙනුනත් ඇතුළතින් නම් විශාල විපර්යාස සිදු වෙනවා. සිරුරු අභ්‍යන්තරයේ ඇති සෛල ශීඝ්‍ර ලෙස වැඩෙන්නේ මේ අවධියේදීයි. එම සෛල වැඩුණු සමනලයකුගේ පාද, පියාපත්, අක්ෂි සහ වෙනත් කොටස් බවට වර්ධනය වෙනවා. කීට අවස්ථවේ සිය පැවති මූලික සෛල මෙම වර්ධනය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.
පිළවා - කෝෂයේ වැඩෙන අවස්ථාව
සමනලයා - සම්පූර්ණයෙන් වැඩුණු අවස්ථාව
සමනලයාගේ ‘වැඩිහිටි’ අවස්ථාව අදාළ ජීවන චක්‍රයේ අනෙක් හැම අවස්ථාවට ම වඩා පැහැදිලි වෙනස්කමක් පෙන්වයි. කීට අවස්ථාවේ තිබූ ඉතා කුඩා ඇස්, සමනල අවස්ථාවේදී ‘සංයුක්ත අක්ෂි’ බවට පත් වෙනවා. කීට අවස්ථාවේ තිබූ කොට පාද එසේ ම දිගින් අඩු ස්පර්ශක සියල්ල වෙනස් වී දිග පාද සහ දිගු ස්පර්ශක බවට පත් වෙනවා.
ඒ වගේ ම වැඩිහිටි සමනලුන්ට තම වර්ණවත් සහ විශාල පියාපත් භාවිත කරමින් තැනින් තැනට ඉගිල යා හැකියි.මේ තත්ත්වයට පත් වීමෙන් පසු තව දුරටත් සමනලුන්ගේ වර්ධනයක් සිදු වන්නේ නැහැ.
ඇතැම් සමනල් වර්ග මල් පැණිවලින් සිරුරුවලට ශක්තිය ලබා ගන්නවා.
වැඩුනු ගැහැනු සමනලුන්ගේ මූලික ම වගකීමක් වන්නේ තම වර්ගයා වර්ධනය කිරීම සඳහා බිත්තර දැමීමයි. ඔවුන් ශාකයෙන් ශාකයට පියඹා යමින් බිත්තර දැමීම සඳහා සුදුසු ම ස්ථානය තෝරා ගන්නවා.
බොහෝ වැඩිහිටි සමනලුන්ගේ ජීවිත කාලය සතියකට හෝ දෙකකට හෝ සීමා වෙනවා. ඇතැම් සමනල වර්ග ශිශිරතරණයේ (ශීත කාලයට ඔරොත්තු දෙන සේ හිඳීම) යෙදී මාස කිහිපයක් ජීවත් වන්නට වාසනාව ලබනවා.
සමනලයා - සම්පූර්ණයෙන් වැඩුණු අවස්ථාව

No comments:
Post a Comment