ළුෑණු ගෙඩියේ විස්මය
ළුෑණු සමාජයේ ප්රකටව පවතින්නේ ඉවුම්පිහුම් සඳහා පාදක වන සාධකයක් එහෙමත් නැති නම් උපකාරකයක් ලෙසිනි. එහෙත් ඉන් එහා ගිය ප්‍රබලතාවක් ළුෑණු ගෙඩියට අයත් වන බව දැන් සමාජගත වන කරුණක් බවට පත්වී ඇත.
ඔබේ පාදයේ යටි පතුල හා ස්පර්ශ වන සේ ළුෑණු ගෙඩියක කොටසක් තබාගත හැකි ද?
බැක්ටීරියා
වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව හත්දහසකට (7000) වඩා සියුම් ස්නායු ඔබේ පයේ යටි පතුල හා සම්බන්ධ වේ. එසේ ම ඒ ස්නායු මුළු සිරුර හා නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වයි. ඔබේ යටි පතුල හා ස්පර්ශ වන සේ ළුෑණු ගෙඩියකින් කොටසක් තබාගත හැකි නම් ඊට බොහෝ දේ කළ හැකි බව ඔබ නොදන්නවා ඇති.
එම ළුෑණු කොටසට ඔබේ මුළු සිරුර ම පිරිසිදු කළ හැකි බව දැන ගත් විට ඔබට දැනෙන්නේ පුදුමයක් විය හැකියි. ඔබේ සිරුරේ පැවතිය හැකි බැක්ටීරියා හා විෂබීජ එම ළුෑණු කොටස මගින් අවශෝෂණය (උරා ගැනීම) කර ගනියි. ළුෑණු කොටසට ඒ කටයුත්ත පහසු වන්නේ යටි පතුලේ ඇති හම බෙහෙවින් තුනී වන නිසා ය.
මේ වැදගත් මෙහෙය ළුෑණු කොටස ඔබ වෙනුවෙන් ඉටු කරන්නේ කුමන වේලාවක ද? එය සිදු වන්නේ ඔබ රාත්‍රී නින්දේ සුවය ලබන විටයි. එසේ වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා විය හැකියි. ඔබේ පයක මේස් වැනි ආවරණයක් පැළඳ ඒ ආවරණයත් යටි පතුලත් අතර ළුෑණු කොටස තබා ගැනීමෙන් කිසිදු හිරිහැරයකින් හා බාධාවකින් තොරව සියල්ල ඉවු කරගත හැකියි.
ළුෑණු වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ වාතයේ ඇති දුගඳ උරා ගෙන වාතය පිරිසිදුකරන්නට හැකි ද්‍රව්‍යයක් ලෙසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඒන්ජල්ස් හි හෝමියොපති වෛද්‍ය ලොරෙන් ෆෙඩර් ළුෑණුවල පවතින ඖෂධීය ගුණ ගැන ස්ථිර කොට ඇත. සිරුරේ උණුසුම ඇති කිරීම, මුත්‍රාශය/ පිත්තාශය වැනි ශරීර අභ්යන්ත්රයේ ඇති අවයවවල ඇති විය හැකි ආසාදන වැළැක්වීම, කන්වල සහ දත්වල ඇති වන වේදනා සමනය කිරීම වැනි ගූණාත්මක සාධක මෙහිදී ඉස්මතු කොට ඇත.
එහෙත් මතක තබාගත යුතු කරුණක් ඇත.
ශරීරයට වඩාත් ගුණදායී වන්නේ රසායන ද්‍රව්‍ය නොයොදා ගෙන වගා කළ ළුෑණු බවයි.
No comments:
Post a Comment