බිම්මල් අයිති වෙන්නේ “දිලීර” නම් වර්ගයටයි. සාමාන්‍යයෙන් අප “පුස් බැඳෙනවා” කියන්නේ කිසියම් ස්ථානයක් මත දිලීර වර්ධනය වීමක් දැකිය හැකි වූ විටයි.
පුස් ගැන අප තුළ ඇත්තේ අප්‍රසන්න හැඟීමක් වුවත් බිම්මල් කියන්නේ වර්තමානයේ සුපිරි වෙළඳ සැල්වල පවා දැකිය හැකි ආහාරයක්. හැම බිම්මල් වර්ගයක් ම ආහාරය සඳහා නොගන්නා බව දැනගත යුතුයි.
මේ සටහන සකස් වන්නේ බිම්මල් සම්බන්ධයෙන් කොට ඇති නවතම සොයා ගැනීමක් ගැන ඔබවත් දැනුම්වත් කරන්නටයි.
බිම්මල් එකිනෙක හා කතා කරන බව - යම් තොරතුරු හුවාමරු කර ගන්නා බව - තව දුරටත් කියනවා නම් සන්නිවේදන කටයුතු සිදු කරන බව දැන් විද්‍යාඥයන් සොයා ගෙන අවසන්.
මේ සන්නිවේදන කටයුතු සිදු කරනු ලබන ‘භාෂාවට’ වචන පණහක් පමණ ඇති බවත් නිරාවරණය කොට ගෙන තියෙනවා. අප ‘වචන’ ලෙසින් හැඳින්වූවාට මිනිසුන් භාවිත කරන වචනවලට සමාන කරන්නට නම් බැහැ.
මෙහිදී සිදු වන්නේ යම් ආකාරයක විද්‍යුතයක් භාවිතයෙන් සියුම් ජාලයක් අතරින් අදාළ අවශ්‍යතාව සන්නිවේදනය වීමයි. මෙහිදී මූලික වන ‘පණිවිඩ ගෙන යන’ සියුම් ජාලය හඳුන්වන්නේ “මයිසීලියම් ජාලය” ලෙසින්.
මයිසීලියම් ජාලය අදාළ දිලීර මුල් සියල්ල එකිනෙකට සම්බන්ධ කරන විසිරී පවත්නා ව්‍යුහයක්. මෙම මයිසීලියම් ව්‍යූහය ජලය සහ ශාක පෝෂණ ද්‍රව්‍ය විශාල වශයෙන් උරා ගන්නවා. එසේ ම අදාළ ශාක පද්ධති සඳහා අවශ්‍ය මූල ද්‍රව්‍යයනුත් පසෙන් උරා ගන්නවා. විශේෂයෙන් ම පොස්පරස්, මැන්ගනීස් සහ කොපර් (තඹ) එයින් ප්‍රධාන තැනක් ගන්නවා.
මයිසීලියම් ජාලය තවත් සියුම් ‘දිලීරක මූල‘ ලෙසින් හඳුන්වන කොටස් හා සම්බන්ධයි. මේ දිලීරක මූලවලට විවිධ කුලවල දිලීරයන් එකිනෙක හා සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ දිලිරක මූල විවිධ දිලීර අතර සන්නිවේදන සම්බන්ධය රැක ගනිමින් දිලීරවල විවිධ පෝෂණ අවශ්‍යතා සපයා ගැනීමට ඒ දිලීරවලට උපකාර වෙනවා.
මයිසීලියම් ජාලයට අසාමාන්‍ය ලෙසට ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා. දිලීර වර්ධනයේ අවශ්‍යතාව අනුව කිලෝමිටර විශාල ප්‍රමාණයක දිගක් කුඩා ඉඩකඩක් තුළ වුවත් පැවතිය හැකියි.
සොයා ගෙන ඇති තොරතුරවලට අනුව පස් කිලෝග්‍රෑමයක පැතිර පවත්නා දිලීර සූත්රකාවල දිග කිලෝමීටර දෙසියයක් වෙනවා.
(අන්තර්ජාලයේ විදු තොරතුරු ඇසුරෙනි.)
No comments:
Post a Comment